Author: LFN

තමන් ආණ්ඩුවට සහාය පළකළ ද කිසිදා පක්ෂය අත්හැර නොයන බව ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පවසයි. ඊයේ (24) කොළඹදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම නියෝජිතයින් මේ බව සඳහන් කළා. ආණ්ඩුවට සහාය පළකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජන කරන මන්ත්‍රිවරුන් 08 දෙනෙකු කොළඹදී එම විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා – “මේ පිරිස නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් තියෙනවද? පක්ෂයට රිංගපු අවස්ථාවාදීන් පක්ෂය පාවා දුන්නා. පක්ෂ මාරු කළ අය අද අපිට චෝදනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන. මුල්ම අදහස නිදහස් පක්ෂයෙන්. ඇමතිකම් ගත්ත නිසා සාමාජිකත්වය තහනම් කළාලු. තවම දැනුම්දීලා නැහැ ඒ…

Read More

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ දැනුවත්වීම මත ව්‍යාජ QR කේත සහිත මත්පැන් බෝතල් සුරාසැල් වෙත නිකුත් කිරීමෙන් දැවැන්ත බදු ආදායමක් රටට අහිමිකර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. “බෝතල් සහ ස්ටිකර් වෙනම ගෙනත් දෙනවා. නිෂ්පාදකයා ස්ටිකර් අලවන්න ඕනේ. ඒ බදු එකතුවෙන්නේ නැහැ. QR කේතය කියවන්න බැරිවෙන්න අලවලා. හොර ස්ටිකර් ලක්ෂ ගාණක්. සුරාබදු නිලධාරින් පිරිසකගේ දැනුවත්වීම මත හොර ස්ටිකර් අලවපු මත්පැන් බෝතල් සුරාසැල්වල. විශාල වැරැද්දක්. ජනතාවට බදු දානවා..තෝරු මෝරු අත්හැරලා. අහිංසක පොඩි මිනිස්සුන්ට පීඩනය මුදාහරිනවා.”

Read More

මල්වතු අස්ගිරි මහාවිහාර පාර්ශ්වයන්හි මහානායක ස්වාමීන් වහන්සේලා පිළිබඳව සිදුකරන පදනම් විරහිත, ද්වේශ සහගත සහ පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගත් ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බව මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. මල්වතු මහා විහාරීය, විංශද්වාර්ගික කාරක සංඝසභික රාජකීය පණ්ඩිත, දර්ශනපති,මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ විසින් ඒ බව සඳහන් කරයි. එහි දැක්වෙන්නේ ශාසනික ප්‍රතිපදාවන් පිළිබඳ කිසිඳු අවබෝධයක් නොමැති බුද්ධ චීවරයේ ගෞරවය කෙලෙසන අඥාන, අවිචාරවත් පුද්ගලයින් සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා මහජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවය. එම සම්පූර්ණ නිවේදනය පහතින්,

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තවත් උණුසුම් තරගයක් ඊයේ පෘතුගාලය සහ ඝානාව අතර පැවැත්විණි. එම උණුසුම් තරගයෙන් ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාල කණ්ඩායම 3ට 2ක් ලෙස විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත්විය. එහිදී සිය කණ්ඩායම ජයග්‍රාහී මාවතට අවතීර්ණ කරමින් සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ ප්‍රථම ගෝලය වාර්තා කළේය. ඒ තරගයේ 65 වන මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමගය. එම ගෝලයත් සමඟ ලෝක කුසලාන පාපන්දු තරගාවලි 5කදී ගෝල වාර්තා කළ ලොව එකම පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු වාර්තා පොත් අතරට එක්විය. කෙසේ වෙතත් පහසුවෙන් පරාජය භාරගැනීමට අකමැති වූ ප්‍රවේගකාරී ඝානා කණ්ඩායම තරගයේ 73 වන මිනිත්තුවේදී සිය ප්‍රථම ගෝලය වාර්තා කළේය. André Ayew විසින් එම ගෝලය…

Read More

මානව හිමිකම්වලට මුවාවී ප්‍රචණ්ඩත්වය සහ අරාජිකත්වය ඇති කිරීමට කිසිවිටෙකත් ඉඩනොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. කිසියම් පාර්ශ්වයක් එවන් උත්සාහයක නිරත වන්නේ නම් ආරක්ෂක හමුදාව යොදවා එය සම්පූර්ණයෙන් ද මැඩපවත්වන බවද ජනාධිපතිවරයා පැවසීය. එවන් තත්ත්වයකදී තම වගකීම ඉටු කිරීමට හමුදාවේ පහළ නිලධාරියාගේ සිට ෆීල්ඩ් මාර්ෂල් දක්වා සියලු දෙනා බැඳීසිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “මම මේ විෂය ගැන කතා කරන්න කලින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ කරුණු දෙකක් ගැනත් විශේෂයෙන්ම සිහිපත් කළ යුතුයි. මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමා ප්‍රකාශ කළා…

Read More

ජනප්‍රිය වෙරළ තීරයක නිරුවතින් රැඳී සිටීමට ලැබුණු අවසරයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම පුවත වාර්තා වන්නේ ඔස්ට්‍රේලියාවෙනි. එරට අතිශය ජනප්‍රිය වෙරළ තීරයක් වන සිඩ්නි නුවර Bondi Beach මෙම සති අන්තයේදී නිරුවත් වෙරළ තීරයක් කිරීම සඳහා මෙම අවසරය හිමිව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙලෙස නිල වශයෙන් එරට වෙරළ තීරයක් නිරුවත් වෙරළ තීරයක් බවට පත්වන්නේ ඉතිහාසයේ ප්‍රථමවරට බවය. ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පියෙකු වන Spencer Tunick විසින් සංවිධානය කර ඇති ඡායාරූප ගැනීමේ ඉසව්වක් වෙනුවෙන් මෙම සුවිශේෂී අවසරය හිමිව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඒ සඳහා Waverley නගර කවුන්සිලය අවසර ලබා දී ඇති බවය. එරට වාර්ෂිකව මියයන චර්ම…

Read More

රටේ මූල්‍ය ස්ථාවරය ඇති කිරීම සඳහා බැංකු පද්ධතිය ශක්තිමත් කරමින් විධිමත් වැඩපිළිවෙළකට රජය අවතීරණය වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා ශ්‍රී ලාංකියන් ලෙස ස්ව උත්සාහයෙන් නැඟීසිටිය යුතු බවත් මෙවර අය වැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 86 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවය අමතමිනි. ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ඉහළටම ඔසවා තැබීම බව කී ජනාධිපතිවරයා පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි…

Read More

රුසියානු බොරතෙල් බැරලයක විකුණුම් මිල පිළිබඳ සීමා පැනවීමට ජී7 සාමාජික රටවල් සාකච්ඡා කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් තොග විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා එක්රැස් වීමත් හේතුවෙන් ඊයේ (23) ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 3 කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ලෝක බොරතෙල් වෙළඳපොලේ ඊයේ (23) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 2.95 කින් සියයට 3.3 කින් පහත වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 85.41 ලෙස සටහන් වූ බවත් අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 3.01 කින් සියයට 3.7 කින් පහත වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 77.94 ලෙස සටහන් වූ බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ. ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක්…

Read More

ලංකාව වගේ රටක හිට්ලර්ලාට අවස්ථාව ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවෙි දී පැවසීය. හමුදාවෙි සිටින ගොවි කම්කරුවන්ගේ දූ පුතුන් අතට තුවක්කුව දී බඩගින්නේ ඉන්න ජනතාවගේ ඔළුවට තියෙනැයි කීම සාධාරණ දැයි හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රශ්න කළේය. හෙක්ටර් අප්පුහාමි මහතා මෙසේද කීය. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ දී භයානක ප්‍රකාශයක් කළා. මිනිස්සු අයිතිවාසිකම් ඉල්ලා පාරට බැස්සොත් හදිසි නීතිය දමා හමුදාව යොදා ඒ අය මර්දනය කරන බව කිව්වා. එය මේ රටේ සමස්ත ජනතාවට කළ අපහාසයක්.මෙවැනි ප්‍රකාශයක් නොකළ යුතු බව අපේ හැඟීමයි. ජනතාව ආපු ගමන් හිට්ලර්ලාට ලංකාව වගේ රටක අවස්ථාව ලැබෙන්නේ නෑ. ගෝඨාභය පන්නා දැමුවේ ජනතාවට තිබූ ප්‍රශ්න නිසා.

Read More

සිය දියණිය ළදරු පාසලට රැගෙන යමින් සිටි එක් දරු තරුණ මවක පොල්පිතිගම තල්පත්වැව ප්‍රදේශයේ දි ගෙල කපා මරාදමා ඇතැයි පොලිසිය කියයි. මෙසේ ඝාතනය ලක්ව ඇත්තේ පොල්පිතිගම වඩුපොළ යාය ප්‍රදේශයේ පදිංචි ජී.ජේ. දිනුෂිකා මධුවන්ති නමැති කාන්තාවකි. පා පැදියකින් සිය දරුවා ළදරු පාසලට රැගෙන යමින් සිටියදී යතුරු පැදියකින් පැමිණ මාර්ගය හරස් කර මෙම අපාරාධය සිදු කර ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා පොලිසිය සොයයයි.

Read More