Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින්
    Featured

    තෙල් සංස්ථාවේ කෝටි 230ක් වතුරේ ගිහින්

    By LFNDecember 27, 2022No Comments1 Min Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා පිරවුම් හල් වැඩි ප්‍රමාණයකින් මාසික උපයෝගීතා ගාස්තු අය කර ගැනීම පැහැර හැරීම නිසා 2014 සිට 2020 දක්වා වූ කාලපරිච්ඡේදයේදී රුපියල් කෝටි 230කට වැඩි අලාභයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.

    මාසික උපයෝගීතා ගාස්තු අය කරගෙන තිබුණේ ඉන්ධන පිරවුම්හල් 11කින් පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.

    සංස්ථාව සතු පිරවුම්හල් (CODO) සහ භාණ්ඩාගාරය සතු කාණ්ඩයේ පිරවුම් හල්වලින් (TODO) 2014 ජනවාරි 1 වැනිදා සිට මාසික උපයෝගීතා ගාස්තු අය කිරීමට තීරණය ගනු ලැබුවේ එවකට අධ්‍යක්ෂ මණ්ඩලය විසිනි.

    පසුගිය විගණන වාර්තා කිහිපයකින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණද ඉන්ධන පිරවුම් හල්වලින් මෙම ගාස්තු අය කර ගැනීමට කිසිදු ඵලදායි පියවරක් ගෙන නොතිබූ බව පෙන්වා දෙන විගණන නිලධාරීහු 2020 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල මේ සම්බන්ධයෙන් කිසිඳු ගැලපීමක් කර නොතිබූ බවද සඳහන් කරති.

    මේ අතර විදේශ විනිමය ණය පියවීම ප්‍රමාදවීම හේතුවෙන් සංස්ථාවට අමතර පොළී වියදම ලෙස රුපියල් කෝටි 70 ක පමණ මුදලක් 2020 වර්ෂයේදී දැරීමට සිදුවූ බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

    මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2020 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.