Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනවාරියේ එන දැවැන්ත සෞඛ්‍ය ගැටලුවක්
    Featured

    ජනවාරියේ එන දැවැන්ත සෞඛ්‍ය ගැටලුවක්

    By LFNDecember 27, 2022No Comments1 Min Read195 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනවාරි පළමුවැනිදා සිට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් පවතින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ උග්‍ර හිඟයක් පවතින අවස්ථාවක වයස අවුරුදු 60 සම්පූර්ණවන නිලධාරිනියන් විශ්‍රාම ගැන්වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතවන බවය.

    “වෙනත් වර්ෂවලට වැඩිය 2022.12.31 වනදායින් පසුව විශ්‍රාම යන පිරිස වැඩිවෙලා තියෙනවා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ. මේක අපි දකින්නේ මේ වර්ෂයේ අවුරුදු 60 සම්පූර්ණ වෙන පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට අමතරව දැනට සේවයේ යෙදිලා හිටිය අවුරුදු 61, 62, 63, 64 කියන වයස සම්පූර්ණ කරපු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනුත් මේ දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යන්න නියමිතයි. මෙතැන දී පැහැදිලිව පේනවා වෙනත් වර්ෂවල එක් වර්ෂයක දී විශ්‍රාම යන පිරිසට වැඩිය ප්‍රමාණයක් මේ වර්ෂයේ දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යනවා. මේක පවුල් සෞඛ්‍ය සේවාවට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒක මාතෘ හා ළමා සෞඛ්‍යයට බලපානවා කියන්නේ එම සේවාව බිඳවැටීමේ අවදානමක් තියෙනවා.”

    විශ්‍රාම ගනු ලබන පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් වෙනුවට එම පුරප්පාඩු පියවීම සඳහා රජය නව බඳවා ගැනීම් සිදුකිරීමට මේ මොහොතේ කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බව ද රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළාය.

    සේවා බිඳවැටීමක් ඇති වුවහොත් එය වළක්වා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු සැලැස්මක් නොමැති බව එම මහත්මිය පැවසුවාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.