Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් බිලියනයක් වටින කුෂ් කිලෝ 10ක් සමග දෙදෙනෙක් STF අත්අඩංගුවට
    Featured

    රුපියල් බිලියනයක් වටින කුෂ් කිලෝ 10ක් සමග දෙදෙනෙක් STF අත්අඩංගුවට

    By LFNAugust 8, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් බිලියනයකට වඩා වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 6 වෙනිදා සවස් කාලයේ ගොතටුව පොලිස් වසමේ මානිගමුල්ල ප්‍රදේශයේ දී හා කඩුවෙල දක්ෂිණ අධිවේගී පිවිසුම අසලදී පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර තිබුණි.

    එහෙදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 154ක්, ජංගම දුරකථනයක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂයක මුදලක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අතර, තවත් සැකකරුවෙක් කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 106ක්, කාර් රථයක් හා ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 150,000ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන ගොතටුව පොලීසියට ඉදිරිපත් කර ඇත.

    එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 35ක් හා 64ක් වන ගොතටුව හා කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

    මෙහි එක් සැකකරුවෙකු 2021 වර්ෂයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන අවුරුදු 01 යි මාස 08ක් රැඳවුම් නියෝග මත සිට, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් නිදෝස්කොට නිදහස් කර ඇති අයෙක් බවට අනාවරණය වී තිබේ.

    මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයෙකුගේ ඉඩම් බලාගන්නෙකු ලෙසද සේවය කර ඇති බවට ද තොරතුරු ලැබී ඇත.

    දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ප්‍රධාන ගොලයෙක් වන ‘චප්පා’ නැමති අයගෙන් මෙම මත්ද්‍රව්‍ය ලබාගත් බවට අණාවරණය වී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.