Author: LFN

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ඡාලගත වකුගඩු ඡාවාරමට අදාළව එක්කෝටි හැට ලක්ෂයක මුදලකට වෘෂණ කෝෂ විකිණීමේ ඡාවාරමක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි. මහා පරිමාණ වකුගඩු ඡාවාරම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව සාක්ෂි සටහන් කර ගැනීමේ දී මෙම කරුණු හෙළිවී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි. බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි තරුණයකුගෙන් එක් වෘෂණ කෝෂයක් රුපියල් එක්කෝටි හැට අට ලක්ෂයකට මිලදී ගැනීම සඳහා සියල්ල සුදානම් කර තිබියදී වකුගඩුදායකයින් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් එම තැනැත්තා සිය වෘෂණ කෝෂය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලීසිය පවසයි. බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙම වෘෂණ කෝෂ දායකයාට අදාළ රෝහල සම්බන්ධ කර ඇති බවත් සැත්කම සදහා දින…

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා රුපියල් කෝටි 148කට අධික මුදලක් වැය කර ඇතැයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියෝග මත ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් තොරතුරුවලින් හෙළි වෙයි. ඔවුන් පොදුවේ තම පුද්ගලික කාර්ය මණ්ඩලය නඩත්තු කිරීම සඳහා වැයකළ මුදලින් සියයට 57 ක ප්‍රමාණයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැය කර ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සියයට 43 ක ප්‍රමාණයක් වැය කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ 2010 සිට…

Read More

ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල ආයෝජනය කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනට ආරාධනා කර තිබේ. දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය සිදුකර ඇත. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ අධි තාක්ෂණික අංශයේ, කෘෂිකර්මාන්තයේ, ධීවර සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කිරීම සඳහා මාලදිවයිනට ආරාධනා කරන බවය. එසේම මත්ද්‍රව්‍ය උවදුර පාලනයටත් එක්ව කටයුතු කළයුුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයිනේ උප ජනාධිපති ෆයිසාල් නසීම් මහතා අතර පැවැති හමුවේදී කරුණු සාකච්ඡා වී තිබේ.

Read More

නව දේශපාලන පක්ෂ 07ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ. 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා පැවසුවේය. පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂ මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Read More

සංචාරක වීසා මාර්ගයෙන් විදේශ රැකියා සඳහා පිටත්වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි පුද්ගලයින් 09 දෙනෙකු රඳවාගෙන තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ මැලේසියාවේ සංචාරය සඳහා යාමට පැමිණි 14 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලාංකිකයින් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී පරීක්ෂා කිරීමේදී, ඉන් 09 දෙනෙකු සංචාරක වීසා මගින් මැලේසියාවේ රැකියා සඳහා යෑමට උත්සහ කර ඇති බව හෙළිවූ බවය. කාන්තාවන් සිව් දෙනෙකු හා පිරිමි පුද්ගලයින් පස් දෙනෙකු මෙම පිරිසට අයත් ය. මෙම පිරිස මැලේසියාවට රැගෙනයෑමට ජාවාරම්කරුවන් උත්සහ කර තිබේ. ගුවන් තොටුපොළේදී, ඔවුන් සංචාරක වීසා මගින් විදේශ ගතවීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ…

Read More

අතුරුදන්වී සිටින තරුණයෙකු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ. මාවනැල්ල පොලීසිය දැනුම්දෙන්නේ විදූෂික නවාංජන බණ්ඩාර නමැති 20 හැවිරිදි මෙම තරුණයා අතුරුදන්වී ඇති බවට ඔහුගේ මව විසින් ඉකුත් 19 වනදා පැමිණිල්ලක් සිදුකළ බවය. මව, පියා සහ සහෝදරිය සමග හිඟුල, මානික්කාව වත්ත ප්‍රදේශයේ ජීවත්වී ඇති එම තරුණයා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු 2022 ජුනි මසදී පැවැදිවීම සඳහා පුත්තලම ආණමඩුව ප්‍රදේශයේ විහාරස්ථානයක් වෙත ගොස් තිබේ. පසුව ඔක්තෝබර් මසදී දෙමාව්පියන් බැලීම සඳහා නිවසට පැමිණ නැවත විහාරස්ථානය වෙත යෑම සඳහා නිවසින් පිටත්ව ගොස් ඇත. එසේ යන අතරතුර අවසන්වරට පැමිණිලිකාරියගේ සහෝදරියගේ දුරකථනයට ඇමතුමක් ගෙන කෑගල්ලේ සිටින බවට ප්‍රකාශ කර තිබූ බව…

Read More

මෙම වසර තුළදී විදේශ ආයෝකයින් සමග ගිවිසුම් 123ක් අත්සන් කර තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ අතරින් 41ක් නව ගිවිසුම් වන අතර 82ක් ප්‍රතිආයෝජන සහිත ගිවිසුම් වෙයි. අද (02) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අතර ඉන්දියාව, ජපානය, නෝර්වේ සහ සිංගප්පූරව වැනි රටවල අයෝජකයින්ද සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

A සාමාර්ථ 9ක් සමගින් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ සිසුවෙකුට පුද්ගලයෙකු භූමිතෙල් දමා ගිනි තැබීමේ සිද්ධියත් සමඟ ඊට අදාළ ඉදිරි විමර්ශන කටයුතු පොලීසිය විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් අම්පිටිය ප්‍රදේශයට පැමිණ ඉදිරි විමර්ශන කටයුතු පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇත. සිද්ධියට අදාළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපක් කළේය. පොලීසිය පවසන්නේ, සැකකරු මීට පෙරද විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බවය. අම්පිටිය ප්‍රදේශය කලක් තිස්සේ භීතියට පත්කරමින් සිටින පිරිසක් හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වී සිටින බව ප්‍රදේශවාසීන් ද පවසයි. මහනුවර අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූ පාසල් සිසුවෙක් A සාමාර්ථ නවයක්…

Read More

අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ලේඛනය හෙවත් “අලි පොත” අධිකරණයට ඉදිරිපත්කරන ලෙස අභියාචනාධිකරණය විසින් කොළඹ මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය. ඇතුන් ලියාපදිංචි කිරීම සඳහා රජය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් අද (02) කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ විනිසුරුවරුන් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ඉදිරිපත් කළ අදාළ පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ දී කැඳවනු ලැබිණී. එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පරික්ෂා කිරීම සඳහා අලි පොත පරීක්ෂා කිරීම අවශ්‍ය බවට නිගමනය…

Read More

පොල්පිතිගම, කොරුවාව, පුගොල්ලාගම වෙල් යායක මාර්ගය අයිනේ රෙදි කැබල්ලකින් ඔතා දමා ගොස් සිටි බිළිදකු අද (02) පෙරවරුවේ බේරාගත් බව පොල්පිතිගම පොලීසිය පවසයි. වෙල්යාය සීමාවේ ගමන් ගත් කාන්තාවකට බිළිදෙක් අඩන ශබ්දය සොයා බැලීමේදී මෙම දරුවා දැක ඇත. පසුව ඒ පිළිබදව පොලීසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් බිළිඳා බේරාගෙන පොල්පිතිගම මුලික රෝහලේ මාතෘ වාට්ටුවට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබේ. පසුව රෝහල් කාර්යය මණ්ඩලය වහාම දරුවා පිරිසිදු කිරිමීට පියවර ගෙන තිබේ. කිරි නොමැතිව කුස ගින්න හමුවේ හඩා වැටෙන අවස්ථාවේ දී පොල්පිතිගම පොලීසියේ කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු මවුකිරි දීමට කටයුතු කර තිබේ.

Read More