Author: LFN

යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගනී යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත 2025 ජුලි මස 31 වන දින අළුයම, නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී යාපනය මරදන්කේණි, වත්තිරායන් ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස මෙරටට ප්‍රවාහනය කල රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝග්‍රෑම් 108ක ප්‍රමාණයක් ( පාර්සල් 54), අත්අඩංගුවට ගෙන ඇත. ඉදිරි පරීක්ෂණ කටයුතු මරදන්කේණි පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබයි

Read More

නව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පිළිගැනීමේ චාරිත්‍රනුකූල නිල උත්සවය අද (31) ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේදී පැවැත් විය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්, මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ද මෙම උත්සවයට සහභාගි විය. මෙම චාරිත්‍රානුකූල නිල උත්සවයේදී සිය ප්‍රකාශය සිදුකළ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මහජන විශ්වාසය වර්ධනය වන ආකාරයට අධිකරණ ක්‍රියාදාමය නගා සිටුවීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය. නඩු කටයුතු වේගවත් කිරීම මෙන්ම අධිකරණ පද්ධතිය තුළ ඵලදායි සේවාවක් මහජනතාව වෙත ලබාදීම සඳහා අධිකරණ කටයුතු ඩිජිටල් කරණය කිරීම වේගවත් කරන බවත් ඔහු කියා පැවසීය.

Read More

පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළායාමේ සිදුවීමක් සම්බන්ධයෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේ සැරයන්වරයෙකුගේ සහ කොස්තාපල්වරයෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවය. අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා රත්නපුර පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි. පොලිස් සිර මැදිරියේ සිටි සැකකරු ඊයේ (30) දිනයේ වැසිකිලි යාමට අවශ්‍ය බව පවසා ඇති අතර සිරමැදිරියේ දොර විවෘත කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බව වාර්තා ‍වේ. අදාළ සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු පසුගියදා පානදුර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම් කිහිපයකට…

Read More

කොස්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමන දුරින් කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසල ගඟට පෙරලා දමා තිබිය දී මෙම යතුරුපැදිය සොයා ගත් බව පොලීසිය පවසයි. අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේය. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වේ. ටී 56 ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිත කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ. කොස්ගොඩ පොලීසිය…

Read More

සංචාරක කටයුතු සඳහා මාලදිවයිනට යන මෙරට පුරවැසියන්ට නොමිලේ දින 90ක් සඳහා on-arrival සංචාරක වීසා බලපත්‍ර නිකුත් කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මාලදිවයින් සංචාරයට සමගාමීව මෙම තීරණය ගෙන තිබෙන බවය. ඒ අනුව මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීම පසුගිය (29) සිට ක්‍රියාත්මකය. එම වීසා ලබා ගැනීම සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබීම සහ මාලදිවයිනේ රැඳී සිටින කාලය තුළ සිය වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් තමන් සන්තකයේ ඇති බවට සනාථ කිරීම පමණක් අවශ්‍ය වේ. මාලදිවයින් ජනරජය සහ ශ්‍රී ලංකාව අතරවන වීසා පහසුකම් සැපයීම පිළිබඳ ගිවිසුමේ විධිවිධාන සහ මාලදිවයිනේ ආගමන…

Read More

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබේ. අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාල සේවා දිගුව ලබා දී ඇත. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරන වත්මන් යුද හමුදාපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වැනි යුද හමුදාපතිවරයා ලෙස එම ධුරයේ රාජකාරී ආරම්භ කළේය. යුද හමුදාපති ධුරයේ රාජකාරී භාර ගැනීමට ප්‍රථම ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය හෙඹවීය. කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා වර්ෂ 1989 ජනවාරී මස…

Read More

BYD ATTO 3 ඇටෝ ත්‍රී වර්ගයේ මෝටර් රථ දහසක් පමණ හම්බන්තොට වරායෙන් නිදහස් නොකර තබාගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමුවිය. කෙසේ වෙතත් අදාළ මෝටර් රථවල එකම බලයලත් බෙදාහැරීමේ ආයතනය වන ජෝන් කීල්ස් සමාගම පවසන්නේ, ඔවුන්ගේ සියලුම වාහන දේශීය නීති රෙගුලාසිවලට අනුකූල බවට සහතික කරන බවය. මේ අතර CROSS BORDER ණයවර ලිපි විවෘත කරමින් කොන්දේසි සපුරා නොමැතිව ආනයනය කළ රථවාහන ප්‍රතිඅපනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් දිලිප් සිල්වා මහතා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කළේය. CROSS BOARDER LC හෙවත් දේශසීමා ණයවර ලිපි විවෘත කර ආනයනය කරන ලද රථවාහන 500කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට…

Read More

වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් ත්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඊයේ (30) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ නඩු විභාගය පැවැත්විය. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සතොස හිටපු මූල්‍ය ප්‍රධානී නිමේෂා සංජීවනි මහත්මියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර තිබේ. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝම්බර් මස 16 වනදා දක්වා කල් තබා ඇත. 2010 වසරේ සිට 2014 වසර…

Read More

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව නිවේදනයේ සඳහන් වේ. දකුණු පළාතේ විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින්…

Read More

කොස්ගොඩ ප්‍රදේශයේ සිදුව වෙඩිත තැබීමකින් තරුණයෙකු මියගොස් තිබේ. අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේය. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වේ. ටී 56 ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිත කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ. කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑ මධ්‍යස්ථානයක හිමිකරුවෙකුගේ පුත්‍රයා වන අරුත් මැන්ඩිස් යන තරුණයා බවට වාර්තාවේ.

Read More