Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සපුගස්කන්ද යළිත් අවදානමක
    Featured

    සපුගස්කන්ද යළිත් අවදානමක

    By LFNDecember 19, 2022No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුනේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

    මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය.

    එහෙත් නියමිත ප්‍රමිතියට ඉන්ධන නිෂ්පාදනය කරන තෙක් පිරිපහදු නිෂ්පාදන ගබඩා කළ යුතු අතර ඒ සඳහා ඉන්ධන පිරිපහදුවක් වසරක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව එහි සේවකයින් සඳහන් කළේය.

    මෙම වසරේ අවස්ථා කිහිපයක දී ඉන්ධන පිරිපහදුව වසා දැමීමත්, යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මේ වන විට පිරිපහදු නිෂ්පාදන ගබඩා තුළ ගොඩගැසී ඇති බව සඳහන්ය.

    ඊට හේතුව වී ඇත්තේ ප්‍රමාණවත් පරිදි බොරතෙල් මෙරටට ගෙන ඒමට හැකියාව නොපැවැතීම හේතුවෙන් නියමිත ප්‍රමිතියට පිරිපහදු නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කිරීමට අවස්ථාව නොලැබීම බව වාර්තා වේ.

    නියමිත ප්‍රමිතියෙන් පිරිපහදු නිෂ්පාදන වෙළදපොළට නිකුත් කිරීමට නම් වසර දෙකකටවත් ප්‍රමාණවත් බොරතෙල් මෙරටට රැගෙන ආ යුතු බවද වෘත්තිය සමිති පෙන්වාදෙයි.

    සල්ෆර් වැනි ද්‍රව්‍ය ගබඩා තුළ ගොඩගැසීම හේතුවෙන් ඒවා අවස්ථා කිහිපයක දි පිරිපහදු කර අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුකළ යුතු වේ.

    කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යළිත් වරක් පිරිපහදුව වසා දැමීමට සිදුවනු ඇති බවට ද වෘත්තීය සමිති සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.