Author: LFN

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකු වන බව කියන දිසානායකගේ දේවාන්මිණි දිසානායක නොහොත් ගම්පහ දේවා නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ. අද උදෑසන 81.10ට පමණ තායිලන්තය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුදු 39ක් වූ ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ප්‍රදේශය පුරා සිදුවූ මිනීමැරුම් සහ අපරාධ රැසකට මොහු සම්බන්ධ අයෙකු බවද පොලීසිය පැවසීය. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොළඹ උතුරු අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Read More

බීමත්ව රිය ධාවනය කළ ලංගම බස් රථයේ රියදුරු නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බස් රථය වැලිමඩ සිට නුවරඑලිය හරහා ධාවනය වී ඇති අතර පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කිරීමේ දී රියදුරු අධික ලෙස බීමත්ව සිට ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව මොහුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් බස් රථයේ විශාල මගීන් ප්‍රමාණයක් සිටි බව පොලීසිය සඳහන් කළේය. අදාල බස් රථය නුවරඑලිය පොලිසිය වෙත රැගෙනවිත් පරික්ෂා කර ඇති අතර එහිදී රියදුරු අසුන පිටුපස තිබී නීතිවිරෝධි මත්පැන් සහිත කෑන් එකක් ද පොලිස් නිලධාරින් විසින් සොයා ගෙන ඇත. පොලිසිය සැකපල කරන්නේ මෙම රියදුරා බස් රථය ධාවනය කරන අවස්ථාවේ…

Read More

2025 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුව ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 76ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (03) උදෑසන මාතර කපුගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියත් සමගිනි. මෙම වෙඩි තැබීමේ සිදුවීම්වලින් මේ දක්වා පුද්ගලයින් 41 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර තවත් පුද්ගලයින් 43 දෙනෙකු තුවාල ලබා තිබේ. මේ අතර ත්‍රිකුණාමලය තුනේ කණුව ප්‍රදේශයේදී අද අලුයම 03ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබේ. එහිදී එක් අයෙකු විසින් අනෙකාට ගලකින් පහරදීම හේතුවෙන් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පහරදීමෙන් මියගොස් ඇත්තේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර පහරදීමට සම්බන්ධ පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජූලි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවලට අනුව ජූලි මාසයේදී සංචාරකයින් 200,244 ක් මෙරටට පැමිණ ඇති බවය. මෙය පසුගිය වසරේ ජූලි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 37,128ක් පැමිණ ඇති අතර එය 18.5% කි. තවද, එක්සත් රාජධානියෙන් 23,475ක්, නෙදර්ලන්තයෙන් 15,556 ක්, චීනයෙන් 12,982ක් සහ ප්‍රංශ ජාතිකයින් 11,059ක් ද ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ජුලි 31 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,368,288කි. ඒ අතරින් සංචාරකයින්…

Read More

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ( Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස පියවර කිහිපයක් ගෙන ඇති බවය. ඒ අනුව පළමුව කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර තිබේ. 2021 වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබා ගෙන…

Read More

සංචාරක වීසා මත පැමිණි ඊශ්‍රායල් ජාතිකයින් අරුගම්බේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් එල්ලකරන බව එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින් පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසන්නේ, සංචාරක වීසා මත පැමිණ මෙරට ව්‍යාපාර කළ විදේශිකයින් රැසකට එරෙහිව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවය. මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ඊශ්‍රායල් ජාතිකයින්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව අන්තර්ජාතික ඩී.ජේ ශිල්පියෙකු ද සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකර තිබුණි. මේ චෝදනාව එල්ල වන්නේ මෙරට සංචාරයකට පැමිණි අන්තර්ජාතික DJ ශිල්පියෙක් වූ ටොම් මොනගල්ගෙන්. ඔහු සඳහන් කරන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කළ තමාට ඊශ්‍රායයේ ටෙල්අවිව් අගනුවරට පැමිණියා හා සමාන අත්දැකීමක් ලැබූ බවය. ආරුගම්බේ ප්‍රදේශය පුරා ඊශ්‍රායල්…

Read More

සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින්ට මෙරටදී ස්වයං ප්‍රවාහන පහසුව සලසා ගැනීම සඳහා අවශ්‍ය රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ කවුළුවක් අද (03) දින සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරීශ්‍රයෙහි ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ මෙතෙක් එම කටයුතු සිදුකරන ලද්දේ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වුවත් සංචාරකයින්ගේ පහසුව පිණිස අද දින සිට මෙම කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පරීශ්‍රයේ ආරම්භ කරන බවය. මෙරටට සංචාරය සඳහා පැමිණෙන විදේශිකයින් බොහෝ විට කටුනායක ගුවන් තොටුපොළ හෝ ඊට ආසන්න ස්ථානවලින් වාහන කුලී පදනම මත ලබා ගෙන ඔවුන්ම රියදුරන් සේ කටයුතු කරමින් සිය සංචාරවල නිරත බවන බවත් මේ…

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන් මෙරට විසිතුන් දහසකට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවල මුළුමනින්ම ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ ගැටලු ගණනාවක් මතුව ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වෙමින් පවතින බවත්ය. මෙම ස්ථන මාරු ක්‍රියාපටිපාටීන් ආයතන සංග්‍රහයේ පැහැදිළිව දක්වා ඇතැයිද පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා ඒකකය විසින් අත්තනෝමතික ලෙස මෙම කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලු මේ වන විට මතුව ඇති බවය. මේ හේතුවෙන් මෙරට වෛද්‍යවරුන් 23,000කගේ පමණ ස්ථාන මාරුවීම්…

Read More

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට විසින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදීය. එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112ක් සහග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read More

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය. සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි. කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළේය. පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වෙයි. අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.

Read More