Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී තිබේ. මේ අතර ඊයේ (01) කොළඹදී මාධ්‍ය අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, බස්නාහිර සහ දකුණු පළාත්වලට අමතරව කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පාසල් සිසුන් අතරද මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතය අධික ලෙස ඉහළ ගොස් ඇති බවය. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය අනෙකුත් රාජකාරීවලින් ඉවත් කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේ දී කටයුතු කරන බවය. වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගැනෙන හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1,100ත් 2,000ත් අතර වෙයි. හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන්…
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් දඩයක් නියමකර තිබේ. ඒ අයි සී සී චර්යාධර්ම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි. (30) ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් එක්දින තරගයේ දී වනිඳු හසරංග විනිසුරුවරයෙකුගේ තීරණයට විරුද්ධත්වය පෙන්වීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත. ඒ, හේතුවෙන් ඔහුට එක් අප්‍රසාද ලකුණක් සහ තරග ගාස්තුවෙන් 50%ක උපරිම දඩයක් ද නියම කර තිබේ. නජිබුල්ලා සර්ඩ්‍රාන්ගේ කඩුල්ල මුවා කිරීමේ තීන්දුව තෙවැනි විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා වනිඳු තිරය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිය අප්‍රසාදය පළ කිරීම මීට හේතුවී ඇත.
පාසල් වාර අවසන් කිරීම හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා අද නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 2022 වසරේ දෙවන පාසල් වාරය ඊයෙන් (01) අවසන් වන අතර තෙවන පාසල් වාරය ලබන 05 වන සඳුදා දිනයේ ආරම්භ කිරීමට නියමිතය. අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව හෙට දිනය රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවය. තෙවන පාසල් වාරයේ පළමු අදියර දෙසැම්බර් මස 05 වන දින සිට 22 වන දින දක්වා පැවැත්වෙන අතර නත්තල් උත්සවය හේතුවෙන් දෙසැම්බර් මස 23 වන දින සිට ජනවාරි මස පළමු වන දින දක්වා යළි පාසල්…
“Fleetwood Mac” සංගීත කණ්ඩායමේ ගායන ශිල්පිනී ක්‍රිස්ටීන් මැක්වි අභාවප්‍රාප්ත වී තිබේ. හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මියයන විට ක්‍රිස්ටීන් මැක්වි 79 හැවිරිදි වියේ පසුවුණි. ඇය විසින් ගායනා කළ “සෝන්ග්බර්ඩ්”, “ලිට්ල් ලයිස්” වැනි ගීත ලොව පුරා රසිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණි.
අද (01) දිනයේ සිට වෙළෙඳපොළ වෙත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂය ඉක්මවා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ඇනවුම් කර තිබූ ගෑස් නෞකා දිවයිනට පැමිණීම ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ වෙත ගෑස් නිකුත් කිරීම සීමා කර තිබු බවය. ඉල්ලුම් කර තිබු ගෑස් නෞකා මේ වන විට දිවයිනට ළඟාවෙමින් පවතින බව සභාපතිවරයා පවසයි. ඒ අනුව උත්සව සමය තුළ පාරිභෝගික ජනතාවට ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දී ඇති බව මුදිත පීරිස් මහතා සඳහන් කළේය. “අපි අද උදෑසන 12.5 ගෑස් සිලින්ඩර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කරනවා. ඒ වගේම අනෙක් සිලින්ඩරුත් මේ වගේම…
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ඉදිකිරීම් කටයුතු විධිමත්ව ඉදිරියට පවත්වාගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. මතුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගනිමින් රෝහලේ කටයුතු ඉදිරියට පත්වාගෙන යා යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ. රෝහලේ සැලැස්ම, පහසුකම් සහ එහි මතුව ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. පවතින මානව සම්පත් හිඟය සහ මූල්‍ය දුෂ්කරතා පිළිබඳව නිලධාරීන් මෙහිදි ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ. පවතින සම්පත් ඵලදායීව…
දුම්රිය ප්‍රමාදවීම් වළක්වාගැනීමට අවශ්‍ය නිසි විසඳුම් ලබාදීමට දුම්රිය පාලානාධිකාරිය අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමෙන් පමණක් දුම්රිය ප්‍රමාදයන් වැළැක්විය නොහැකි බවය. මේ වන විට පවතින දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ලබන පස් වන දින සිට කැලණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මෙම නව කාලසටහන හදුන්වාදීම මගින් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවන් යම්තාක් දුරට වළක්වා ගැනීමට හැකි වනු ඇති බවය. “මීට වසර කිහිපයකට පෙරත් දුම්රිය ප්‍රමාදවීමක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරිය කටයුතු…
ආදායම් බදු වාර්තා ගොනු කිරීමට නොවැම්බර් මස 30 වන දා සිට අමතර සතියක කාලයක් ලබාදී තිබේ. අද (01) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ, එම කාලය තුළ කිසිදු දඩ මුදලක් අය නොකෙරෙන බවය. ප්‍රශ්නය – Income tax refund submit කරන මෘදුකාංගය අක්‍රීය වෙලා තියනවා. මේක හිතාමතා කරල ද, අක්‍රීය වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුනේ. ඉතින් දැන් මේක අක්‍රීය වෙලා නිසා විශාල පිරිසක් ඉන්නවා මේ refund submit කරන්න බැරුව. මම හිතන්නේ මේ වෙලාවේ හැටියට මේකේ ඇත්ත තත්ත්වය අපි දැනගන්න කැමතියි. මේක හිතා මතා…
සමෘද්ධිය ලබාදිය යුතු විශාල පිරිසක් සිටිය ද නුසුදුසු පිරිසක් සමෘද්ධිය ලබාගැනීම හේතුවෙන් අද වනවිට සහනය ලැබිය යුතු පුද්ගලයින්ට සහන ලබාදීම ගැටලුවක් බව ජනාධිපතිවරයා පවසයි. “නුසුදුසු අය ඉවත් කළොත් සුදුසු අයට දෙන්න පුළුවන්…” යනුවෙන් අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේය. “සමහර අය අවුරුදු 20ක් විතර ඔය ලැයිස්තුවේ ඉන්නවා. ඒක කරන්න බැරිවෙනවා මෙහෙම. පළමුවෙන්ම සුදුසු අය කවුද ? අලුතින් කොහොමද ඇතුළු කරන්නේ, කියලා අපිට කරන්න සිදුවෙනවා. සමහරු බලයි ඒක දේශපාලන ක්‍රියාවක් විදියට. ඇත්තෙන්ම සමෘද්ධිය ලබාගත යුතු අයට ඉස්සෙල්ලා සමෘද්ධිය ලබාදෙන්න ඕනේ. සමෘද්ධියට සුදුසුකම් නැති අයව එතැනින් ඉවත් කරන්න ඕනේ. අපිට මුදල් නෑ හැමකෙනාටම ගෙවන්න. ඒ තත්ත්වය මම කියන්න ඕනේ.…
ඇෆ්ගනිස්තානයේ ආගමික පාසලක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. උතුරු ඇෆ්ගනිස්තානයේ අයිබක් නගරයේ පිහිටි ආගමික පාසලක සිදුකර ඇති එම ප්‍රහාරයෙන් තවත් 26 දෙනෙක් තුවාල ලබා තිබුණි. මියගොස් ඇති පිරිසෙන් බහුතරය වයස අවුරුදු 9ත් 15ත් අතර ළමුන් ය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙක් වගකීම ගෙන නොමැති අතර තුවාල ලබා ඇති බහුතරයද පාසලේ සිසුන් වෙයි.