Author: LFN

පෙට්ට්‍රෝලියම් එකේ ඩිරෙක්ට බෝඩ් එකේ පෝමන්වරුත් ඉන්න බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. අයි.ඕ.සී සමාගම ලාබ ලබන්නත් සිපෙට්කෝ එක පාඩු ලබන්න හේතුව මෙවැනි තීරණ බවද හේරත් මහතා කීය. එදා ලාභ ලැබූ තෙල් සංස්ථාව අද පාඩු ලබන්නේ දේශපාලන තීන්දු නිසා බවද ජාතික සම්පතක් වන තෙල් සංස්ථාව අර්බුදය ඉදිරියට දමා විකුණන්න හදන්න එපායැ ද කී හේරත් මහතා එය ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් ප්‍රශ්නයක් වෙන බව පැවසීය.

Read More

දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී චීනයේ දායකත්වය මතභේදාත්මක තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීනය මේ වනවිට ලෝකය හමුවේ නැගී සිටින්නේ ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට ලෙසය. කෙසේවෙතත් පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවේදී (COP27) දේශගුණ විපර්යාස හමුවේ අවදානමට පත්වී ඇති රටවල් සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් අරමුදලක් ස්ථාපිත කිරීමට රටවල් 200ක පමණ නියෝජිතයින්ගේ කැමැත්ත අනුව එකඟතාවකට පැමිණ තිබේ. එහිදී වැඩි අවදානයක් යොමු කර තිබුණේ මුහුදු ජල මට්ටම ඉහළයෑම හා සුළි කුණාටු වැනි ස්වභාවික ආපදා සඳහා මුහුණදී සිටින රටවල් සම්බන්ධයෙනි. දේශගුණ විපර්යාස සැලකීමේදී චීනය සැලකෙන්නේ මේ වනවිට ලොව සිටින විශාලතම වාර්ෂික හරිතාගාර වායු විමෝචකයා ලෙස බවද විදෙස්…

Read More

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 05 දෙනෙකු මුල් අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මකවීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය දින 14ක කාලයක් තෙක් බලපැවැත්වෙයි. අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට ලබාදීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් 04ක් කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට චීන තානාපති චී ෂෙංහොං අතර ඊයේ (25) හමුවක් සිදුවිය. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය ගැන එහිදී දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡා වී තිබේ. චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වත්මන් අභියෝග ජයගැනීම සඳහා චීනය අඛණ්ඩව සහාය ලබාදෙන බවය. චීනය පිළිබඳව විදෙස් මාධ්‍ය හරහා පළ වන අසත්‍ය තොරතුරු හෙළාදකින බවද චීන තානාපතිවරයා විසින් ජනාධිපතිවරයා හමුවේ පවසා තිබේ.

Read More

කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ දී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (25) අධිචෝදනා පත්‍ර භාරදී තිබේ. එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස සහ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසත් නියෝග කළේය. එසේම විත්තිකරුවන් සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද නියෝගවල සඳහන් වෙයි.

Read More

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර (25) පැවැති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී මුළු ලකුණු 294ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිමිවූ ඉලක්කය ලකුණු 295කි. නමුත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 234කට සීමා කළ ඇෆ්ගන් පන්දුයවන්නන් පළමු තරගයේ ජයග්‍රහණයේ සතුට ඇෆ්ගනිස්තානයට ලබා දුන්නේය. පන්දුවාර 38ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත්තේ ලකුණු 234ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 85ක් සහ වනිඳු හසරංග ලකුණු 66ක් ලබාගත්තේය. ඒ අනුව ඇෆ්ගනිස්තානයට ලකුණු 60ක ජයක් හිමිවිය.

Read More

මල් වට්ටියක් රැගෙන රාජපක්ෂ වන්දනාවේ ගොස් අගමැතිකම ලබා ගැනීමට ඉල්ලුම්පතක් කිසිදිනක ඉදිරිපත් නොකළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. “මම කිසි දවසක අගමැතිකම දෙන්න අර තනතුර දෙන්න කියලා එතුමට ලියුම් ලිව්වෙ නෑ. ඒ වගේම තනතුරු ඉල්ලගෙන වන්දනාවේ ගියෙත් නෑ යැයිද ඔහු සඳහන් කළේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි. තමා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙයට පෙර ලියූ ලිපියක් ගැන මේ සභාවේ ඊයේ කතා කෙරුණු බවත් තමා එම ලිපිය ලිව්වේ තමාගේ තනි තනිමතයට නොව පක්ෂයේ සියලු දෙනාගේ අදහස් සැලකිල්ලට ගෙන ඔවුන්ගේ අවබෝධයෙන් බවත් ඔහු සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයා අගමැති ධූරය බාර ගන්නැයි තමාගෙන් පුන…

Read More

විදුලිය පිළිබඳ පසුවිපරමේදී මහජන උපයෝගිතා කොමිසම සිය වගකීම නිසියාකාරව ඉටු නොකර කර ඇරි බවත් බොහෝ අය කොමිෂන් සභා අවශ්‍යයි පවසන මොහොතක මෙවැනි කොමිෂන් සභා රටට නොතිබුණා නම් හොඳ යැයි තමාට සිතෙන්නේ මේ නිසා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. මේ කොමිසමට පත් වෙන අයට විෂය ගැන අවබෝධයක් නැතිනම් අවුරුදු පහක් පත්වෙලා ඔවුන් කරන්නේ කුමක් දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය. විජේසේකර මහතා මෙසේ පැවසුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Read More

රත්මලාන දුම්රිය කර්මාන්තශාලාවේ අලුත්වැඩියා කරමින් තිබූ වායුසමීරණය කළ රුමේනියම් දුම්රිය මැදිරියක් අද (25) ගිනිගෙන විනාශ වූ බව එම කර්මාන්තශාලාවේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම මැදිරිය වැල්ඩින් කරමින් තිබියදී සුළ සමඟ ගිනිගත් බවත් එම සුළු ගිනිදැල්වීමෙන් සම්පූර්ණ මැදිරිය ගිනිගෙන දැවුණු බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

චීනය ශ්‍රී ලංකාවේ ධීවරයන් සහ ගොවියන් වෙනුවෙන් ප්‍රදානය කළ ඩීසල් ලීටර මිලියන 10.6 රැගත් “සුපර් ඊස්ටන්” ඉන්ධන ප්‍රවාහන නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වී ඇති බවත් එය හෙට (26) කොළඹ වරාය වෙත ළඟා වෙනු ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති ධීවර සහ කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයන්හි ජීවනෝපායන් නගා සිටුවීම සඳහා ඩීසල් ලීටර මිලියන 10.6 ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව පසුගිය දා චීන තානාපති කාර්යාලය පැවසුවේය.

Read More