Author: LFN

මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණියේය. පසුගිය 28 වනද ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූයේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු (Dr. Mohamed Muizzu) මහතාගේ ආරාධනයකට අනුවය. මෙම රාජ්‍ය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වීය. මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසු‍මක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු…

Read More

දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමටත්, අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000ක් ලියාපදිංචි කිරීමටත් අනුමැතිය ලැබී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. තැපැල් දෙපාර්තමේන්තුවේ තිබෙන පොදු ප්‍රශ්නයක් වන සේවක හිඟය සහ ප්‍රවාහන ගැටළු නිරාකරණය කිරීම සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවද එහිදී අමාත්‍යවරයා පවසා තිබේ. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම අදහස් පළ කළේය. නිරික්ෂණයෙන් අනතුරුව මධ්‍යම තැපැල් හුවමාරුවේ වත්මන් කටයුතු, ඉදිරි පියවර සහ පවතින ගැටළු පිළිබඳ නිලධාරීන් සහ සේවක මණ්ඩලය සමග ද අමාත්‍යවරයා…

Read More

මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත්කර තිබෙන හබයාස් ‘කෝපුස් නඩුකරයට’ අදාළව සාක්ෂි ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) දැනුම් දුන්නේය. මෙම කරුණට අදාළ අභියාචනා පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම දැනුම්දීම සිදුකළේය. කෙසේ වෙතත් පවතින ආරක්ෂක හේතූන් මත තම සේවා දායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත්, කොළඹ අධිකරණයක ඒ සඳහා සූදානම් බවත් නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය. එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥ…

Read More

ආනයනය කරන ලද වාහන රේගු භාරයේ රඳවා තබා ගැනීම පිළිබඳ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී අවධානය යොමු විය. ඒ, එම සභාව එහි සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වූ අවස්ථාවේදීය. එහිදී අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, මේ චෝදනාව ගේන්නේ ලංකාවේ තියෙන ප්‍රධානම ආයතනයට විරුද්ධව. එතකොට දැන් මේක සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එකේ ලොකු ආර්ටිකල් එකක් හැටියට ගිහිල්ලා තිබුණා. මම ඒක කියෙව්වා. ඒ සවුත් චයිනා මෝර්නින් පෝස්ට් එකේ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. සමහර රටවල්වල ඒ තියෙන නිසා, සිංගප්පූරුවේ, නේපාලයේ, ලංකාවේ ඒ ටැක්ස් ටච්චස් තියෙන නිසා, ටැක්ස් එක අඩු කරන විදියට තමයි ඒගොල්ලෝ…

Read More

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය අද (30) ආරම්භ වෙයි. ඒ අනුව ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රි 7.05ට යෙදෙන සුබ මොහොතින් වීථි සංචාරය කිරීමට නියමිතය. පෙරහැර මංගල්‍යයට කප් සිටුවීමෙන් අනතුරුව නාථ, පත්තිනි, විෂ්ණු, කතරගම යන සිව්මහා දේවාලයන්හි අභ්‍යන්තර පෙරහර පැවැති අතර එහි 5 වැනි පෙරහැර එනම් අවසන් අභ්‍යන්තර පෙරහැර ඊයේ රාත්‍රී විථී සංචාරය කළේය. අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව බෞද්ධ සැදැහැවතුන්ගේ මුදුන් මල්කඩ වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කෙරේ. ඒ වෙනුවෙන් මේවනවිටත් සියලුම කටයුතු සංවිධානය කර අවසන්ය. පෙරහැර නැරඹීමට පැමිණෙන ජනතාවගේ…

Read More

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය තමර කළුබෝවිල මහතා පත්කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වෛද්‍ය තමර කළුබෝවිල මහතා වෙත බාරදෙනු ලැබීය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හදාරා ඇති වෛද්‍ය තමර කළුබෝවිල මහතා 1986 වසරේ දී කොළඹ වෛද්‍ය පීඨයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියට පිවිස ඇත. පානදුර රෝහලෙන් වෛද්‍යවරයකු ලෙස රාජකාරී දිවිය ආරම්භ කළ කළුබෝවිල මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මාතෘ හා ළමා වෛද්‍ය නිලධාරී, වසංගත රෝග වෛද්‍ය නිලධාරී, ආයතන භාර වෛද්‍ය නිලධාරී ආදී වශයෙන් තනතුරු රැසක සේවයෙන් පසු හොරණ රෝහලේ…

Read More

ආසන පටි නීතිය ඉදිරියේදී දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් ඔහු සඳහන් කර සිටියේ, එම නීතිය අනුගමනය නොකරන බස්රථවල බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බවය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “2,350 මැරෙනවා අවුරුද්දකට. තව 6,000 විතර මාරාන්තික තුවාල ලබනවා. ඒක නිසා 2025 සහ 2026 අවුරුද්දට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා රෝඩ් සේෆ්ට් ප්ලෑන් එකක්. ඒ යටතේ, සීට් බෙල්ට් ප්ලෑන් එකක් impose කරන්න. කොහොමත් අපි ගැසට් එක ගහනවා. දැනුත් impose කරලා තියෙන්නේ 2011 අවුරුද්දෙ ඉඳන්. කවුරුත් ගණන් ගන්නෙ නෑ. හයිවේ යනවා සීට් බෙල්ට් දාන්නෙ…

Read More

ජූලි මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (30) දිනයේ අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දී තිබේ. ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිතය. අදාළ ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකිය.

Read More

ලිඳුල, මෙරායා ඌවකැලේ වත්තේ ඉහළ කොටස ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු සහ පිටුපස අසුනේ ගමන්ගත් තරුණයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන් අතරින් එක් අයෙකුගේ සුසුම්නාවට හානි සිදුවීම හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. ත්‍රිරෝද රථ රියදුරු සහ පිටුපස ගමන්ගත් ඔහුගේ මිතුරන් අධික ලෙස බීමත්ව සිටි බවත් වේගය පාලනය කරගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් අනාවරණය වී තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය නීතිඥවරයෙකුගේ මාර්ගයෙන් අද (30) උදෑසන වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත භාරවී තිබේ. ඒ, ආන්දෝලනාත්මක ජීප්රථ ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. ව්‍යාජ දත්ත ඇතුළත්කොට ලියාපදිංචි කරන ලද ජීප් රථයක් පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මීට මාස 4කට පමණ ඉහත සිට විමර්ශනයක් ආරම්භ කර තිබුණි. එම රථය මතුගම නගරයේ ධාවනය කරමින් ඇති බවට ලද තොරතුරකට අනුව පසුගිය ජූලි 19 වෙනිදා පස්වරුවේ එම ප්‍රදේශයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය අදාළ ජීප් රථය සමග එය පැදවූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ…

Read More