Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»‘‘බණ්ඩාරනායක දර්ශනය මහින්දලාට හරියන්නේ නෑ‘‘
    Featured

    ‘‘බණ්ඩාරනායක දර්ශනය මහින්දලාට හරියන්නේ නෑ‘‘

    By LFNDecember 12, 2022No Comments2 Mins Read216 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තුන්වේලම හොඳට කාලා බීලා තෘප්තිමත් ජනතාවක් සිටිය රටක් බංකොලොත් කියලා ලෝකයටම ප්‍රකාශ කර තිබෙන්නේ වත්මන් ආණ්ඩුව යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කුරුණෑගලදී පැවැසුවාය.

    කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (පොදුජන පෙරමුණ ) ජයරත්න හේරත් මහතාගේ කුරුණෑගල වඳුරාගල පිහිටි නිවසේ මෙම ජනහමුවකට එක් වෙමින් හිටපු ජනපතිනිය එසේ කීවාය.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිනිය මෙසේද සඳහන් කළාය.

    දැන් ලංකාව ණය නොගෙවන රටක් බව ආණ්ඩුවම පිළිගෙන තියෙනවා. මොන විලිලැජ්ජාවක්ද ඒක. සීයට 33% ක් පවුල් වේලක් කන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා. අවුරුදු පහට අඩු ළමයි විශාල පිරිසක් අධි මන්ද පෝෂණයෙන් පෙලෙන රටක් බවට වත්මන් ආණ්ඩුව රට පත් කරලා ඉවරයි. මේ රට බංකොලොත් බව ප්‍රකාශ කරලා තියෙන්නේ ආණ්ඩුව විසින්මයි. අපේ රට පුංචි වුණත් අවුරුදු 2300 ක ඉතිහාසයකට හිමිකම් කියන පෞඩ රටක්. ජනතාව තුන් වේලම හොඳට කාලා බීලා හිටපු රටක්. ලෝකය මවිත කරන වැව් පද්ධතියක් අපිට තිබුණා. ලෝකය පිළිගන්න ගෘහ නිර්මාණ ශිල්පයක් අපිට තිබුණා. ඒ කාරණා කොහොමද අපේ රටට ආවේ කියලා ලෝකයටම පුදුමයක්. එහෙව් රටක අද දවසට පැය ගාණක් විදුලිය නෑ. අධ්‍යාපනය බින්දුවට බැහැලා.

    මෙවැනි ප්‍රශ්න විසඳන්න ආන්ඩුවක් තිබිය යුතුයි. එහෙම ආණ්ඩුවක් අද තියෙනවාද ? එහෙම නායකත්වයක් තියෙනවද ? මෙතෙක් මෙරට පාලනය කළේ පක්ෂ දෙකක්. තවත් පක්ෂ තියෙනවා මන්ත්‍රීවරු හත් අට දෙනෙක් ඉන්න. ජනතා විමුක්ති පෙරමුණ දැන් ටිකක් ඉදිරියට එනවා. අනිත් පක්ෂනම් ඉවරයි. රටේ ප්‍රධානම පක්ෂයක් වුණු එක්සත් ජාතික පක්ෂයත් කෑලි දෙකකට කැඩිලා ඉවරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේවනවිට නැත්තටම නැති කරලා. මම ඒ පිළිබඳව අතිශයින්ම කණගාටු වෙනවා.

    දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු විතරක් කෑලි හයකට කැඩිලා ඉන්නේ. සෑහෙන පිරිසක් පොහොට්ටුව අරන් ගියා රාජපක්ෂලා. මහින්ද රාජපක්ෂට හීනයක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා ඒ අයගේ දර්ශනය අනුව නැවත ගොඩ නගාගන්න. මහින්ද ලාට බණ්ඩාරනායක දර්ශනය කවදාවත්ම හරියන්නේ නැහැ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම දවසක හොරකම් කරන අය හිටියෙ නැහැ. නමුත්ද දැන් ඒ ශ්‍රේෂ්ඨ පක්ෂයේ ප්‍රතිපත්ති වෙලා තියෙන්නේ මට, මගේ පවුලට, මගේ ගෑණිට, දරුවන්ට, ගෑනිගේ සහෝදරයින්ට ආදී වශයෙනුයි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පිරිසක් විනාශ කරලා ඉවරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.