Author: LFN

විදෙස් පුරවැසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය වහා රටින් පිටුවහල් කරන්නැයි සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ද නොවන අදාල මන්ත්‍රීවරිය වහාම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන මිරිහානේ රැඳවූම් මධ්‍යස්ථානයට ගෙන ගොස් එතැන් සිට රටින් පිටුවහල් කරන ලෙස ද රහුමාන් මහතා පැවසීය. අදාල මන්ත්‍රීවරිය විදේශ පුරවැසියෙක් ලෙස සිටිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන බවට ලැබුණ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කොට අලුත්කඩේ අධිකරණයේ පැමිණිල්ලක්ද ගොනු කොට තිබෙන බව කී රහුමාන් මහතා ඇය 2014 වසරේ ගත් නේවාසික වීසා මත මෙරට රැඳී සිටින බව ද 2015 වසරේ හත්වෙනි මාසේ එම වීසාව කල් ඉකුත් වී තිබෙන බව…

Read More

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. විදේශීය ද්විපාර්ශවික සහ වාණිජ ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යහුගත කිරීමට අදාළව පමණක් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරයි. රාජ්‍ය බැංකු සහ දේශීය මූල්‍ය ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල විය හැකි බැවින් දේශිය ණය ක්ෂේත්‍රය ප්‍රතිව්‍යහගත කිරීමට රජය අවධානය යොමු කර නොමැති බව ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි. මේ අතර රාජ්‍ය අංශය තවදුරටත් පුළුල් නොවන වාතාවරණයක් තුළ රැකියා උත්පාදනය කිරීමේ හැකියාව පවතින්ගේ පෞද්ගලික අංශය සතුව බව ආචාර්ය නාලක ගොඩහේවා මන්ත්‍රිවරයා පවසයි. ඔහු පවසන්නේ එවන් වාතාවරණයක් තුළ ආණ්ඩුව ව්‍යාපාරික…

Read More

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගිනිකොණ දිග බෙංගාල බොක්ක සහ ඊට යාබඳ උතුරු අන්දමන් සාගරය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය නොවැම්බර් මස 19 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව ද එම නිවේදනයේ දැක්වේ. ඉන් පසුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කිරීමේ වැඩි හැකියාවක් පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර උතුරු අක්ෂාංශ 07ත් 20ත් නැගෙනහිර දේශාංෂ 80 සහ 93ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 50 – 55 පමණ වන අතර විටින් පැ.කි.මී 60 දක්වා වැඩි විය හැකිය. එම මුහුදු ප්‍රදේශ…

Read More

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ණය ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීන සංවර්ධන බැංකුවේ දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ. ඔවුන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා විය. චීන සංවර්ධන බැංකුව සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රධාන මූල්‍ය පහසුකම් සපයන්නෙකු ලෙසය.

Read More

වෙඩි වැදීම හේතුවෙන් බරපතළ තුවාළ ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කතරගම, දෙටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 05 හැවිරිදි දරුවෙකි. පොලීසිය පවසන්නේ වායු රයිෆලයක් වැරදීමකින් ක්‍රියාත්මකවීමෙන් කුඩා දරුවාට වෙඩි වැදී ඇති බවය. බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. 18 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් අනාරක්ෂිත ලෙස රැගෙන යමින් සිටි වායු රයිෆලයක් මෙලෙස වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් 18 හැවිරිදි වියේ පසුවන තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මරණ දඬුවම් නියම වූ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී දුමින් ද සිල්වා මහතාට ජනධිපති සමාවදීමට එරෙහිව පනවා ඇති නඩුවේ වගඋත්තරකරුවකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම්කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියාය.

Read More

මුදල් කළමනාකරණය හරියට කළොත් රටක් ලෙස ඉදිරියට යාමට හැකි බවත් එහෙම නැති වුනොත් 2022 දී රට බංකොලොත් වන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කලින්ම පවසා තිබූ බව රත්නපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය. මංගල සමරවීර මහතා මිල සූත්‍රය ක්‍රියාත්මක කරන විටත් බොහෝ අය එදා උසුළු විසුළුව කළ බව කී අතුකෝරල මහත්මිය මංගල සමරවීර මහතා තීන්දු තීරණ ගත්තේ බොහෝ ඈත බලා බව සඳහන් කළාය. ගෝඨාභය ඇවිත් ගත් ක්‍රියාමාර්ග නිසා අද පවතින බංකොලොත් තත්වයට මුහුණ දෙන්නට සිදු වී තිබෙන බවද මන්ත්‍රීවරිය කීවාය. සාමාන්‍ය ජීවිතය ගත කරන අයට අද නිදහස් අධ්‍යාපනයත් හීනයක් වී ඇතැයි ද ඉස්පිරිතාලයකට…

Read More

රටට වැරදුණු හේතුවට අයවැයෙන් වැරදිකරුවන් බවට පත්කර තිබෙන්නේ සහනාධාර මත යැපෙන අසරණ ජනතාව බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී කීවාය. ලැබෙන ආදායමින් ජීවිතය හරියට කළමනාකරණය කරගන්නට බැරි පුරවැසියන්ට මත වරප්‍රසාදිත ජීවිත ගත කරන අය විසින් වරද පටවා තිබෙන බව කී අමරසූරිය මෙනවිය ප්‍රශ්නය මේ විදිහට දකින්න නම් කොච්චර නපුරු විය යුතුදැයි ප්‍රශ්න කළේය. අයවැය තෙවැනි දින විවාදයට සහභාගී වෙමින් අමරසූරිය මහත්මිය මෙසේද කීවාය. අයවැයෙන් ප්‍රශ්නය හෝ දේශපාලන තත්වය තේරුම් ගෙන නැහැ.ජනතාව ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මොකක්ද කියා කිසිම සංවේදී බවක් පෙන්නුම් කරන්නේ නැහැ.ජනතාව පාලකයන්ගේ දුරස් වී ඇත්තේ ඇයි දැයි කිසිම හැඟීමක් නැතිව මෙය ඉදිරිපත් කර තිබෙනවා.

Read More

ගල්කිස්ස බඩෝවිටවත්ත ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී වරෙන්තුකරුවන් සහ සැකකරුවන් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි, බස්නාහිර අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රශාන්ත ජයකොඩි මහතාගේ අධික්ෂණය යටතේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් මෙම විශේෂ මෙහෙයුම දියත්කර ඇත. එහිදී බඩෝවිටවත්ත ප්‍රදේශයේ සැඟව සිටි වරෙන්තුකරුවන් 9ක් සහ සැක සහිත පුද්ගයන් 14ක් අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් මෙම වැටලීම සිදුකර ඇත. වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම පාතාල ක්‍රියාකාරකම්වලට ද මොවුන් සම්බන්ධ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read More

අද (17) අලුයම අහුංගල්ල, බලපිටිය දුම්රියපොළ අසල හීනටිය දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටී තිබේ. පොලීසිය පැවසුවේ, හීනටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් වසා තිබූ දුම්රිය ගේට්ටුව කඩාගෙන ගොස් කොලොන්නාවේ සිට ගාල්ල දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක ගැටී ඇති බවය. අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වූ හීනටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති අතර අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More