Author: LFN

කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීමට අදාළ සියලුම නීතිමය කටයුතු සකස්කර අවසන් බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි. ඊයේ පාර්ලිමේන්තුවේදී 2023 අයවැය විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. අයවැය විවාදයෙන් පසුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා, “ඖෂධීය කංසා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ අපනයන කර්මාන්තයක් ලෙස දියුණු කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය සියලුම නීතිමය කටයුතු සකස්කරලා තියෙන්නේ. අයවැය විවාද කාලයෙන් පසුව අපි එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා.…

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2022. 11. 30 දින පස්වරුවේ කැඳවා ඇති විධායක සභා රැස්වීම සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිළිතුරු ලිපියක් යොමුකර තිබේ. එහි දැක්වෙන්නේ, අදාළ රැස්වීම පැවැත්වුවහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය. තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ලෙස කටයුතු කරන්නේ කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බවද අදාළ ලිපියෙන් ඔහු පෙන්වා දී තිබේ.

Read More

මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර 40,000ක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබේ. ඒවා කුඩා දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බව පොලීසිය සැකකරයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි. පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක ඒවා අලෙවියට තබා තිබූ අතර නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව පානදුර උතුර පොලීසිය වැටලීම සිදුකර තිබුණි.

Read More

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සබරගමුව පළාතේත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Read More

ජංගම ශරීර සම්බාහන සේවාව සිදුකරන බවට මුහුණු පොත ඔස්සේ දැන්වීම් පලකර කළුතර වෙරළට ගෙන්වා තරුණයකුට පහරදී යතුරු පැදියක්, ජංගම දුරකථනයක් සහ මුදල් කොල්ලකෑ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . කළුතර උතුර සහ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 27 සහ 28 වියැති පුද්ගලයන් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. සැකකරුවන් කාන්තාවන් ලෙස මුහුණු පොතේ පෙනී සිට ජංගම ශරීර සම්භාහන සේවය සපයන බවට පළ කර නාගස්හන්දිය මුහුදු වෙරළට ගෙන්වා පහරදී යතුරුපැදිය , ජංගම දුරකථනය සහ මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලිසිය කීය. සැකකරුවන් වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කොල්ලකෑ යතුරුපැදිය සහ ජංගම දුරකථනයද සොයාගත් බව පොලිසිය කීය. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…

Read More

ලංකාවේ ටෙන්ඩර් ක්‍රමය අන්ත දූෂිත බව හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය. “ටෙන්ඩර් හරහා ඇමැතිවරුන් හොරකම් කරනවාද දේශපාලනඥයන් හොරකම් කරනවාද රාජ්‍ය නිලධාරීන් හොරකම් කරනවාද ජාවාරම්කාරයන් බිස්නස් කාරයන් මේ අස්සට රිංගලා හොරකම් කරනවාද කියල අපි දන්නෙ නැහැ” යැයිද ඔහු සඳහන් කළේය. සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි මිල ගැනීම්ද ඇඟට ගුණ නැතැයි හිටපු ජනාධිපතිවරයා කීවේය. ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරකසභා අවස්ථාවේ විවාදයේදීය.

Read More

2022 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 11 ඉක්මවා තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය ඒ බව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රේගුවේ දත්ත පදනම් කරගෙන බවද සඳහන් කරයි.

Read More

විදේශ රැකියා නියෝජිත ආයතන 13 කට හිමිව තිබූ පුද්ගලයන් විදේශගත කිරීමේ බලපත්‍ර වහාම ක්‍රියාත්මක පරිදි අත්හිටුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් හිමි විදේශ රැකියා සඳහා යොමුකළ තැනැත්තන්ගේ ගිවිසුම්ගත සේවා කාල සීමාව තුළදී ඔවුන් පිළිබඳව සොයාබැලීමත්, සේවා ස්ථානයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය සහනයන් සැලසීමත් සහ සේවා ගිවිසුමේ කොන්දේසි කඩනොවන පරිදි රැකියා අවස්ථා සලසාදීම එකී තැනැත්තන් විදේශ ගතකිරීමට මැදිහත් වූ රැකියා නියෝජිතායතනයේ වගකීම පැහැරහැරීමක් බව ද එම කාර්යංශය කියයි. සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශයට ලැබුණු පැමිණිලි අනුව විසඳුම්…

Read More