Author: LFN

ලීසිං වාරිකය ගෙවීම ප්‍රමාදවීම හේතුවෙන් යතුරුපැදියක් රැගෙන යාමට පැමිණි සීසර්වරුන් විසින් තල්ලුකිරීමෙන් ඇදවැටුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් කළ පැමිණිල්ලක් අනුව වාද්දුව පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබේ. කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනී ලසන්ති හේමමාලා මහත්මිය විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භකර ඇතැයි පොලිසිය කීය. පැමිණිලිකාර මන්ත්‍රීවරිය ෆිනෑන්ස් සමාගමක් හරහා යතුරුපැදියක් ලබාගෙන ඇති අතර කොරෝනා කාලසීමාවේ වාරික කිහිපයක් ගෙවීම මගහැරී තිබී ඇත. එම වාරික වෙනුවෙන් වැඩි පොලී මුදලක් එකතුකොට එම මුදල ගෙවන ලෙස ඇයට දැනුම් දී ඇතැයි සඳහන් වේ. දඩ මුදල් එකතුකිරීම හේතුවෙන් හිඟ වාරික ගෙවීම පැමිණිලිකාර මන්ත්‍රීවරිය පැහැර හැර ඇති බැවින් ඊයේ (30) පස්වරුවේ සීසර්වරුන් හත් දෙනෙකු පැමිණ යතුරුපැදිය…

Read More

ලබන වසරේ විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මේ මොහොතේ සිට සැලසුම් සකස් කිරීමට බලධාරීන් පියවර නොගන්නේනම් එළැඹෙන වසරේ මාර්තු මාසයේ විශාල විදුලි අර්බුදයකට මුහුණදීමට සිදුවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. අද (01) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය. “ජනවාරි මස 21 මාධ්‍ය හමුවක් තියලා රටට ම කිව්වා දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවොත් මාර්තු මාසයේ අග බරපතළ විදුලි අර්බුදයකට මුහුණදෙනවා කියලා. අවාසනාවට මාර්තු අග වනවිට මගේ අනාවැකිය සැබෑ කරමින් දවසකට පැය 14ක විදුලි කප්පාදුවක් පටන් ගත්තා. ඒක දරා ගන්න බැරුව ජනතාව පාරට බැස්සා. අවසානයේ දී ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට මේ අර්බුදය…

Read More

එක්දින සේවාව යටතේ මේ දිනවල දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර 2,500ත් 3,000ත් අතර ප්‍රමාණයක් නිකුත්කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. නමුත් මීට පෙර සාමාන්‍යයෙන් එක්දින සේවාව යටතේ නිකුත් කර ඇත්තේ විදෙස් ගමන් බලපත්‍ර 1,500 පමණ ගණනකි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව හෙළිකෙරිණි. එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට රුපියල් 20,000ක් අයකෙරේ. එසේම යමෙක් ලබාගත් විදෙස් ගමන් බලපත්‍රයක් වසරක් ඇතුළත අස්ථාන ගත වුවහොත් රුපියල් 20,000ක දඩයක් අයකෙරේ.

Read More

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබේ. දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය. එම මිල අඩුකිරීම දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, හාල්මැස්සන් කිලෝ 01ක් රුපියල් 1150කට මිලදී ගත හැකිය.

Read More

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවලදී පියවර දෙකකින් යළි විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. විදුලිබල මණ්ඩල නියෝජිතයින් ආර්ථික ස්ථායීකරණය සඳහා වූ ජාතික සභා අනු කමිටුවට පවසා ඇත්තේ, දැනට මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩිවිය යුතු බවය. විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීමට අදාළ යෝජනා ලබාගැනීමට විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් ඊයේ ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වූ ජාතික සභා අනු කමිටුවට කැඳවා තිබුණි. එහිදී විදුලිබල මණ්ඩල නියෝජිතයින් ජාතික සභා අනු කමිටුවට මේ බව පෙන්වා දී ඇත. පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලි…

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ආරම්භ විය. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකාර පක්ෂ කිහිපයක් ඊයේ කැඳවා ඇති විධායක සභා රැස්වීමට තම පක්ෂ සහභාගී නොවන බව දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපි යොමු කර තිබුණි. එලෙස ලිපි යොමුකළ පක්ෂ වන්නේ මහජන එක්සත් පෙරමුණ, ජාතික කොංග්‍රසය, දේශ විමුක්ති ජනතා පක්ෂය සහ ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඊයේ පස්වරුවේ ආරම්භ වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභා රැස්වීමේදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, “මේ සන්ධානය සමඟ ඒකරාශීවෙලා හොඳ වැඩපිළිවෙලක් හදාගෙන අපි…

Read More

මෙරටට පැමිණි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට ද එක්ව සිටියා. සංචාරකයින් දෙදහසකට වැඩි පිරිසක් සමග (29) කොළඹ වරායට පැමිණි “මේන් ෂිෆ් 5” සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඊයේ පස්වරුවේ හම්බන්තොට වරාය වෙත ළඟා වී තිබේ. මෙහිදී සංචාරකයින්ට හම්බන්තොට නගරය හා ඒ ආශ්‍රිත ස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව හිමිවුණි. මෙලෙස යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණ ඇත්තේ ඒ අතරින් සංචාරකයින් 700කට ආසන්න පිරිසකි. කෙසේවෙතත් ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා දිගු වේලාවක් පෝලිමේ රැඳී සිටීමට සිදුවීමෙන් ඇතැම් සංචාරකයින්ට වනෝද්‍යානය නැරඹීමට ප්‍රමාණවත් කාලයක් ලැබී නොමැත. මේ හේතුවෙන් ඔවුන්ට අමතර පැය එකහමාරක පමණ කාලයක් වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව ලබාදීමට වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉඩ ප්‍රස්ථාව…

Read More

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 83ක් රැස්කරගැනීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමඟිනි. දසුන් ශානක හතරේ පහර 5ක් සමඟ ලකුණු 43ක් රැස්කළේය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ලකරමින් රෂීඩ් ඛාන් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය. මොහොමඩ් නබී කඩුලු 2ක් දවාගැනීමට සමත්විය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ…

Read More

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබේ. එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

Read More

දරුවන්ගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් මුළු රටේම දත්ත මේ වනවිට විශ්ලේෂණය කර අවසන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අද (30) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය. එහිදී, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, ” අපි මෙතනදී විශේෂයෙන්ම අවධානය යොමු කළේ වයස අවුරුදු 05ට අඩු දරුවන් පිළිබඳව. 95%ක දරුවන්ගේ ප්‍රතිශතයක් අපිට ආවරණය කරන්න හැකියාව ලැබුණා.” “මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම බර අඩු ප්‍රතිශතය 15%ක්. ඒක 3%ක වැඩිවීමක්. මිටිබව සහ කෘෂභාවය 2%ක වැඩිවීමක් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ දක්නට ලැබෙනවා.” “ආර්ථික අර්බුදයත් සමග මන්දපෝෂණ තත්ත්වයේ යම් වැඩිවීමක් දක්නට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වුණා.” “ඒ අනුව මේ සම්බන්ධයෙන්…

Read More