Author: LFN
ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස් ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ. නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු සිට ඇති අතර ඉන් 21 දෙනෙකු මුදවාගෙන ඇති බවත් වාර්තා වේ. මෙම නෞකාව ඉන්දියාවේ විජින්ජාම් වරායේ සිට ඉන්දියාවේ කොචි වරය බලා පිටත්ව යමින් සිටියදී නෞකාව මෙලෙස අනතුරට පත්ව ඇතැයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කර තිබේ. නිරිතදිග මෝසම ආරම්භ වීමත් සමග ඇති වූ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වන අතර එම නෞකාව ඉන්දියානු වේලාවෙන් රාත්‍රි 10 වන විට කොචි වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණ බවද එම මාධ්‍ය වාර්තා…
ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකාගේ අභාවය සම්බන්ධන තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඇගේ කරුණාව හා දක්ෂතාවයෙන් පරම්පරා ගණනාවක් ආභාශය ලැබූ බවය. ඇය දිවි සැරිය නිම කරනුයේ තවත් එක් කලාකාරිනියක හෝ ශිල්පිනියක නොව වේදිකා නාට්‍ය, සිනමාව, සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන් හී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙස බවත් ජනාධිපතිවරයාගේ සටහනෙහි සඳහන් වේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සටහන පහතින්, 1968 වර්ෂයේ දී සිය රංගන දිවිය ආරම්භ කළ හෙළ සිනමාවේ නිළි රැජිණ හෙවත් මාලනී ෆොන්සේකා මහත්මිය ඊයේ (24) දින සිය දිවි සැරිය…
ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර 03ක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන ලද විමර්ශනයකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 51 වයස්වල පසුවන මාළිගාවත්ත හා ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචි කොහුවළ හා බත්තරමුල්ල ප්‍රදේශවල පිහිටි ඡායාරූප ආයතන දෙකක හිමිකරුවන් දෙදෙනෙක් බව පොලීසිය පැවසීය. මෙම සැකකරුවන් විසින් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා කෙහෙල්බද්දර…
බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ. ඊයේ රාත්‍රියේ (24) දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබීය. 2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වේ. විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිතය. නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එළැඹෙන 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමටද නියමිතය. නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා විසින් ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, නේපාලය සහ ඉන්දියාව යන රටවල සංචාරය කිරීමට නියමිත…
කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අද (25) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහක් කරයි. ඒ අනුව අද උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. කොළඹ 1 සිට 15 දක්වා මෙන්ම කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, IDH, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ දී ලංගම බස් රථයක පිටුපස, වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදු වී තිබේ. මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ඇතුළු හය දෙනෙකු තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලට මාරු කිරීමට පියවර ගෙන ඇත. අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
රන් හා රිදී ආලේපිත T56 ගිනිඅවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අද (24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත. හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත්තේය.
හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත.
දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අනිද්දා සිට ආරම්භ කරන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රෙද්‍රිගෝගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව සෑම හමුදා කඳවුරකම අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සුබසාධන අංශය අනිද්දා සිට ක්‍රියාත්මක වනු ඇති. මෙමගින් විශ්‍රාමික, ආබාධිත සහ මිය ගිය හමුදා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සුබසාධන කටයුතු පහසුවෙන් සිදු කළ හැකි බවයි යුධ හමුදා මූලස්ථානය සඳහන් කළේ.