Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර පළාතේත් නුවර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට අද (29) පැය 12ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. අද පෙරවරු 08.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ එම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව කළුතර උතුර, කළුතර දකුණ, වාද්දූව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල සහ පිලමිනාවත්ත ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. කළුතර අල්විස් පෙදෙස ජල තටාකයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
අතිසුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවක් අද (29) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ. “මේන් ෂෙෆ් ෆයිව්” නම් එම නෞකාව ප්‍රථම වතාවට මෙරටට පැමිණෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. අද පෙරවරු 06ට පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත නෞකාව වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නැංගුරම්ලෑමට නියමිත බව වාර්තා වේ. නෞකාව එහි විශාලත්වය හේතුවෙන් කොළඹ වරායේ මගී පර්යන්තයේ නැංගුම් ලෑමට නොහැකි බව හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. මගීන් 2030ක් සහ කාර්ය මණ්ඩලයේ සේවකයින් 945ක් නෞකාවේ සිටින අතර මගීන්ගෙන් බහුතරය යුරෝපීයන් බව වාර්තා වේ.
දිවුලපිටිය පාසලක පළමු වන ශේණියේ පන්තිවලට උගන්වන ගුරුවරියක සාරියක් වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට විරෝධය පළ කරමින් මවුපියන් පිරිසක් හූ හඬ නගා අසභ්‍ය වචනයෙන් බැන වැදුණැයි කියමින් එම ගුරුවරිය පැමිණිල්ලක් කළ බව දිවුලපිටිය පොලිසිය පවසයි. මවුපියන් පිරිසක් මෙවැන්නක් කළේ විදුහල්පතිවරයාගේ කීම මත බවට එම ගුරුවරිය කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. හු හඬ තබමින් එම මව්පියන් උද්ඝෝෂණය කළ බව ද එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය පවසයි. මෙම ගුරුවරිය පසුගිය 21 වෙනිදා සාරිය වෙනුවට වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණ ඇතැයි කියති.
ලබන වසරේ (2023) සිට උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක් වත් පාසලට පැමිණිම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80 නොපැමිණෙන සිසුනට අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටිමට අවස්ථාව නොලැබෙන බව ද අධ්‍යාපන ඇමැති කීය. එහෙත් 2022 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම නීතිය බල නොපානා බව ද ඔහු කීය.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ සමාර්ථ නමයක් සමඟ විභාගය සමත් වූ බෙරවඩ්ස් විදුහලේ සිසුවකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීම නිසා එම සිසුවා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. තමා ලැබූ ජයග්‍රහණය සිය මිත්තණියට පවසා ආපසු පියා සමග ආපසු එමින් සිටියදී එම සිද්ධියට මුහුණ දී ඇති බව පොලීසිය කියයි. අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම සිසුවා මුහුණ දුන් බිහිසුණු සිදුවීමෙන් ඔහුගේ හිස ප්‍රදේශයෙන් පහළ ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් ඔහුට සැත්කමක්ද සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අම්පිටිය ප්‍රදේශයේ කාලයක සිට ක්‍රියාත්මක මැර කල්ලියක් මෙම බිහිසුණු ක්‍රියාව සිදුකොට ඇති බවට චෝදනා කරන…
තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසම වෙත දැනුම්දී තිබේ. ලිපියක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන් ඉවත්කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් ඒ සඳහා පත්කර ඇති බවට ජනමාධ්‍ය හරහා තමන් දැනුවත් වුවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ එම වෙනස්කිරීම පිළිබඳව දැනුවත් වී නොමැති බවය. එබැවින් එම කටයුත්ත ව්‍යවස්ථා විරෝධී, නීතිවිරෝධී කටයුත්තක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී. මේ හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරේ වෙනස්වීමක් පිලිබඳ යම් දැනුම්දීමක් කොමිසම වෙත ලැබී ඇත්නම් ඒ සඳහා ක්‍රියාකිරීමෙන් වළකින ලෙසටද අමාත්‍යවරයා අදාළ ලිපියෙන් මැතිවරණ කොමිසමට දැනුම්දී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් එමගින් සඳහන් කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව පත්කරන ලද කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශ සඳහා මෙලෙස අනුමැතිය හිමිවූ බවය.
වික්ටෝරියා ජලාශයට පැන තරුණියක් සියදිවි හානිකරගෙන තිබේ. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ පදිංචි 22හැවිරිදි වියේ පසුවූ තරුණියකි. ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන තරුණිය සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැකපළ කරයි. අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා මේ වනවිට නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. මහා සංඝරත්නයට අපහාස කරන අයට පරාභව සූත්‍රය කියවා ගන්න ආරාධනා කරනවා යැයිද ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ජනමාධ්‍ය විදේශ කටයුතු සහ ප්‍රවාහන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.