Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සපුගස්කන්ද යළිත් අවදානමක
    Featured

    සපුගස්කන්ද යළිත් අවදානමක

    By LFNDecember 19, 2022No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුනේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

    මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය.

    එහෙත් නියමිත ප්‍රමිතියට ඉන්ධන නිෂ්පාදනය කරන තෙක් පිරිපහදු නිෂ්පාදන ගබඩා කළ යුතු අතර ඒ සඳහා ඉන්ධන පිරිපහදුවක් වසරක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව එහි සේවකයින් සඳහන් කළේය.

    මෙම වසරේ අවස්ථා කිහිපයක දී ඉන්ධන පිරිපහදුව වසා දැමීමත්, යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මේ වන විට පිරිපහදු නිෂ්පාදන ගබඩා තුළ ගොඩගැසී ඇති බව සඳහන්ය.

    ඊට හේතුව වී ඇත්තේ ප්‍රමාණවත් පරිදි බොරතෙල් මෙරටට ගෙන ඒමට හැකියාව නොපැවැතීම හේතුවෙන් නියමිත ප්‍රමිතියට පිරිපහදු නිෂ්පාදන වෙළෙඳපොළට යොමු කිරීමට අවස්ථාව නොලැබීම බව වාර්තා වේ.

    නියමිත ප්‍රමිතියෙන් පිරිපහදු නිෂ්පාදන වෙළදපොළට නිකුත් කිරීමට නම් වසර දෙකකටවත් ප්‍රමාණවත් බොරතෙල් මෙරටට රැගෙන ආ යුතු බවද වෘත්තිය සමිති පෙන්වාදෙයි.

    සල්ෆර් වැනි ද්‍රව්‍ය ගබඩා තුළ ගොඩගැසීම හේතුවෙන් ඒවා අවස්ථා කිහිපයක දි පිරිපහදු කර අවශ්‍ය ප්‍රමිතියෙන් යුත් ඉන්ධන වෙළෙඳපොළට නිකුත් කිරීම සිදුකළ යුතු වේ.

    කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ යළිත් වරක් පිරිපහදුව වසා දැමීමට සිදුවනු ඇති බවට ද වෘත්තීය සමිති සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.