Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිල වැඩි නොකළොත් කප්පාදුවට හුරුවෙන්න වෙයි -ඇමති කංචන
    Featured

    විදුලි බිල වැඩි නොකළොත් කප්පාදුවට හුරුවෙන්න වෙයි -ඇමති කංචන

    By LFNDecember 27, 2022No Comments2 Mins Read355 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි බිල ඉහළ දැමීම සිදුනොකරන්නේ නම් ඒ වෙනුවෙන් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජන ජීවිතය හුරුකර ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය කාලයේ සිදුවු පාඩු පියවාගැනීමට විදුලි බිල වැඩිකරන බවට ඇතැමුන් චෝදනා කළ ද එවැනි තීරණයක් ගන්නේ නම්, විශාල වශයෙන් මිල වැඩිකිරීමට සිදුවන බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

    “මේක මම පෞද්ගලිකවත්, ජනාධිපතිවරයා පෞද්ගලිකවත් එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය පෞද්ගලිකවත්, දේශපාලන වශයෙන්වත් හිතලා ගත්ත තීන්දුවක් නෙමෙයි. මේක විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා තනියමවත් සභාපතිවරයා තනියමවත් එහෙම නැත්නම් කවුරු හරි එක ඉංජිනේරුවරයෙක් තනියම ගත්ත තීන්දුවක් නෙමෙයි. මේක පාලන පද්ධතියක් තියෙනවා. විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඉන්නවා විශාල ප්‍රමාණයක් ඔවුන් සැලකිල්ලට ගත්තා එළැඹෙන අවුරුද්දේ මම මුලිකව කිව්වා උපකල්පනය කරපු අවස්ථා 12ක් සංසන්ඳනය කරා. ඒ 12 උච්චතම අවස්ථාව තමා අපිට වැඩිම වශයෙන් වැඩිකරන්න වුණොත් රු 56.90ක උත්පාදන වියදමක් හැටියට ඒකකයක් කිව්වේ නියඟයක් ඇති වුණොත් කියලා. අපි ක්‍රම 12ක් කිව්වා. විදුලිබල මණ්ඩලය නැවත වතාවක් පරීක්ෂා කරලා ක්‍රම 12, 20කට පරිශීලනය කරලා තියෙනවා.

    මේ 20 තුළ ඔවුන් විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ පරිභෝජනය ගැන තියෙන දත්ත, ආර්ථික වශයෙන් තියෙන දත්ත පරිශීලනය කිරීමෙන් පසුව මෙය සුදුසුම ක්‍රමවේදය කියලා යෝජනා කළා. ඒ අනුව ජනවාරි 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න මේ ක්‍රමවේද 20 ඇතුළේ අඛණ්ඩව විදුලිය ලබාදීම වෙනුවෙන්, විශේෂයෙන්ම ජල විදුලියෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා 27%ක ප්‍රමාණයක් උත්පාදනය කරන්න පුළුවන් කියලා සම්පූර්ණ අවශ්‍යතාවයනේ, 28%ක් ගල්අඟුරුවලින් උත්පාදනය කරන්න පුළුවන් කියලා උපකල්පනය කරලා තියෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලය සතු ඩීසල් සහ දැවිතෙල් බලාගාරවලින් 13%ක්, විදුලිබල මණ්ඩලය සතු සුළං බලාගාරයෙන් 2%ක්, අනෙකුත් පෞද්ගලික ඩීසල් බලාගාර හා දැවිතෙල් බලාගාරවලින් 12%ක්, ඒ වගේම පුනර්ජනනීය බලශක්තිවලින් 13%ක් හා වහළය මත සවිකළ සූර්ය පැනල මගින් 4%ක්. ඒ අනුව ඔවුන් ගණනය කරලා තියෙනවා වියදම පමණක් ඒකකයක් 48.42ක් බවට පත්වෙයි කියලා උපකල්පනය කරනවා. එහෙම වුණොත් පසුගිය අගෝස්තු මාසයේ මහජන උපයෝගීතා කොමිසමෙන් ලබාදුන්න මිල සංශෝධනය තුළ ලැබෙන්නේ රු 29.14යි ඒකකයකට. ඒ අනුව ගණනය කරලා තියෙනවා රුපියල් බිලියන 278කට ආසන්න මුදලක් හිඟතාවයක් පවතිනවා කියලා. ඒ මුදල පියවා ගැනීම වෙනුවෙන් පමණයි මේ ගාස්තු සංශෝධනය සිදුකරන්නේ.

    මේක නොකර ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. එහෙම නම් අපිට පුරුදු වෙන්න වෙනවා පැය කිහිපයක විදුලි කප්පාදුවක් එක්ක අපේ ජන ජීවිතය හදාගන්න. මොකද දිගින් දිගටම ජනතාව ඉල්ලුවේ අඛණ්ඩව විදුලිය ලබාදෙන ක්‍රමවේදයකට යන්න කියලා. එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන විදුලි බලාගාර පාවිච්චි කරනවා වගේම පෞද්ගලික විදුලිබලාගාරත් ලබාගන්න වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.