Author: LFN

රුපියල් මිලියන 60 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීයි. එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 181 කට අධික තොගයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී උර 04 ක අසුරන ලද මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි.

Read More

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නවක වද සිද්ධීන් සහ ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට අද (15) උපදෙස් දුන්නේය. සමාජයේ ගෞරවයට පාත්‍ර වන මහා සංඝරත්නය සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අපහසුතාවයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි අතර ඊට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දී තිබේ. මෙම සිද්ධිය පිටුපස සිටින අය කවුරුන්ද, ඒවාට සම්බන්ධ අය කවුරුන්ද සහ අනුබල දෙන අය කවුරුන්ද යන්න පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. මෙම අදාල වාර්තාව ලැබුණු පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිශයින් වැදගත් තීරණ ගැනීමට නියමිතය. පේරාදෙනිය…

Read More

රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ගුවන්තොටුපොළවල් පසුගිය වර්ෂ හතරේදී කෝටි දෙසීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන් වේ. කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අඛණ්ඩව අලාභ ලබා ඇති අතර එම ගුවන් තොටුපොළ 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 169 කට අධික බව ඒ වාර්තාවේ දැක්වේ. රත්මලාන ගුවන් තොටුපොළ පසුගිය වර්ෂයේ දී පමණක් ලැබූ අලාභය රුපියල් කෝටි 46 කට අධික බව පෙන්වා දෙන වාර්තාව ගුවන් යානා සංචලන සංඛ්‍යාව 2020 සහ 2021 වර්ෂවලදී වසරකට දහතුනක් බවද සඳහන් කළේය. එසේම මගී සංචලනයන් පිළිවෙළින් 60 සහ 28 ක් ලෙස පැවතුණු බවද විගණන වාර්තාවේ දැක්වේ.

Read More

මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ලේ දී පැවසීය. රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා කීය . රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

Read More

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැතිවීමේ ගැටලුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමකට ලක්ව ඇති බව ආර්ථීක ස්ථායීකරණය සඳහා වූ ජාතික සභාවේදී අනාවරණය වී තිබේ. මෙම ක්ෂේත්‍රය දියුණුවට ලක් කිරීමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් රටට ඉපැයිය හැකි බවද එහිදී අනාවරණය වුනි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටලු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. මේ සඳහා විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක්ව තිබේ. වත්මන් ආර්ථික අර්බුදයත් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත වෘත්තිකයින් රට හැර යාම ප්‍රධානතම ගැටලුවක් බව මෙහිදී අවධාරණය කෙරුණි. එහිදී වැඩිදුරටත් අදහස්…

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එම නියෝගය කළේය. ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයිකාවට දෙසැම්බර් මස 21දා සිට…

Read More

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකර​න ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂල පවසනවා. අදාළ ප්‍රහාරයෙන් ඔහුගේ අතට, උරහිසට හා පාදයකට තුවාල සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රතිඳු සේනාරත්න සඳහන් කළේ. එසේම මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද දැනුවත් කිරීම​ට කටයුතු කරන බවයි පියත් නිකේෂල මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ඝාතනය කළ බවට සැක කෙරෙන නාඳුනන පිරිමි‍ මළ සිරුරක් ඉංගිරිය – රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද (15) පෙරවරුවේ හමුව තිබේ. මළ සිරුර වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකුගේ බවට පොලීසිය සැක පළ කරයි. එම පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබී ඇති අතර කට ද ගැට ගසා තිබූ බව පොලීසිය පවසයි. උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර, එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කරයි. කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී එම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි…

Read More

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් 2022 ඔක්තෝබර් මාසයට අදාළ නවතම දරිද්‍රතා රේඛා සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 13,810 ක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දිස්ත්‍රික්ක අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ වන අතර එය රුපියල් 14,894 ක් ලෙස දැක්වෙන අතර අඩුම අගය ලෙස මොණරාගල දිස්ත්‍රික්කය දැක්වෙන අතර එය 13,204 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුණි. නමුත් ඔහුට එම ස්ථානය අහිමිවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එසේ වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමෙහි කොටස් මිල පහළ යෑම හේතුවෙනි. ෆෝබ්ස් සහ බ්ලුම්බර්ග් වාර්තාවල සඳහන් වන්නේ මස්ක් ව අබිභවා යාමට LVMH සමාගමේ ප්‍රධාන විධායකයා වන බර්නාඩ් ආර්නොල්ට් සමත් වී ඇති බවය. ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායකයා වන මස්ක් ට එහි කොටස් වලින් 14%ක් හිමිය. ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 44ක් වැයකොට ට්විටර් සමාගම මිලට ගත්තේය. ඔහුගේ මේ වනවිට ධනය ඩොලර් බිලියන 178ක් බවත් බර්නාඩ් ආර්නොල්ට් සතු වත්කම් වල වටිනාකම ඩොලර් බිලියන 188ක් බවත් සඳහන් වෙයි.

Read More