Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවට නව ආයෝජන ගෙනඒමට එරික් සෝල්හයිම් සූදානම්
    Featured

    ශ්‍රී ලංකාවට නව ආයෝජන ගෙනඒමට එරික් සෝල්හයිම් සූදානම්

    By LFNDecember 17, 2022No Comments2 Mins Read206 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක් බව ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා පවසයි.

    ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සමග ඊයේ (16) පැවති හමුවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය.

    එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා,

    “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මම ශ්‍රී ලංකාවට පැමිණියේ ආර්ථික අර්බුදය සඳහා හරිත තිරසාර විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමටයි. සුළං හා සූර්ය විදුලිබල ක්ෂේත්‍රවල නව ආයෝජනයන් ගෙන ඒමටත් මම බලාපොරොත්තු වෙනවා.”

    “අද පැවති සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මට දැනුම් දුන්නා.. පැවති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව. එය ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහොමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක්. එහිදී ඉන්දීය සම්භවයක් සහිත මෙරට දෙමළ ජනතාව නැත්නම් උඩරට දෙමළ ජනතාවට සිංහල හා මුස්ලිම් ජනතාව සමග සාමයෙන් ජීවත්වීමට ඇති අභිලාෂයත් ඔහු පැහැදිලි කළා.”

    “ඒ වගේම ශ්‍රී ලංකාවේ දුප්පත්ම ජනකොටස් වන වතුකරයේ ජනතාවට ආහාර ආධාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සැපයීමේ අවශ්‍යතාවයත් මෙහිදී අවධාරණය කෙරුණා. ඉතා දුෂ්කර කාලයක් පසුකරන ශ්‍රී ලාංකික ජනතාව වෙත මගේ සහාය මම පළ කරනවා.”

    “ඔවුන් අතරින් සමහර පිරිස්වලට ප්‍රමාණවත් ආහාර වේලක් නොලැබෙන බවත්, දෛනික ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීමටත් සිදුව ඇති බව දැනගන්න ලැබිලා තිබෙනවා. මේ දුෂ්කරතාවලින් මිදෙන මඟක් පිළිබඳව සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරන්න මම සූදානම්.”

    “එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට ජනාධිපතිවරයා දැඩි පරිශ්‍රමයක් දරනවා. චීනය සහ ඉන්දියාව සමගත් එලෙසමයි. මේ හරහා නැවතත් ආර්ථිකය ප්‍රකෘති කිරීමට හැකිවුවහොත් එය සියලු දෙනාටම මීට වඩා හොඳ කාලයක් උදාවේවි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.