Author: LFN

අනෙකුත් රාජ්‍ය සේවකයින් මෙන් ගුරුවරුන් ද මාරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැහැදිලි කිරීමක් සිදුකළේය. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතුවන බවය. ඒ හේතුවෙන් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම උද්ගත වී තිබෙන්නේ පරිපාලනය සඳහා තාක්ෂණය නිසි ලෙස භාවිත නොකිරීම නිසා බවය. සියලු ආධ්‍යාපනික පරිවර්තනවල පදනම රඳා පවතින්නේ තාක්ෂණික පරිපාලන ක්‍රමවේදය මත නිසා වහාම විප්ලවීය තාක්ෂණික…

Read More

මෙරට විදුලිබල ක්ෂේත්‍රය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාවට අදාළ ජාතික ප්‍රතිපත්ති අනු කමිටුවේ යෝජනා එළඹෙන දෙසැම්බර් 08 වැනිදා ජාතික සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. කෙටි, මධ්‍ය, හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුව එහි සභාපති නාමල් රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ. මෙම වාර්තාව සඳහා කැබිනට් අනුමතිය හිමිව ඇති අතර එය ජාතික ප්‍රතිපත්ති අනුකමිටු යෝජනා ලබා ගැනීම සඳහා විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (29) නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දුන්නේය. දෛනිකව ඉහළ යන විදුලිබල…

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16දෙනාගේ වටයේ ස්ථාන තහවුරු කර ගැනීමට නෙදර්ලන්තය, සෙනගාලය, එංගලන්තය සහ අමෙරිකාව සමත්වුණි. B කාණ්ඩය යට‌‌තේ වේල්සය සහ එංගලන්තය අතර පැවැති තරගය ගෝල 3 ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව එංගලන්ත කණ්ඩායම 16දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය. මේ අතර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් පැවැත්වුණේ ඉරානය සහ අමෙරිකාව අතරය. එම තරගයේ ගෝල 1 ට 0ක් ලෙස තරගය ජය ගැනීමට අමෙරිකාව සමත්වුණේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගනිමිනි. තරගයේ වාර්තාවූ එකම ගෝලය අමෙරිකාවේ ක්‍රිස්තින් පුලිසික්ස් වාර්තා කළේය. මේ අතර A කාණ්ඩයේ අනෙක් තරගය ඊයේ පැවැත්වුණේ නෙදර්ලන්තය සහ සත්කාරක කටාර් දේශය අතරය. එම…

Read More

පවතින ආර්ථික අර්බුදය හමුවේ දේශීය කාර්මාන්ත දිරිගැන්වීමට ආණ්ඩුව කටයුතු නොකරන බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි. ඔහු පවසන්නේ, ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ඇතැම් කර්මාන්ත ශාලා ද වැසියාමේ අවදානමක් මතුව ඇති බවය. ගාල්ල ප්‍රදේශයේ පැවැති උත්තර ලංකා සභාගයේ රැස්වීමකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රිවරයා මේ බව කියාසිටියේය. “මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදය ඇතුළේ මේ රටේ දේශීය කර්මාන්තකරුවා හතර ගාතෙන් වටට්න විදිහ තීරණ ක්‍රියාත්මක කරන්නේ. මේ වැටිච්ච වෙලාවෙවත් බලන්නේ නැහැ දේශීය කර්මාන්තකරුවාව ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. දේශීය කර්මාන්තකරුවා අද බෙල්ල මුලින් හිරකරගෙන ඉන්නේ. වැටිච්ච වෙලාවේ, නැගිට්ටුවන්න ඕනෙ වෙලාවේ. ඒ නිසා ඔබතුමාලාට පේනවා වැරදි ආර්ථික මොඩලය කරගහගෙන ඒ මේ ප්‍රතිවිපාකයට තමයි අද අපි මේ මුහුණදීලා ඉන්නේ.…

Read More

මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීම ලබන වසරේ මුල සිට ආරම්භ කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඒ සඳහා අවශ්‍ය උපකරණ 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියේය. “බස්නාහිර පළාත තුළ ලබන වසරේ මුල් භාගයේ දී වාහනවල ගමන් ගන්නා රියදුරන් කොකේන්, හෙරොයින් වැනි අනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් ඉන්නවා නම්, ඒවත් පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කරනවා. ඒක කළ යුතුයි. අද විශේෂයෙන්ම අපි පිළිගත යුතුයි මත්ද්‍රව්‍ය පිළිබඳ දැවැන්ත අභියෝගයකට අපි මුහුණදීලා තියෙනවා. ඒක රියදුරන්ටත් බලපානවා. විශේෂයෙන්ම මම ඒ අංශ කියන්නේ නෑ. ඒ අංශවල අය අද…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකුට හමුවට යෑම හා සමාන බව හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. ඔහු පවසන්නේ එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවය. කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපතිවරයා පැවසුවේ, රාජ්‍ය මූල්‍ය එකඟතාවය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මූල්‍ය කළමනාකරණයට සහාය විය යුතු බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු අතර එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත…

Read More

නිවසේ මෙහෙකාර සේවයට යැයි පවසා රැකියා නියෝජිත ආයතන මඟින් රැගෙන එන කාන්තාවන් නිවසට රැගෙනවිත් ලිංගික අතවර කර ඔවුන් සතු දේපළ කොල්ලකෑ විශ්‍රාමික යුධ හමුදා නිලධාරියෙකු බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බණ්ඩාරගම, වීදාගම ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් එම නිවසෙන් පළා විත් කරන ලද පැමිණිල්ලක් අනුවයි. හුරුලු, නිකවැව කුඹුක්වැව පදිංචි 55 හැවිරිදි තමන්ව රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට කැඳවාගෙනවිත් එහි හාම්පුතා විසින් රාත්‍රී දෙකක් එම නිවසේ රඳවාගෙන තමන්ව බලහත්කාරයෙන් දූෂණය කළ බවට අදාළ කාන්තාව පොලීසියට පැමිණිලි කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධ සැකකරු ගාල්ල බටදූව ප්‍රදේහයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

Read More

කොවිඩ් 19’ වයිරසය අඩපණ කිරීමට පැනැවූ සීමා සහ සෞඛ්‍ය නීතිරීතිවලට විරෝධය පළ කරමින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා දිනෙන් දින උත්සන්න වෙයි. චීනය පුරා පැවැත්වෙන මෙම විරෝධතා මර්දනය කිරීමට චීන රජය පොලිසිය යොදවා ඇතැයි ද පැවැසෙයි. ඇමෙරිකාව පවසා ඇත්තේ සාමකාමී අයුරින් පවත්වන ඕනෑම විරෝධතාවකට තමන්ගේ සහාය හිමිවන බවය. විරෝධතාකරුවන් මර්දනයට චීන රජය දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කිරීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත. ෂැංග්හායි නුවර විරෝධතා වාර්තා කිරීමට ගොස් සිටි බිබීසී පුවත් සේවයේ මාධ්‍යවේදිනියක චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. බීබීසී පුවත් සේවය පමණක් නොව, බ්‍රිතාන්‍ය රජය ද මේ සම්බන්ධයෙන් චීනයට…

Read More

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඖෂධ ගෙන්වීම සඳහා ලබාදුන් මුදල් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිසියාකාරව පාවිච්චි කර නැති බව කෝප් කමිටුවේදී පැහැදිලිවම තොරතුරු හෙළි වූ බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29) පැවසීය. රටට ගේන ඖෂධ ආරම්භයේ නියාමනය කළාට සාම්පල පරීක්ෂාවක් නිසියාකාරව සිදු නොවන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මේ හේතුවෙන් එක් ඖෂධයක් අනුමත කරගෙන වෙනත් ආකාරයක ප්‍රමිතියක් නැති ඖෂධ ගෙන්වීමේ ඉඩකඩක් පවතින බවද ප්‍රකාශ කළේය. ඖෂධ ප්‍රසම්පාදනය වංචනිකයන් පිරිසකට නතුවී ඇත්දැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය. රණවක මහතා මෙසේ පැවසූවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

Read More

වර්තමාන ආණ්ඩුවට මැතිවරණවලට මුහුණ දීමට නොහැති තත්වයක් ඇති වී තිබෙන නිසා මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් කළ පෞද්ගලික පනතක් යොදාගනිමින් පළාත් පාලන මැතිවරණය කල්දැමීමේ උත්සහයක් ඇති බවත් නිසිපරිදි නිසිකාලයට ඡන්ද පැවැත්වීමට රජයට නියෝග කරන ලෙස ආයාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (29) පැවසීය. ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීතුමා තරුණ නියෝජනය වැඩි කිරීමේ අරමුණ ඇතිව පෞද්ගලික මන්ත්‍රී පනතක් ඉදිරිපත් කළ බවත් ඉමිතියාස් බාකීර් මාකර් මන්ත්‍රීතුමා ඊට මාස හතරකට පෙර එවැනිම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණ ද පාර්ල්මේන්තු සම්ප්‍රදායට පිටින් ගොස් පසුව ගෙනා පනත විවාදයට ගැනීමට සූදානම් වන බවත් මහාචාර්යවරයා කීය. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය සම්ප්‍රදාය…

Read More