Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු උපකුලපතිට පහරදුන් සරසවි සිසුන් 10ක් හඳුනාගැනේ
    Featured

    හිටපු උපකුලපතිට පහරදුන් සරසවි සිසුන් 10ක් හඳුනාගැනේ

    By LFNDecember 12, 2022No Comments1 Min Read304 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ විශ්වවිද්‍යාල සිසුන් 10 දෙනෙකු පමණ මේ වන විට හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.

    පෙරේදා රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස්වීමක් සිදුවී ගැටුමක් හටගෙන තිබුණි.

    අදාළ පහරදීම සම්බන්ධයෙන් සිදුකළ පොලිස් පරික්ෂණවලදී මහාචාර්යවරයාගේ නිවසේ CCTV දර්ශන උපයෝගී කර ගනිමින් එහි දේපළවලට හානි සිදුකරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නිශ්චිතව හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

    ඒ අනුව සිද්ධියට අදාළව මේ වන විට හඳුනාගෙන විශ්වවිද්‍යාල සිසුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සඳහන්ය.

    එමෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමෙන් ආරම්භ කර ඇති අභ්‍යන්තර පරීක්ෂණයට අදාළව පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා විශ්වවිද්‍යාල සිසුන්ට තාවකාලික පංති තහනමක් පැනවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

    මාධ්‍ය කළ විමසීමක දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා,

    “පහරදීම සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක වෙනවා පේරාදෙණිය පොලීසිය සමග. මෙහිදී හඳුනාගන්න සිසුන් අභ්‍යන්තර පරීක්ෂණයකින් ඒ අයගේ විනය පරීක්ෂණයක් පවත්වා ඒ අයට අවශ්‍ය දඬුවම් දීමට කටයුතු කරනවා. මීට අමතරව මහාචාර්යතුමා හා එතුමාගේ පුත්‍රයා මේ වනවිට පැමිණිලි සටහන් කරලා තියෙනවා. ඒ අනුව පොලීසිය විමර්ශන සිදුකරනවා. ඒ සඳහා අවශ්‍ය උපරිම සයෝගය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබාදීමට කටයුතු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.