Author: LFN

ග්ලයිෆොසේට් සඳහා රජය විසින් පනවා තිබූ තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට අදාළව ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ග්ලයිෆොසෙට් තහනම තවදුරටත් පවත්වාගෙන යා යුතුද? නැද්ද? යන්න පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂිවිද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කළ විමසීම් ගණනාවකින් අනතුරුව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ. පළමුවරට 2015 දී මෙරට ග්ලයිෆොසෙට් තහනම් කරන ලද්දේ වල් මර්දනය සඳහා කිසිදු විකල්ප වැඩ පිළිවෙළක් හඳුන්වා නොදෙමිනි. ඉන් අනතුරුව 2018 දී තේ හා රබර් සඳහා ග්ලයිෆොසෙට් යෙදීම තහනම්…

Read More

අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් කොළඹ වරාය වෙත පැමිණ තිබේ. මෙලෙස කොළඹ වරාය වෙතට පැමිණ ඇත්තේ Viking Mars නමැති නෞකාවයි. එම නෞකාව කොළඹ වරාය වෙත පැමිණ ඇත්තේ සංචාරකයින් 900 දෙනෙකු සමඟය.

Read More

ගුරුවරු විසින් සිසුන්ට කළ අමානුෂික පහරදීම් නිසා සිසුන් රෝහල් ගත කළ අවස්ථා පිළිබඳව පසුගිය දින කිහිපය පුරාම තොරතුරු වාර්තා වෙයි. එවැනි තවත් සිදුවීමක් පාදුක්ක ප්‍රදේශයෙන් වාර්තා විය. එහිදී පහරකෑමට ලක්ව තිබුණේ පාදුක්ක ප්‍රදේශයේ පාසලක 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහු පවසන්නේ පසුගිය 8 වනදා පාසලේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුවරයා තමන්ට පහරදීමක් කළ බවය. පහරදීම පිළිබඳව පංතිභාර ගුරුතුමියට පැවසූ පසුව සිසුවාට ලැබී ඇත්තේ අමුතුම ප්‍රතිචාරයකි. පහරකෑමට ලක්වූ සිසුවා පවසන්නේ, “අංශභාර ගුරුවරිය ළඟට එක්කගෙන ගියාම කිව්වා කන්බෙරය පැළිලා නැත්නම් අනිත් කනත් පැළෙන්න ගහනවා කියලා,” යනුවෙන් පැවසූ බවය. අනතුරුව මව්පියන් විසින් සිසුවා හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට සහ හෝමාගම මූලික රෝහල වෙත…

Read More

තම සහකරියව ඝාතනය කර සිරුර කැබලි 35කට කපා කැලෑවට වීසි කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. 27 හැවිරිදි ශ්‍රද්ධා වල්කාර් සහ 28 හැවිරිදි අෆ්තාබ් පූනවාලා මුම්බායි නගරයේදී ‘dating app’ එකක් හරහා මුණගැසී ඇති අතර පසුගිය වසර තුනක සිට එකට ජීවත් වී තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම වසර මුලදී ඔවුන්ගේ සම්බන්ධතාවට සහකාරියගේ පවුලේ අය අකමැති වීම නිසා ඇති වූ ආරවුලකින් පසු ඔවුන් දිල්ලි නගරයේ පදිංචියට ගොස් තිබෙනවා. ඒ සමගම ඇය විසින් තමාව විවාහ කර ගන්නා ලෙස එම පුද්ගලයාට බලපෑම් කිරීම හේතුවෙන් දෙදෙනා අතර ආරවුල් ඇතිවී තිබූන අතර පසුගිය මයි මාසයේදී ඇතිවූ ආරවුල දුරදිග ගොස් කෝපයට පත්වූ සහකරුවා…

Read More

සෙස් බදු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදුවී ඇත් නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්ය. “සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසල් උපකරණ වල මිල වැඩිවීමක් ගැන. ඒ පිළිබඳ විශේෂ සොයාබැලීමක් සිදුකරනවා. යම් හෙයකින් අපේ රටේ ආදේශන ආනයනයක් හෝ තියෙන සෙස් බද්දක් නිසා පාසල් දරුවන්ගේ මූලික උපකරණවලට බලපෑමක් වෙනවා නම් අපි එක වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.”

Read More

ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හඩඩ් ස්වෝස් (Faris Hadad-Zervos) මහතා ඇතුළු නියෝජිත පිරිස සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී මෙරට ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති පිළිබඳ දීර්ඝ ලෙස විමසා බැලිනි. රාජ්‍ය මූල්‍ය අධීක්ෂණය හා ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම, බදු පරිපාලන ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීම, ස්වෛරී මූල්‍ය අංශයේ සම්බන්ධය සහ පද්ධතිමය අවදානම් අඩු…

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ කොහෙවත් භූමිතෙල් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂණ කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. සුළු අපනයන බෝග නිෂ්පාදන කටයුතු සඳහා භූමිතෙල් අත්‍යවශ්‍ය බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කළු කඩයේ වත් භූමිතෙල් මිල දී ගන්නට නැති බව පැවසීය. කර්මාන්තකරුවන්ට භූමිතෙල් අත්‍යවශ්‍ය බැවින් රජය ඉතා ඉක්මනින් මේ ගැන අවධානයක් යොමුකර විසඳුමක් දිය යුතු බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය අද (18) ට යෙදී ඇති අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ කිරිඅම්මාවරුන්ගේ දානමය පිංකමක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද අළුයම පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම අවස්ථාවේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර හිටපු ජනාධිපතිවරයාට සෙත් පැතීම ද සිදුවිය. නාරාහේන්පිට අභයාරාමාධිපති සහ කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිති කරගනිමින් වාර්ෂිකව මෙම පිංකම සංවිධානය නරනු ලැබේ.

Read More

වජිර ගේ කතාව අහන පොහොට්ටු මන්ත්‍රීවරුන් ඉතා ලස්සන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. වජිර අබේවර්ධන මහතා අය-වැය විවාදයේ අදහස් දක්වමින් සිටින අතර නැගී සිටි දයාසිරි ජයසේකර මහතා මේ බව කීය. “බලන්නකෝ වට කරගෙන ඉන්න ලස්සන” යනුවෙන්ද දයාසිරි ජයසේකර මහතා කීය. වජිර අබේවර්ධන මහතා:-(එජාප) “ඉතින් ඔයත් පොහොට්ටුවෙ නේ. ඔයත් එන්න කෝ, එතකොට තව ලස්සනයි”

Read More

ව්‍යාජ ලෙස සකස්කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ සිද්ධියකට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32,46 යන වයස්වල පසුවන තිස්සපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් විසින් සියඹලාගස්වැව ප්‍රදේශයේ නිවසක ශාන්තිකර්මයක් සිදුකිරීමෙන් අනතුරුව එම නිවසේ දෝෂ මගහරවා ගැනීමට රනින් නිම කරන ලද පක්ෂියෙකුගේ අනුරුවක් නිවසේ තැන්පත් කරන ලෙසට පවසා ඇත. ඒ අනුව නිවැසියාගෙන් ලක්ෂ 06ක මුදලක් අවශ්‍ය බව පවසා ලක්ෂ 03ක මුදලක් ලබාගැනීමෙන් අනතුරුව රන් ආලේපිත අනුරුවක් ලබාදී තිබේ. නිවැසියන් විසින් පසුව එම පක්ෂියාගේ අනුරුව රන් භාණ්ඩ වෙළෙඳසැලකින් පරීක්ෂා කිරීමක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ එය ව්‍යාජ රන් ආලේපිත අනුරුවක් බවය.…

Read More