Author: LFN

දිග සුදු නැට්ටක් තියෙන කුරුල්ලා සුදු සුදුරෙදිහොරා ලෙසත් කහපාට පිහාටු තිබෙන කුරුල්ලා සිවුරුහොරා ලෙසත් හැඳින්වීමෙන් පෙනෙන්නේ මේ රටේ මිනිස්සු හොරා කියන වචනය කොච්චර නිකරුණේ පාවිච්චි කරනවද කියන එක නොවේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) ප්‍රශ්න කළේය. මේ රටේ හොඳින් වැඩ කරන සෑම නායකයකුම අද හඳුන්වන්නේ හොරා කියන වචනයෙන් බවද හෙතෙම සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

Read More

පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණි ක්‍රීඩකයින් අතර ශ්‍රී ලංකාවේ ධනංජය ද සිල්වා දෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ, පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් පිටියේ තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ නවතම ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවට අනුවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ මෙම ශ්‍රේණිගත කිරීමේදී ස්ථාන 70 ක් ඉදිරියට පැමිණීමට ධනංජය ද සිල්වාට හැකිවී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහු ලෝක කුසලාන තරඟ බිමේදී එක් කරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 67 ක්. ඒ අනුව ධනංජය ද සිල්වා නවතම තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර 30 වන ස්ථානයේ පසුවනවා. ඒ, ලෝක කුසලාන තරඟ බිමේදී ලකුණු 177 ක් සහ කඬුලු 6 ක් දවා ගැනීම…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයට ලබාදී ඇති මගපෙන්වීම්වලට අනුව එරට පෙට්‍රල්, විදුලිය සහ ගෑස් මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානය තුළ අඛණ්ඩව ඉහළ යමින් ඇති උද්ධමනය සහ පාකිස්තාන රුපියලට සාපේක්ෂව අමෙරිකානු ඩොලරයේ අගය ඉහළයෑම නිසා පාකිස්ථානය තුළත් ජනතාව පීඩාවට පත්වෙමින් සිටී. එමෙන්ම පාකිස්තානයේ මූල්‍ය හා ආදායම් පිළිබඳ ජාතික සභා ස්ථාවර කමිටුව ද උද්ධමන අනුපාතය හා ඩොලරයේ අගය ඉහළයෑම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඒ අනුව පාකිස්තානයේ මුදල් අමාත්‍යවරයා එළඹෙන සතියේදී එම කමිටුව හමුවට කැඳවා ඇතැයි ද වාර්තා වෙයි.

Read More

තිලංග සුමතිපාල මහතා වෙත රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස අර්ජුන රණතුංග මහතාට ඊයේ (17) අධිකරණය නියෝග කළේය. පසුගිය 2003 වසරේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී තමන්ට අපහාස සිදුවන අන්දමේ ප්‍රකාශයක් සිදුකළේ යැයි සඳහන් කරමින් හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එරෙහිව හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවරා තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ගල්කිස්ස සිවිල් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ. ටෙලිකොම් සමාගමේ සභාපති ධුරය ඇතුළු කිසිදු තනතුරකට තිලංග සුමතිපාල මහතා සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් අපහාස සහ අභූත චෝදනා ඇතුළත් ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් අර්ජුන රණතුංග මහතාගෙන් අය කර දෙන ලෙසට තිලංග සුමතිපාල මහතා…

Read More

බැංකු හරහා ණය ලබාගැනීමෙන් අපහසුතාවයට පත්ව ඇති ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන ලෙසට බැංකුවලට උපදෙස් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලය තුළ විචල්‍ය පොලී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අයකරන පොලී අනුපාත ඉහළ දැමීම නිසා අපහසුතාවට පත්වූ ගනුදෙනුකරුවන්ට මෙම සහනය ලබාගත හැකි බවය. එහිදී මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී ඇත්තේ මෙලෙස පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණයහිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට…

Read More

මීට වසර 08කට ඉහතදී නැගෙනහිර යුක්‍රේන ගුවන් සීමාවේදී මගී ගුවන්යානයක් මිසයිල ප්‍රහාරයකින් බිමහෙළීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙදර්ලන්ත අධිකරණයක් මගින් පුද්ගලයින් තිදෙනෙක් වැරදිකරුවන් බවට තීන්දුකර තිබේ. එහිදී ගුවන් මගීන් 298 දෙනෙක් මරණයට පත්විය. අධිකරණයේදී හෙළිවී ඇත්තේ රුසියානු සහාය ලැබූ සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයින් රුසියාව විසින් සපයා තිබූ මිසයිලයක් යොදාගෙන අදාළ ප්‍රහාරය එල්ල කර තිබු බවය. එහිදී MH17 යානය කඩා වැටුණි. විනිසුරුවරුන් විසින් රුසියානු ජාතිකයින් දෙදෙනෙක් සහ යුක්‍රේන ජාතිකයෙක් වැරදිකරුවන් බවට තීරණය කරමින් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. තවත් එක් රුසියනුවෙක් නිදහස් කළ අතර විත්තිකරුවන් නඩු විභාගයට සහභාගී නොවිණි.

Read More

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට සිදුවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයට පත්වී සිටී. මේ අතර කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, රුධිර පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම් හිඟයක් පැවතියද රෝහල් පද්ධතිය කඩා වැටීමට ඉඩ නොදෙන බවය. මේ අතර රුධිර දායකයින් ලබාදෙන රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර HIV ඇතුළු රෝගකාරක වෛරස තිබේදැයි පරික්ෂා කිරීමට භාවිත කරන එලයිසා නමැති රසායනික ද්‍රව්‍යය ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව පසුගිය 8 වනදා සෞඛ්‍ය වෘත්තිකයින් අනාවරණය කළේය.

Read More

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්වීමේ සිද්ධි පිළිබඳව නිරන්තරයෙන් තමන්ට පැමිණිලි ලැබෙන බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය. එසේ ලැබෙන පැමිණිලිවලින් වැඩි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ තාවකාලික සහ සංචාරක වීසා මත එරටට ගොස් රැකියා සඳහා යොමුවූ කාන්තාවගෙන් බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. එම කාන්තාවන් ජාවාරම්කරුවන් සහ වංචනිකයන්ට රැවටී ලියාපදිංචි නොවී ඕමානයට ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නේය. පීඩාවන්ට සහ අඩන්තේට්ටම්වලට ලක්ව දැනට ඕමානයේ සිරවී සිටින කාන්තාවන් 90 දෙනකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට සහාය අපේක්ෂාවෙන් පසුවන බවත් ඔවුන් එරට අගනුවර වන මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන්…

Read More

අද දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවය. මේ අතර සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී. මේ අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය නොවැම්බර් මස 19 වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිරට බරව වයඹ දෙසට ගමන්කරමින් නොවැම්බර් 20 සහ…

Read More

මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි. සැකකරුවන් යක්කලමුල්ල ප්‍රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත. මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත. විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ…

Read More