Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
ගෝල්ෆේස් අරගලය සඳහා නිශ්චිත සැලැස්මක් නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී අංශභාග තත්ත්වයක් ඇති වූ බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල් කාන්ත මහතා පවසයි. ඔහු පවසන්නේ නිවැරදි නායකත්වයක් මෙන්ම නිවැරදි උපක්‍රම හෝ සැලසුම් නොතිබීම තුළින් එම අරගලය පසුගාමී වු බවය. නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් කේ.ඩි ලාල් කාන්ත මහතා එම අදහස් පළ කළේය. “ගෝල් ෆේස් අරගලය හැමතැනම තිබ්බා එතැන තමා සංකේතය. ඒ අරගලය ට නිවැරදි නායකත්වයක් මඟ පෙන්වීමක් නොතිබුණා වගේම නිවැරදි උපක්‍රම, උපායමාර්ග තිබුණෙත් නෑ. ගෝඨාභය ගියාට පස්සේ ඊළඟ වැඩේ තිබුණා අරගලය ඉදිරියට ගෙනියන්න. ඊළඟ වැඩේ තිබුණේ පාර්ලිමේන්තුව. ඒක ක්‍රියාත්මක වුණේ නෑ. අංශභාග අරගලේ. ජනාධිපතිගේ බලය ඉවර කළා.…
රහසිගත ක්‍රමවේද ඔස්සේ ප්‍රමිතියෙන් තොර බාල පළිබෝධනාශක ගොවීන් අතට පත්වීම හේතුවෙන් ඉදිරි මහ කන්නය ආසාර්ථක වීමේ අවදානමක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන කේ.බි ගුණරත්න මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ බාල වර්ගයේ පළිබෝධනාශක හේතුවෙන් කන්තලේ වගා අක්කර 54ක පමණ භුමි ප්‍රදේශයක් මේ වන විටත් විනාශ වී ඇති බවය. මෙම පළිබෝධනාශකයන් හි බලපෑමෙන් ඉදිරි මහ කන්නයේ අස්වැන්න සියයට 10කින් පමණ අඩුවීමේ අවදානමක් පවතින බව අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන කේ.බි ගුණරත්න මහතා සඳහන් කළේය.
අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ මොන්ට්ගොමරි නගරයේ විදුලි රැහැන් සහිත කණු මතට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී සිදුවු අනතුරකින් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබේ. අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුවු වී නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය. කෙසේවෙතත් විදුලි රැහැන් සහිත කණු මතට ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙන් ප්‍රාන්තය පුරා නිවාස හා ව්‍යාපාරික ස්ථාන 90,000කට අධික සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී තිබේ. අයහපත් කාලගුණික තත්ත්වයෙන් සිදුවු බලපෑම මත සැහැල්ලු ගුවන් යානය මෙලෙස කඩාවැටී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.
ජංගම දුරකථන හා ඩේටා ගාස්තු සඳහා යම් සහනයක් ලබාදීම කෙරෙහි රජයේ අවදානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේ දී අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ දුරකථන හා ඩේටා ගාස්තු ඉහළ යෑම ජනතාවට විශාල බලපෑමක් එල්ල කර ඇති බවය. “අද බොහෝදෙනෙක් රූපවාහිනිය නරඹන්නේ, ගීත අහන්නේ, සමාජ මාධ්‍ය පරිහරණය කරන්නෙත් අධ්‍යාපනය ලබන්නෙත් බොහෝවිට ජංගම දුරකථනවලින් හා ඩේටාවලිනි. ඒක මෑත කාලයේ දී බොහෝම පැහැදිලියි. ජංගම දුරකථන ගාස්තු සහ ඩේටා ගාස්තු මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් තියෙනවා. ඒ නිසා ජංගම දුරකථන ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් විශාල අපහසුතාවයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ජංගම…
අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජනවාරි මස 16 වනදාට පෙර ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මීට පෙර දින මූලික විරෝධතාවක් මතු කරමින් අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් එම පනත යටතේ තම සේවාදායකයාට නඩු පැවරීමට හැකියාවක් නොමැති බවට…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළේය. ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන්ට මේ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසි ද නිකුත් කරනු ලැබීය. අභියාචනාධිකරණය විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් නියෝගයක් නිකුත් කරමින් සඳහන් කළේ වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවය සම්බන්ධ සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු…
ලබන වසරේ ජනවාරි මස සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් එම ක්‍රමවේදය පිළිබඳ ඒ මහතා වැඩිදුරටත් අදහස් දැක්විය. ගුණාත්මක රියදුරෙක් බිහිකිරීමේ අරමුණින් එම ක්‍රමවේදය හඳුන්වා දෙන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, එම ක්‍රමවේදයට අනුමැතිය හිමිව තිබුණත් වසර 8ක කාලයක් පුරා ක්‍රියාත්මක වී නොමැති බව ද පැවසීය. ඒ අනුව රිය පැදවීමේ දී සිදුවන වැරදි 32කට අදාළව ලකුණු කැපීම සිදුවන බවත් ලකුණු 24ක් කැපී ගියහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රය වසරක කාලයක් සඳහා අත්හිටුවන බවත් කියා සිටියේය. මේ අතර පරිවාස කාලය තුළ දී යම් රියදුරෙකුගෙන්…
අබලන්ව ඇති දුම්රිය මාර්ගය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මෙසේ අද (28) පැවසුවේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. “මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස පහකට නතර කරන්න තියෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩකළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 5ක් ඇතුළත ඒක නිමකරනවා.”
ගුරුවරියන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කුපාඩි මිනිහකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ඇය මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය. ගුරුවරියන් පහසු ඇඳුමක් ඉල්ලන්නේ දරුවන් රැගෙන පියවරුන් සමග යෑමට බවට ඒ කුපාඩි මිනිහා ප්‍රකාශ කර ඇති බව පැවසූ මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සමස්ත ගුරුවරියන්ට මෙන්ම පියවරුන්ටද කළ අපහාසයක් බව සඳහන් කළාය.
මුහුණු පොත හරහා ගුරුවරියන්ට කියන අසභ්‍ය දේවල් ගැන තමා කම්පා වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙවැනි දේවල් මෙතනට ආවේ සමහරුන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇද ගත්තු නිසා යැයි පැවසූ අමාත්‍යවරයා තමාට පුළුවන් නම් ඒ අපහාස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන බවද ප්‍රකාශ කළේය. ගුරුවර ගුරුවරියන් වෙනුවෙන් නිශ්චිත ආචාර ධර්ම පද්ධතියක් ඇති බවත් ඇඳුම ගැන එහි පැහැදිලිව සඳහන් වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය. සාරිය අඳින්න අවශ්‍යයි කියලා එහි නොකියන බවද ඔහු සඳහන් කළේය.