Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මෙවර පාපන්දු ලෝක කුසලානයේ දින 4ක් ඉක්ම යාමටත් මත්තෙන් තරගාවලියේ දෙවන පෙරළිකාර ජය වාර්තා කිරීමට ජපාන කණ්ඩායම ඊයේ (23)සමත්වුණි. ඒ හිටපු ලෝක ශූරයන් වූ ප්‍රබල ජර්මන් කණ්ඩායම පරාජයට පත්කරමිනි. ජර්මනිය සහ ජපානය අතර තරගය පැවැත්වුණේ මූලික වටයේ ඊ කාණ්ඩයේ පළමු තරගය ලෙසය. පළමු අර්ධයේ 35වැනි මිනිත්තුවේදී ජර්මනියට හිමිවූ දඬුවම් පහරක් සාර්ථක කරගත් ඔවුන් තරගයේ පෙරමුණ ගැනීමට සමත්වුණි. එතැන් සිට 74 වැනි මිනිත්තුව දක්වාම ගෝල 1ට 0ක් ලෙස තරගයේ පෙරමුණ ගෙන සිටියේ ජර්මනියයි. නමුත් 75 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කළ ජපානය ගෝල 1ට 1ක් ලෙස තරගය සමකිරීමට සමත්වුණි. ඉන් නොනැවතුණු ජපානය 85 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් රැස්කළේ කලීෆා ක්‍රීඩාංගණයට රැස්ව සිටි…
රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සිය පක්ෂය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කර තිබේ. අදාළ පෞද්ගලීකරණ වැඩපිළිවෙල සිදුකිරීමට පෙර ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් අවශ්‍ය බවට රජයට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ප්‍රගතිශීලි වෘත්තීය ශාඛා සංගමයේ සුබ සාධක වැඩපිළිවෙලේ ආරම්භක අවස්ථාවට එක්වෙමින් ගාමිණි ලොකුගේ මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය. “අපේ ප්‍රතිපත්තිත් එයාලගේ ප්‍රතිපත්තිත් අතර පොඩි පොඩි මතගැටුමක් තියෙනවා. මොකද ජාතික සම්පත් පුද්ගලීකරණය පිළිබඳව අපි හැමදාම එකඟතාවයකට ආවේ නැහැ. නමුත් අද රටේ තිබෙන ආර්ථික තත්ත්වය අනුව සමහර දේවල් කරන්න සිදුවෙනවා. මේවා කරනකොට අපේ සාමාජිකයින් එක්ක…
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරමින් ඔහු නිදහස් කිරීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව දෙසැම්බර් මස 16 වනදා කරුණු දක්වන ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසි නිකුත් කළේය. අදාළ පෙත්සම් අද (24) මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝගය නිකුත් කෙරුණි.
හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙත පවා පණවා තිබෙන විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අදාළ පුද්ගලික පැමිණිල්ල අද (24) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එම අවස්ථාවේදී අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බව සඳහන් කරමින් මූලික විරෝධතා මතු කළේය. එම මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන දෙසැම්බර් මස 15 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥවරයාට නියෝග කළේය. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්…
ගුරු වෘත්තීය සඳහා මින් ඉදිරියට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ යම් වෙනසක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජාතික අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. “අපිට පිරිසක් මේ ක්ෂේත්‍රයට ගේන්න ඕනේ, අවසන් වතාවට මේ විභාගය තියලා ගන්නේ. ඉන් පස්සේ අපි ගුරු වෘත්තියට බඳවා ගන්නේ, පීඨ 19 එකතු කරලා නිර්මාණය කරනවා National University of Education එකක්. මේකේ අවුරුදු 4ක උපාධිය හා ගුරු පුහුණුවෙන් පස්සේ තමා පන්තියට යවන්නේ. ගුණාත්මකභාවයෙන් යුත් ගුරුවරයෙක් මෙතැනින් වසර 4කට පසුව.” දෙසැම්බර් මාසයේ…
ආණ්ඩුව ලබන වසරේදී කෝටි ලක්ෂ පහක ණය ගැනීමට බලාපොරොත්තුවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. අද රටේ සිදුවන්නේ ප්‍රභාෂ්වර වලව්වට ආ නාස්තිකාර පුත්‍රයා එහි භව භෝග විනාශ කරමින් කළ විනාශයට සමාන විනාශයක් බවද ඔහු සඳහන් කළේය. දිසානායක මහතා මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයේදී ය.
සාරිය හා ඔසරිය වෙනුවට වෙනත් ඇඳුම්වලින් සැරසී පාසල් පැමිණි ගුරුවරියන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විනය පියවරක් ගත යුතු බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය. ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී පිරිසක් වෙනත් ඇඳුම්වලින් සැරසී පැමිණීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශය සොයාබැලිය යුතු බවත්, ඒ ගැන අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන බවත් වැඩබලන ඇමතිවරයා කීවේය. ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු සභාපතිනි සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට එහි මධ්‍යම කාරක සභාව තිරණය කර ඇත. ඒ අනුව පක්ෂ මතයට හා මධ්‍යම කාරක සභාවේ තීන්දුවලට පටහැනිව කටයුතු කළ පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවීර, හිටපු උපලේකම් රංජිත් සියඹලාපිටිය, හිටපු ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, හිටපු භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපසභාපතිවරුන් වන සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර අතුළු පිරිසේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂ මධ්‍යම කාරක සභාව පෙරේදා (21) සවස රැස් වූ අවස්ථාවේ…
ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමෙන් අනතුරුව දැක්වෙන දර්ශන කිහිපයක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම දර්ශන පහතින්. ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ලැබුණු පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඇප මත මුදාහැරීමට සිඩ්නිහි “ඩව්නිං සෙන්ටර්” අධිකරණය පසුගිය 17 වනදා නියෝග කළේය. ඒ අනුව ඔස්ට්‍රේලියානු ඩොලර් 150,000 මුදල් ඇපයක් මත මුදාහැරුණු ධනුෂ්ක ගුණතිලකට තවත් දැඩි ඇප කොන්දේසි රැසක් පනවා තිබුණි. එසේම ඔහුට තවත් ඔස්ට්‍රේලියානු ඩොලර් 50,000ක මුදලක් තැන්පත් කිරීමට නියෝගකර ඇති අතර ඇප කොන්දේසි උල්ලංඝනය කළහොත් එම මුදල අහිමිවෙයි.…
රුහුණු මහා කතරගම දේවාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් බැතිමතුන් පූජා කරන පඬුරුවලින් රුපියලක් හෝ නොලැබෙන බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි. එම පඬුරු සියල්ල කපුමහතුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදාගන්නා බව බස්නායක නිලමේවරයා චෝදනා කරයි. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා, “ඉල් මහා පෙරහැර මංගල්‍ය දෙසැම්බර් 07 වෙනිදාට යෙදිලා තබෙනවා. මෙවර විශේෂත්වයක් තිබෙනවා ඇසල පෙරහැර මංගල්‍යය අවස්ථාවේදී කපු මහත්වරු විසින් බස්නායක නිලමේවරයා මාස බෙදලා කපු මහත්තවරුන්ට භාරදීපු ඒ ක්‍රමවේදයට පටහැනිව කපුමහත්වරු විසින් දේවාලයේ යතුර ඔවුන් භාරයේ තබාගෙන තිබෙනවා. ඒ නිසා මේ වනවිට දේවාලයට බැතිමතුන්‌ගෙන් ලැබෙන පූජා වට්ටියේ තිබෙන පඬුරු මුදල් සියල්ල කපු මත්තවරු ඔවුන්ගේ…