Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රකට ව්‍යාපාරිකයාගේ ඝාතකයින් අල්ලන්න විශේෂ මෙහෙයුමක්
    Featured

    ප්‍රකට ව්‍යාපාරිකයාගේ ඝාතකයින් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

    By LFNDecember 17, 2022No Comments2 Mins Read324 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වූ දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු අංශ කිහිපයක් ඊට අයත්. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටීවී කැමරා දර්ශණ ද උපයෝගී කරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

    බොරැල්ල පොදු සුසාන භූමියේදී දෑත් ගැටගසා, ගෙල සිරකර, බරපගල තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී සොයාගත් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් රෝහල්ගත කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වුණා. ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

    මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසා ඔහු නිවසින් පිටත්ව ගොස් ඇති බවයි. ඊට ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකුගේද නම ඈඳී තිබෙනවා. ඔහු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක්ද සභාපතිවරයා සිදුකර තිබූ බවටයි වාර්තා වන්නේ.

    මේ අතර මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා උපදෙස්දී තිබෙනවා.

    ඒ, ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වූ දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවල ප්‍රගතිය විමසා බැලූ අවස්ථාවේදීයි.

    මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශන වල ප්‍රගතිය ද අමාත්‍යවරයා විසින් මෙහිදී විමසා බලා තිබෙනවා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.