Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්
    Featured

    බ්‍රයන් තෝමස්ට රට ගමන් තහනම්

    By LFNDecember 17, 2022No Comments1 Min Read252 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (16) නියෝගයක් නිකුත් කළේය.

    බොරැල්ල කන්තේ නවතා තිබූ ඩබ්ලිව් පී කේ වයි 8732 දරන මෝටර් රථය තුළ ගෙල සිරකර සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් එම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල සහාය සදහා බ්‍රයන් තෝමස් යන අයගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි බොරැල්ල පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

    කොළඹ 07 මල්පාරේ පිහිටි නිවසින් ඉකුත් 15 වැනිදා සවස පිටත්ව ඇති දිනේශ් ෂාෆ්ටර් මහතාගේ ජංගම දුරකතනයෙන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඔහුගේ බිරිඳ දුරකතනයට ලද සංඥාවලට අනුව ආයතන නිලධාරියකු බොරැල්ල කනත්තට පිටත් කර යවා ඇති බවත්, එහිදී මෝටර් රථය තුළ දෙඅත් බැද වයරයකින් ගෙල සිරකර සිටි දිනේෂ් මහතා සොයාගෙන ඇති බවත් බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.