Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
චාමර වීරසිංහ පැමිණෙන බව පවසමින් ජනතාව මුලා කර පැවැත්වීමට ගිය සංගීත සංදර්ශනයක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මෙම සංගීත සංදර්ශනයට තමන්ට අරාධනා කර නොමැති බවත් තමන් පැමිණෙන්නේ නැති බවත් සඳහන් කරමින් ඔහු සිය Facebook ගිණුමේ තබා තිබූ සටහන පහතින්. මෙවැනි සිදුවීම් පිලිබඳව පසුගිය කාලය පුරාම තොරතුරු වාර්තා වුනා
පානදුර ප්‍රදේශයට අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරින මොහොමඩ් කයිරුස් මෙහෙමෙඩ් ඉම්රාන් නමැති සැකකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 200 ක්ද සමඟයි. පානදුර කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් ඇතුලු විෂ මත්ද්‍රව්‍ය ලඟ තබාගන්නා පුද්ගලයින්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරමින් නව නීතිය සම්මත කිරීමෙන් පසු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 කට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැණුනු පළමු අවස්ථාව මෙය වනවා.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති අල්ලස් නඩුවක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. එම නඩුව අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියෙහි කැඳවනු ලැබීය. එහිදී නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන්ට ලැබී ඇති බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේය. අදාළ ලේඛන විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට දැනුම් දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත ජනවාරි මස 19 වනදා කැඳවීමට නියම කළේය. වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ස.තො.ස ආයතනය සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාවල යෙදවීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය…
හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබේ. වසර 40 කට පමණ පසු පළමු වරට මෙලෙස මෙම ගිනිකන්ද විධාරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය දන්වා ඇත්තේ ගිනිකන්දේ ස්වභාවය ක්ෂණිකයෙන් වෙනස්විය හැකි බවය. ගිනිකන්දේ තත්ත්වය “ඉතා අවධානම්” තත්ත්වය දක්වා ඉහළ දමා ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි. මෙම මවුනා ලෝවා ගිනිකන්ද හවායි හි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති අතර එය හවායි දූපතේ වැඩි භූමි ප්‍රමාණයක පිහිටයි. ගිනිකන්ද මුහුදු මට්ටමේ…
දෙවිනුවර සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රී 8.45ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇති බව ගන්දර පොලීසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගිය බවට ගන්දර පොලිස් ස්ථානයට ලද දුරකථන ඇමතුමකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබේ. පසුව සිදුකළ පරීක්ෂාවේ දී හෝටලට ඉදිරිපිට ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 3ක් සහ හිස් උණ්ඩ කොපුවක් තිබී සොයා ගෙන ඇත. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගන්දර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මහවෙල පොලිස් වසමේ මානින්ගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මහවෙල පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් අනුව අදාළ විමර්ශන සිදුකළ බවය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකපිට මොරගොල්ලාගම, කැකිරාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (28) සවස මහවෙල පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද (29) නාඋල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පොළොස් ගෙඩියක් කැඩීමට පොල් වත්තට ගිය අවිවාහක කාන්තාවකගේ සිරුර පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක පොහොර බෑගයක දමා තිබියදී පසුගිය 27 වනදා උදෑසන සොයාගනු ලැබීය. මෙසේ මියගොස් ඇත්තේ පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි ආර්.ජී. රත්නාවතී නම් 55 හැවිරිදි…
ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය පවැසුවේ එම මියගොස් සිටින පුද්ගලයා අවුරුදු 45 වු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවය. මෙම පුද්ගලයා කලක සිට දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගත් තැනැත්තෙකි. ඔහු පසුගිය 27 වැනිදා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන සිට නිවසට පැමිණ ඇති අතර ඊයේ (28) උදෑසන නිවසින් පිටව ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ මරණකරුගේ ඥාතීන් විසින් මෘත ශරීරය හඳුනාගෙන ඇති බවය. කොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. අරලියගහ මන්දිරය වෙත ඉකුත් ජූලි මස 9 වැනි දින ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියකි. සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල හේකිත්ත ප්‍රදේශයේදී හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේදීය.
විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතීඥ අලි සබි්‍ර අද අලුයම අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ, එරට රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කින්ගේ ආරාධනාවකට අනුවයි. අමාත්‍යවරයා සමඟ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තවත් උසස් නිලධාරීන් තිදෙනකු ද මෙම සංචාරය සදහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. අලුයම 03 යි 30 ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එම පිරිස කටුනායක ගුවන් තොටුපලේ සිට කටාර් රාජ්‍යයේ දෝහා බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවා. මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍යවරයා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් හමුවී සාකච්ඡා පැවැත්වීමට…
ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයකදී ස්විස්ටර්ලන්තය ගෝල 1 ට බිංදුවක් ලෙස පරාජය කිරීමට ප්‍රභල බ්‍රසීල කණ්ඩායම සමත් වුණා. තරඟයේ 83 වන විනාඩියේදී ජයග්‍රාහී ගෝලය වාර්තා වුණා. ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා. දකුණු කොරියාව සහ ඝානාව අතර පැවති තරඟයද උණුසුම් මුහුණුවරක් ගත් අතර ගෝල 03 ට දෙකක් ලෙස එම තරඟයේ ජය හිමිවුණේ ඝානාවටයි. මේ අතර උරුගුවේ කණ්ඩායමට එරෙහිව අද අලුයම පැවති තරඟය පෘතුගාලය ජයගත්තේ ගෝල 2 ට බිංදුවක් ලෙසයි.