Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික්ක 7ක වායු දුෂණය ඉහළට – අලුත්ම නිවේදනය මෙන්න
    Featured

    දිස්ත්‍රික්ක 7ක වායු දුෂණය ඉහළට – අලුත්ම නිවේදනය මෙන්න

    By LFNDecember 12, 2022No Comments2 Mins Read305 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (11) දිනට සාපේක්ෂව දිස්ත්‍රික්ක රැසක වායු ගෝලයේ දූෂණ මට්ටම අද (12) ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවල දැක්වුණි.

    කෙසේ වෙතත් එම සංවිධානය පවසන්නේ අද දිනය තුළ වායු දූෂණ තත්ත්වය මධ්‍යම මට්ටමක් තුළ පවතී යැයි අපේක්ෂා කරන බැවින් එම තත්ත්වය සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොවන බවය.

    කෙසේ වෙතත් වායු ගුණය කෙරෙහි සංවේදී පුද්ගලයින් හට යම් අපහසුතා ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

    ඉන්දියාවේ නව දිල්ලි අගනුවර ඇතුළු ඒ අවට තිබු අයහපත් වායු ධාරාවල බලපෑම පසුගිය දින කිහිපය පුරා ශ්‍රී ලංකාවට ද දරුණු ලෙස බලපෑවේය.

    වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ වායු දූෂණ මට්ටමේ අගය ඊයේ 123ක් ලෙස දැක්වුනත් අද එය 111ක් දක්වා අඩුවී තිබේ.

    කළුතර දිස්ත්‍රික්කයේ අගය 97 සිට 69 දක්වා පහළ බැස තිබුණි.

    වායූ ගුණ තත්ත්ව දර්ශකයට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ 77ක් ලෙස ඊයේ සටහන් වූ අගය අදත් එලෙසම වාර්තා වේ.

    යාපනය දිස්ත්‍රික්කයේ ඊයේ අගය 109ක් ලෙස වාර්තා වූ අතර අද එම අගය දැක්වුණේ 103ක් ලෙසය.

    වව්නියාව දිස්ත්‍රික්කයේ ඊයේ 91ක්ව පැවති අගය අද 69ක් දක්වා පහළ බැස තිබුණි.

    එසේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ 69ක්ව පැවති අගය 60ක් දක්වා අද පහළ බැස තිබූ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ 83ක්ව පැවති අගයද අද 80ක් දක්වා පහළ බැස තිබුණි.

    කෙසේ වෙතත් දිස්ත්‍රික්ක 7ක පමණ වායු දූෂණ මට්ටමේ අගය ඊයේ දිනට සාපේක්ෂව අද ඉහළ ගොස් ඇති බව ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ දත්තවල සඳහන්ය.

    ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ අගය 89 සිට 140 දක්වා ඉහළ ගොස් තිබේ.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ ඊයේ 97 ක් ලෙස වාර්තා වූ අගයද අද 151ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දත්තවල සඳහන්ය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඊයේ 86ක්ව පැවති අගය අද 106ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

    මීට අමතරව මහනුවර, කුරුණෑගල, ගාල්ල, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලද වායු දූෂණ මට්ටම ඊයේ දිනට සාපෝක්ෂව ඉහළ ගොස් තිබේ.

    මෙහි බදුල්ල හා හම්බන්තොට ප්‍රදේශවල වැඩි අගයන් පෙන්වන්නේ ඒ ප්‍රදේශයන්ට පමණක් බලපාන තාවකාලික හේතූන් මත විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    මෙම තත්ත්වය ඊයේ දින පැවති තත්ත්වයට සමාන තත්ත්වයක් වන අතර ඉදිරි දින කිහිපය තුළම මෙම තත්ත්වය පවතිනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.