Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බොරැල්ල කැලඹූ වෙඩි වරුසාව ගැන තවත් තොරතුරු රැසක්
    Featured

    බොරැල්ල කැලඹූ වෙඩි වරුසාව ගැන තවත් තොරතුරු රැසක්

    By LFNAugust 8, 2025No Comments2 Mins Read197 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බොරැල්ල සිරිසර උයන ක්‍රීඩාංගණයේදී සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය තරුණයා ‘කුඩු චතූ’ නැමැත්තාගේ පාර්ශවයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට පොලීසියට තොරතුරු අනාවරණය වී තිබේ.

    එමෙන්ම වෙඩි ප්‍රහාරය ‘කුඩු දුමින්ද’ගේ පාර්ශවයෙන් එල්ල කර ඇතැයි ද පොලීසියට සඳහන් කළේය.

    වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ 23න් හැවිරිදි තරුණයා සුරේෂ් මදුෂාන් නොහොත් ‘පකඩයා’ නම් කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු ‘කුඩු චතූ’ නැමැත්තාගේ මත්කඩු ජාලයේ අයෙක් බවත් මීට දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිට පැමිණ සිටි බවත් පොලීසිය පැවසීය.

    තුවාල ලැබූ සෙසු පිරිස බොරැල්ල, සිරිසර උයන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 21ත් 23ත් අතර පසුවන්නන්ය.

    විදෙස්ගතව සැඟව සිටින ‘කුඩු චතූ’ නැමැත්තාගේ සහෝදරයා සිරිසර උයන ක්‍රීඩාංගණයේ අද (08) පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගයක සංවිධාන කටයුතු සඳහා මෙම තරුණයින් සමඟ ඊයේ රාත්‍රියේ අදාළ ස්ථානයට පැමිණ ඇති බව පොලීසිය පැවසුවේය.

    වෙඩිකරු පැමිණි යතුරුපැදිය පැදවූ පුද්ගලයා මේවන විටත් හඳුනාගෙන ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

    මේ අතර, ප්‍රහාරය සඳහා වෙඩික්කරුවා යතුරුපැදියකින් පැමිණෙන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද අද දෙරණට ලැබී තිබේ.

    ඊයේ (07) රාත්‍රී 8.40ට පමණ සිදුවු මෙම වෙඩි තැබීමෙන් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙක් තුවාල ලැබීය.

    ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

    T-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 26ක් පමණ එල්ලකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    තරුණයන් පස්දෙනෙක් වෙඩිවැදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙක් බරපතළ තත්ත්වයේ පසුවේ.

    සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය හා කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශය ඇතුළු කණ්ඩායම් විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.