Author: LFN

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක් තොග අතර සඟවා තිබූ කිලෝ 170කට ආසන්න ප්‍රමාණයෙන් බරැති කළු ගලක් සොයා ගැනීම සහ විවිධ පාර්ශ්ව විසින් නගන චෝදනා පිළිබඳව සොයා බැලීමට මොණරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා ඊයේ (01) එම කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා මතුව ඇති ගැටළු පිළිබඳව එම පාර්ශ්වයන් සමග සාකච්ඡාවකද නිරත විය. මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විවිධ පාර්ශ්ව සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවලීන් හේතුවෙන් සීනි කර්මාන්තය බිඳ වැටීමට වත්මන් රජය ඉඩ නොදෙන බවත්, අවංකව ක්‍රියා කරන සේවකයින්, ගොවි මහතුන් රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රජය විසින් ගන්නා බවත්ය. එමෙන්ම මෙහි ප්‍රධාන ක්‍රියාවලිය වන…

Read More

උතුරු, උතුරු-මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (2) ප.ව. 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එමෙන්ම එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එහි දැක්වේ. ඊට අමතරව බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ගල්කිස්ස පොලිස් වසමේ අරලිය නිවාස ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ. ඊයේ (01) සවස් කාලයේදී මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා බරපතළ තුවාල සහිතව ලුනාව රෝහලට ඇතුලත් කර තිබුණි. ගල්කිස්ස පොලීසිය සඳහන් කළේ, තුවාලකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ලුනාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවත් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුලත් කෙරුණු බවත් ය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 28 ක් වූ අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු…

Read More

බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පෙන්වා දෙන්නේ, බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන් කිරීමේ හැකියාව පවතින බවය. මේ පිළිබඳ තවදුරටත් අදහස් දැක් වූ පුලින රණසිංහ මහතා, “බිත්තර කටුව සම්පූර්ණයෙන්ම ආවරණය වූ එකක් නෙමෙයි. ඉතා සියුම් සිදුරු සහිතව තිබෙන්නේ. මේ නිසා බිත්තර සෝදනවිට ඒ මතුපිට තිබෙන කුණු, දූවිලි සහ සතුන්ගේ අසූචි ජලයේ දියවෙලා බිත්තරය ඇතුළට ගමන්කරන්න පුළුවන්. බිත්තරය ඇතුලේ ප්‍රෝටීන් බහුල මාධ්‍යක් තියෙන්නේ. ඒකට ක්ෂුද්‍ර ජීවීන් වැටුණොත්, කඩිනමින් ඒක වර්ධනය වෙලා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බිත්තර සේදුවාට පසු ගබඩාකර තබාගන්න…

Read More

මෙරට වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ මුදලක් අය කිරීමට නීති සකස්කරමින් පවතින බව වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසුවේ දිවයින පුරා මෙවැනි අනවසර ඉදිකිරීම් 2500 කට අධික ප්‍රමාණයක් පවතින බවට හඳුනාගෙන ඇති බවය. “පසුගිය වසර 10ක් හෝ 15ක් තුළ විශාල වශයෙන් වෙරළ කලාප තුළ අනවසර ඉදිකිරීම් සිදුකරලා තියෙනවා. අපි සමහර ඒවා කඩා දමනවා. ඇතැම් ඒවාට වාර්ෂිකව ඉතා වැඩි දඩයකට යටත් කරනවා. මේ අවිධිමත්භාවය විධිමත් භාවයට පත් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු කරනවා.”

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ මෙම තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය පිළිගන්නා බවය. ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධව රජයට සහ සාකච්ඡා කණ්ඩායමට ප්‍රසංශා කරන බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

Read More

ලොව “වයස්ගතවම උපන් බිළිඳා” එක්සත් ජනපදයේ උපත ලබා තිබේ. 2025 ජූලි 26 වන දින ලෝකයට පිවිසි තැඩියස් ඩැනියෙල් පියර්ස් උපත ලැබුවේ වසර 30 කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කලලයකිනි. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම කලලය නිර්මාණය කරන ලද්දේ 1994 දී ය. කලලය 1994 සිට එක්සත් ජනපදයේ ඔහායෝ හි ජීවත් වන ලින්ඩ්සේ සහ ටිම් පියර්ස් විසින් දරුකමට හදා ගැනීමට ඡීව විද්‍යාත්මක මවගෙන් ලබා ගෙන ඇත. ඒ අනුව 2024 නොවැම්බර් මාසයේදී ලින්ඩ්සේගේ ගර්භාෂයට කලලය මාරු කර ඇත. දරුවාගේ ජීව විද්‍යාත්මක මව සහ පියා 1990 ගණන්වලදී IVF ප්‍රතිකාර ලබා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි ඇප මත මුදා හැර තිබේ. මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමෙන් අනතුරුව අධිකරණය මගින් සැකකරු අද දින (01) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. ඒ අනුව ධනුෂ්ක වීරක්කොඩි අද දින නැවතත් එම නඩු කටයුත්ත සඳහා කළුතර මල්වත්ත බන්ධනාගාරයේ සිට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය. මෙම අධිකරණ කටයුත්තටම පෙනී සිටීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝසමක් මගින් ඇප ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාද අද දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේය. එහිදී රෝහිත අබේගුණවර්ධන මහතාගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මහතාට ලක්ෂ…

Read More

රුපියල් මිලියන 289කට අධික ආදායම් බදු නොගෙවීම හේතුවෙන් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ. 2022 හා 2023 වර්ෂවලට අදාළව ඇය මෙලෙස ආදායම් බදු ගෙවීම පැහැරහැර ඇති බව සඳහන් ය. එමෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන විරංජිත් තාඹුගල නමැත්තාද එම වර්ෂ දෙකට අදාළව ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබේ. බදු අපරාධ වැරදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ ඊයේ කැඳවනු ලැබීය. එහිදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ, රජයට බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් පියුමි…

Read More

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි. ඊයේ (31) දහවල් කාලයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශයේදී සැකකරුගේ නිවසේ තිබී අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක කිහිපයක් සොයාගෙන ඇත. ඒ අනුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සොරබඩු ළග තබාගෙන සිටි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 41ක් හා 64ක් වන සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 18ක්, ලැප්ටොප් පරිගණක 02ක්, ටැබ් යන්ත්‍ර 01ක්, පොලිෂර් යන්ත්‍රයක්, ග්‍රයින්ඩර් 05ක්, ග්‍රිල් යන්ත්‍ර 03ක් ඇතුළු භාණ්ඩ සොයාගෙන ඇත. කොළඹ…

Read More