Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම යළිත් තහවුරු කරයි
    Featured

    මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම යළිත් තහවුරු කරයි

    By LFNAugust 4, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වාදෙන්නේ දේශපාලනඥයින්ට ලබාදෙන වරප්‍රසාද අඩු කිරීම වත්මන් රජයේ මූලික අරමුණක් බවයි.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සාමාජිකයෙකු වූ නන්දන ගුණතිලක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

    මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නන්දන ගුණතිලක මහතා පසුගිය (02) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

    එමගින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් පූර්ණ කාලීනව දේශපාලනයට යොමුවීම හේතුවෙන් සිය රැකියාව ද අහිමිවූ අතර මෙම තත්ත්වය තුළ විශ්‍රාම වැටුප අහෝසි කළහොත් තමාට ජීවත්වීමට ආදායම් මාර්ගයක් නොමැති බවය.

    එම නිසා එවැනි යෝජනාවක් සම්මත කරගත හොත්, එය සම්මත කරන පිරිස්වලට විපාක විඳීමට සිදුවනු ඇති බවට ඔහු සිය ෆේස්බුක් ගිණුමේ තර්ජනාත්මක ප්‍රකාශයක් පළ කර තිබුණි.

    අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා.,

    “ජනාධිපතිවරණයට කලිනුත් කිව්වා, මහ මැතිවරණයට කලිනුත් කිව්වා. ජීවත්වෙන්න දේශපාලනය කරන්න නෙමෙයි රටක් තියෙන්න ඕනේ. ලෝකේ කොහෙවත් මෙහෙම පහසුකම් නෑ. ජනාධිපතිවරු විශ්‍රාම ගියාම ඒ ජනාධිපතිවරු නඩත්තු කරන්න ඇයි තවදුරටත් ජනතාවට භාර දෙන්නේ. ජනතාවට බරක් වෙන්න. රටේ ජනතාවට තියා ගන්න බැරුව උතුරලා ගිහිල්ලා නෑ. තවමත් අපේ රටේ මිනිස්සු අන්ත දුක්විදින ප්‍රදේශ තියෙනවා. ඒ නිසා මේ ජනතා මුදලින් නඩත්තුකරන ඒක අපි නවත්වනවා. ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ඒ වෙනුවෙන් හදාගත්ත නීති වෙනස් කරනවා. මන්ත්‍රී විශ්‍රාම වැටුපත් අපි අහෝසි කරලා දානවා. ජනතාවට තියෙන කාලෙට මේ අයටත් හම්බෙයි. නැතුව තම තමන්ට පනත් හදාගෙන ජනතාවට බර පටවන එක සාධාරණ නෑ. අපි ඒක ඡන්දෙට කලිනුත් කිව්වා අපි ඒක ක්‍රියාත්මක කරනවා. ”

    “දේශපාලනය තමන්ගේ ජීවත්වෙන මාර්ගය කරගන්වා නම්, ඒ දේශපාලනය අපි ප්‍රතික්ෂේප කරපු ව්‍යාපාරයක්. ඒ නිසා කාටහරි මරාගෙන මැරෙන්න දෙයක් නෑ. එක නැතුව ජීවත් වෙන විදියක් නැතිනම් අපි අස්වැසුම දෙන්නම්. අස්වැසුමට ලියන්න. අස්වැසුමක් හදාගත්ත හැකියි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.