Author: LFN

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (02) පැය 15 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එම මණ්ඩලය සදහන් කළේ කොළඹ 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට හෙට දහවල් 1.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය. ජල කප්පාදුව සිදුවන බැවින් අවශ්‍ය ජලය කල්වේලා ඇතිව රැස්කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය ජනතාවට දැනුම්දී තිබේ. ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ අඹතලේ බලශක්තිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියකට අදාළව නව සම්ප්‍රේෂණ නළ එළීමේ කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කරන බවය.

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. එසේම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇතිවිය හැකිය. මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Read More

එළඹෙන 2023 වසරේ දී ලක්ෂ 15 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් 2024 දී එම ඉලක්කය ලක්ෂ 30 ක් බවත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “මේ අවුරුද්ද අවසානය වෙද්දී අපේ ඉලක්කය තිබ්බේ ලක්ෂ 8ක සංචාරකයෝ ගෙන්න ගන්න.මම විශ්වාස කරනවා අද වෙනකොට දෙසැම්බර් පළවෙනිදා ලක්ෂ හත හමාරක් වෙන්න තව ලක්ෂයක්, එකයි විස්සක් විතර තව ඕන වෙනවා අපිට. හැබැයි මට විශ්වාසයි දෙසැම්බර් මාසය කියන්නේ ලංකාවේ පිටරට හිටපු අපේ ඩයස්පෝරාව, ඔවුන් අවුරුදු දෙක තුනකට ලංකාවට ඇවිත් නැහැ. මේ දෙසැම්බර් මාසයේ අපිට විශාල සංචාරකයෝ ප්‍රමාණයක් ලංකාවට එන මාසයක්…

Read More

ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවසීය. ඒ අනුව ලබන මාර්තු මාසයේ දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කරනු ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය. තමන් පසුගිය වසරේත් විදුලි අර්බුදය පිළිබඳ අනතුරු ඇඟවූවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පියවර නෙගැනීමෙන් රට බරපතල තත්ත්වයකට පත් වූ බවත් කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. මාස දෙකකට ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක් නොමැති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබියදී ඩෙලර් අර්බුදයත් සමග මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (1) ආරම්භ කෙරිණි. 2023 වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීම වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් දහස් ගණනක් ලැබී ඇති බැවින් එජාප නායකයන්ගේ ප්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම සිදු කෙරෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර,සභාපති වජිර අබේවර්ධන,උප නායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක, නවීන් දිසානායක හා දයා ගමගේ මහත්වරුන් ඇතුළු එජාප නායකයයෝ රැසක් මෙම…

Read More

ශ්‍රී ලංකාව සෑම අතින්ම පළමු තැනට ගෙන ඒමට නම් රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්ථනාත්මක, විප්ලවීය වෙනසක් සිදු කළ යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. සමගි ජන බලවේග රජයක් තුළ ඉංග්‍රීසි භාෂාව, තොරතුරු තාක්ෂණය, බයෝ තාක්ෂණය, කෘතීම බුද්ධිය සහ පරිගණ විද්‍යාව මෙරට සියලුම පාසල් දූ දරුවන්ට ලබා දීමට සීඝ්‍රගාමී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක 41වන සක්වල වැඩසටහනට සමගාමීව ලක්ෂ 50කට වැඩි වටිනාකමින් යුත් බස් රථයක් මැදකොළඹ ෆාතිමා මුස්ලිම් බාලිකා විද්‍යාලයට පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Read More

කොවිඩ් වසංගතය පළමුවෙන්ම වාර්තා වූ චීනය තවමත් එම රෝගය හේතුවෙන් පීඩා විඳියි. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා චීන පාලකයින් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර එම ප්‍රතිපත්තිය එරට ජනතාව දැඩි පීඩනයකට ලක්කර තිබෙන බව සඳහන් ය. මේ හේතුවෙන් එරට සමහර ප්‍රදේශවල ජනතාව විරෝධතා පැවැත්වීය. එම විරෝධතා පැතිර ගියේ බටහිර සින්ජියෑන් කලාපයේ පිහිටි තට්ටු නිවාසයක ඇතිවූ ගින්නකින් 10 දෙනෙක් මියයෑමෙන් අනතුරුවය. විරෝධතා පාලනයට එරට ආරක්ෂක අංශ බලය පාවිච්චි කළ අතර ජාත්‍යන්තරයෙන් පවා ඊට එල්ලවූයේ දැඩි විරෝධයකි. ජනතා විරෝධය හේතුවෙන් දැඩි කොවිඩ් සීමා ලිහිල් කිරීමට චීන බලධාරීන් කටයුතු කළේය.

Read More

පාසල් දරුවන්ගේ කෘශ භාවය ඉහළ ගොස් ඇති බව පෝෂණ මාසය තුළ සිදුකළ සමීක්ෂණයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අනාවරණ කරගෙන තිබේ. ඒ වයස අවුරුදු 05ට අඩු දරුවන් අතර මන්දපෝෂණය හා කෘශභාවය සැලකිය යුතු අයුරින් ඉහළ ගොස් ඇතැයි තහවුරු කරගැනුණු පසුබිමකය. සෑම වසරකම ඔක්තෝබර් පෝෂණ මාසයට අදාළව අවුරුදු 5ට අඩු දරුවන්ගේ බර සහ උස ගණනය කරමින් පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හරහා දීපව්‍යාප්තව සමීක්ෂණයක් සිදුකරන අතර ඊට අනුව මෙම වසරේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ වුණි. 2021 වසරේදි 8.2%ක් පැවති කෘශ දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේදී පවතින්නේ 10.1%ක් දක්වා ඉහළ මට්ටමකය. දරුවන් 18,420…

Read More

වසරේ පළමු මාස 8ක කාලය තුළදී වෛද්‍යවරුන් 477 දෙනකු රට හැරදා විදේශගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. යෝජිත අසාධාරණ බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදී සංගම් කැඳවු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සඳහන් කළේ වෘත්තීයවේදීන් රට හැරයෑමේ සීඝ්‍ර ප්‍රවණතාව හමුවේ අර්බුද රැසක් ඉදිරියේදී ඇතිවිය හැකි බවය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා, “මේ බදු සංශෝධනවල අවසාන ප්‍රතිඵලය ලෙස සිදුවෙන්නේ රට ආපස්සට යෑමක්. රට හැරයන වෘත්තිකයින් නවත්වන්න උත්සාහ කරනවා මිසක්, රට හැර යන්න සිද්ධවෙලා තියෙන්නේ ඇයි කියලා හොයලා.. ඒවා නිවැරදි කරන්න උත්සාහයක් නැහැ. අපි ළඟ තිබෙන දත්ත අනුව පළවෙනි මාස 8 තුළ 477ක් වෛද්‍යවරු රටින්…

Read More

පාසල් සිසුවෙකුගේ මුහුණ සිඹ අතවර කළ බව කියන ගුරුවරියක් පිළිබඳ පුවතක් වාර්තා විය. සිද්ධියට මුහුණදී ඇත්තේ 15 හැවිරිදි සිසුවෙකි. සිසුවා පදිංචිව සිටින නිවෙසට ගොස් ඇති අදාළ ගුරුවරිය එහිදී මෙම ක්‍රියාව සිදුකර තිබේ. චෝදනා එල්ලවී ඇත්තේ හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියකටය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ගුරුවරියව හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ සිසුවාගේ පන්ති භාර ගුරුතුමිය ලෙස කටයුතු කළ ඉතිහාසය විෂය උගන්වන 42 හැවිරිදි තිදරු මවකි. සිද්ධියට මුහුණ දුන් සිසුවාගේ මව සහ පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ රැකවරණය යටතේ සිසුවා සිටින බව පොලීසිය පවසයි. ඉකුත්…

Read More