Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ මන්නාරම දිස්ත්‍රික්කයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මන්නාරම ජනතාවගේ ගැටලු සොයා බැලීම සහ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සාකච්ඡා කිරිම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබිණි. මන්නාරම නගරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුවෙන්ම මන්නාරම ඕලන්ද කොටුවේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීය. අනතුරුව නඩුකුඩා ධීවර ගම්මානයේ සංචාරයක නිරත වූ ජනාධිපතිවරයා ධීවර ප්‍රජාව සමග සුහද කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසීය. නඩුකුඩා ධීවර ගම්මානයේ වැසියන් මුහුණ දී ඇති ගැටලු රැසක් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මන්නාරම සුළං…
රටේ ආර්ථිකය ගොඩ නැගීමට යැයි කියමින් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ අක්කර දස දහසක ගංජා වගාකිරීමට ඇති සුදානමට ඇඹිලිපිටියේ මහා සංඝරත්නයත්, බෞද්ධ පිංවතුනුත් කිසිසේත් ම ඉඩ නොදෙන බව ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේ දී පැවසූහ. ‘අද ඇඹිලිපිටිය භෞතික සම්පත්වලින් සීග‍්‍රයෙන් දියුණුවන නගරයක් බවට පත්වෙලා තියනවා. ඇඹිලිපිටිය කියනකොට ඉස්සර තිබුණේ නරක චිත‍්‍රයක්. ප‍්‍රදේශයේ මහා සංඝරත්නය, බෞද්ධ පින්වතුන් එක්වෙලා අඹිලිපිටියට ආධ්‍යාත්මික සියුණුවක් ලබාදීපු බව කිව යුතුමයි. හැත්තෑව වනතෙක් ම අඹිලිපිටිය ප‍්‍රසිද්ධව තිබුණේ ගංජාවලට. මැලේරියාවට. අඩුකුලියට කුලීකරුවන් සපයාගන්නා මධ්‍යස්ථානය හැටියට. දඩ මස්වලට. මිනීමස් වලටත් ප‍්‍රසිද්ධියක් තිබුණා. ‘ඒ අතීතය බුදුදහමේ ආභාෂය ලබාදෙමින් පරිවර්ථනයට පත්වුණා. ඒ කාලේ අපි ගමනක් යන…
ඕමානයේදී ආපදාවට ලක්වූ කාන්තාවක් සමඟ ජනප්‍රිය නිරූපන සහ නිවේදන ශිල්පිනියක් වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය තැනැත්නන් වෙළෙදාම හා ජාවාරම සහ සමුද්‍රිය අපරාධ විමර්ශන පොලිස් කොට්ටාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ජනප්‍රිය ගායක දුෂ්මන්ත් වීරමන් මහතාගේ බිරිඳ වන ස්ටෙෆෙනි සිරිවර්ධන මහත්මිය සමඟ පැමිණි කාන්තාව එහිදී ඕමානයේදී ඇය මුහුණ දුන් තත්වය පිළිබඳව එම කොට්ටාසයට පැමිණි කර තිබේ.
ත්‍රෛලෝක විජය පත්‍ර( කංසා) අපනයන ව්‍යාපෘතිය ලබන මාසයේ ආරම්භ කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසීය. ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් සමහර භික්ෂූන් වහන්සේලා වැරදි අදහස් පළ කරන බව පෙනෙන්නට ඇතැයි පැවසූ අමාත්‍යවරයා තුන්දොස් නසන පත්‍ර තෛලෝක විජයා පත්‍ර යන්නෙහි තේරුම බවද ප්‍රකාශ කළේය.
2007 සිට මහ බැංකුවේ සිදුවු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකළ විදේශිය වෝහාරික විගණනයේ වාර්තාව රාජපක්ෂවරුන් යට ගැසූ බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මහවැලි කේන්ද්‍රයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ‘‘අර්බුදය, අයවැය සහ අනාගතය” නම් අයවැය සම්මන්ත්‍රණයට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය “මගේ කාළේ වෙච්ච මහ බැංකු මුල්‍ය වංචාවේ දී ඒ සඳහා පත්කරපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගෙන් සමනවිත ජනාධිපති කොමිසම වාර්තාව දෙන ගමන් අවසානයේ වාර්තාවේ ලිව්වා මීට වඩා දෙයක් 2007 සිට ඒ දක්වා සිදු වී ඇති බව අපි විශ්වාස කරනවා ඒ නිසා මේකට වෝහාරික විගණනයක් කරන්න. මේකට ලංකාවේ සුදුසු අය නෑ…
වෙළෙඳපොළේ ක්ෂණික ආහාර වර්ගවල මිල වැඩිවීමත් සමග දරුවන්ගේ ක්ෂණික ආහාර භාවිතය ඉතා අඩු වී ඇති බව වෛද්‍ය පර්යේෂණායතනයේ පෝෂණ අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ ක්ෂණික ආහාර වර්ග පරිභෝජනය අවම වීමෙන් දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැලදුණු දරුවන් වාර්තා වීමේ විශාල අඩුවීමක් වර්තමානයේ දක්නට ලැබෙන බවයි. මෙරට සෑම නිවසකම පෝෂණය සහ ආහාර සුලබතාවය සම්බන්ධයෙන් දත්ත රැස් කිරීමට රජය තීරණය කර තිබේ. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ අරමුණින් ලබන මාසයේ සිට එම දත්ත රැස් කිරීමේ කටයුතු ආරම්භ කරන බව වෛද්‍ය පර්යේෂණායතනයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය වැඩිදුරටත් පැවසීය.
දුම්රිය වේග සීමා පැනවීමත් සමග දුම්රිය කාල සටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය පීලිපැනීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සමග පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවලදී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට තීරණය වී ඇත. ජනතාවගේ ආරක්ෂාව සහ දේපළ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම වේග සීමා පැනවීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මාර්ග පද්ධතියේ පවතින දෝෂ හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ අවස්ථා ගණනාවක දී දුම්රිය පීලිපැනීම් සිදුවිය. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වේග සීමා පැනවීමට තීරණය කර…
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම නැවත සක්‍රීය කිරීමට තීරණය කර තිබේ. ට්විටර් ආයතනය මිලදී ගත් ඉලෝන් මස්ක් එම ගිණුම නැවත සක්‍රීය කිරීම පිළිබඳ සිදුකළ මත විමසුමකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රීය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මිලියන 15ක පමණ පිරිසක් එම මත විමසුමට ප්‍රතිචාර දක්වා තිබූ අතර ඉන් සියයට 51.8ක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගිණුම සක්‍රීය කළ යුතු බවට කැමැත්ත පළකර ඇත. හානිකර ප්‍රකාශ පළකිරීම හේතුවෙන් පසුගිය වසරේ ජනවාරි 06 වැනිදා සිට මාස 22ක කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අත්හිටුවා තිබුණි.
දැනුම සහිත සුදුස්සන් මෙරට ආර්ථිකය මෙහෙයවූවා නම් රට මෙවන් ආර්ථික අර්බුදයකට පත්නොවනු ඇති බව ශ්රී ලංකා මහ බැංකු, අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. මාතර පැවැති උත්සවයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගන්නා අපහසු තීන්දු තීරණ පිළිබඳ ජනතාව තේරුම් ගනු ඇති බවට විශ්වාස කරන බවය. මාතර රාහුල විද්‍යාලයට වසර 100ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කර තිබුණු උත්සවයකට, එම විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (19) සහභාගි වුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා, “රටක ආර්ථිකය මෙහෙයවීම වුණත් මම දකින්නේ, තීරණ ගන්න අය, ප්‍රතිපත්ති ගන්න අය නියමාකාරයෙන් දක්ෂකම ඇති සුදුසු…
කරුවලගස්වැව, 7 කණුව පලදාගම වෙල්යායේ වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ වනඅලියෙකු සිටින බව අප වාර්තාකරු පවසයි. එම ප්‍රදේශයේ දඩයක්කරුවකු විසින් වනඅලියාට වෙඩි තබා ඇති බවට ප්‍රදේශවාසීහු සැකපළ කරති. කරුවලගස්වැව අඩවි වන නිලධාරින් සහ අනුරාධපුර පශුවෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් වන අලියාට ප්‍රතිකාර ලබා දෙමින් සිටි. වෛද්‍යවරයා පැවසුවේ වනඅලියාගේ හිසට උණ්ඩ 9ක් පමණ වැදී ඇති බවය. අවුරුදු 25ක් පමණ වයසැති වනඅලියාගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මේ අතර, අලි – මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අලිමංකඩ ආශ්‍රිත පදිංචිව සිටින පුද්ගලයින් එම…