Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ ඔස්සේ මෙම ගමන්කරමින් සිටියදී මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත. මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්ය. අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්ය. ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන්ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බව අනාවරණය වී ඇත. මොවුන් දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී ඔවුන් ගෙන…
අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ, මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුව ඇත. අද (16) අලුයම 4ට පමණ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ. අනතුරෙන් කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලීසිය පැවසීය. හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදී ගෙන ඒවා අලෙවිකිරිම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ අතරතුර මෙම අනතුර සිදුව ඇත. අනතුර පිළිබද පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය කියා සිටියේ, කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ් රථය තුළ සිව්…
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබේ. කොළඹ පිහිටි පෞද්ගලික හෝටලයකදී ඊයේ (15) රාත්‍රියේ ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර, එහිදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව වාර්තා වේ. පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් බහුතර සභික සංඛ්‍යාව 50% ඉක්මවු හෝ 50% ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් විය. ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් පසුගියදා මෙම සාකච්ඡා ආරම්භ කෙරුණි. ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ සිදුකර ඇත. කෙසේ වෙතත් එම සාකච්ඡාව සඳහා සමගි ජන…
එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඊයේ (15) දින රැස්වූ පොසොන් කමිටුවේදී මේ බව තීරණය කර තිබේ. පොසොන් පුර පසළොස්වක පොහොය දිනය එළඹෙන මස 10 වන දිනට යෙදී තිබේ. ජාතික පොසොන් සතිය තුළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරනවා මිස අනුරාධපුර පූජා නගරය සංදර්ශන භූමියක් බවට පත් කර නොගන්නා ලෙස අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ මෙහිදී සියලු ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත. අනුරාධපුර පූජා නගරය, තන්තිරිමලය හා මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කරගනිමින් ජුනි මස 07 සිට 13 දක්වා ජාතික පොසොන් සතිය පැවැත්වෙන කාලසීමාව තුළදී විවිධ ආගමික වැඩසටහන්…
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවිකිරීමේ දෙවන අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය ඊයේ (15) පැවැත්විණි. හිටපු මැතිඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ වාහන 26ක් මෙහිදී වෙන්දේසි කර තිබුණි. ඉන් 17ක්ම අද දිනයේදී අලෙවි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. BMW මෝටර් රථයක්, Ford Everest රථ 02ක්, Hyundai Terracan රථයක්, Land Rover Discovery රථ 02ක්, Mitsubishi Montero රථයක්, Nissan පෙට්‍රල් රථ 03ක්, Nissan වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche Cayenne මෝටර් රථයක්, SsangYong Rexton…
හිටපු අමාත්‍යවරයකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමින් ය. එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති මාධව ගුණවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක ඇමතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” විසින් කොළඹ මහාධිකරණ භූමියේදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නැමති සංවිධානාත්මක අපරාධකරු පසුගිය (14) කොළඹ මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේදී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේදී මාධ්‍ය වෙත ටිරාන් අලස් මහතා සහ දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණි. ඒ, සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් පත් කර ඇති අතර ඊයේ (15) දින විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පැවසීය.
රාජකාරීයේ නිරත පොලිස් නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකුට පොලීසිය ඊයේ (15) පස්වරුවේ වෙඩි තබා තිබේ. නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් මත තෙලිකඩ පොලිස් වසමේ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ නිවසක් වැටලීමට ගොස් තිබූ අවස්ථාවේදී මෙම සිද්ධිය ඇතිවී තිබේ. එහිදී තෙලිකඩ පොලිස් නිලධාරීන්ට එහි සිටි පුද්ගලයකු විසින් මෙලෙස කඩුවකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබා තිබේ. පොලීසිය සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කළ බවය. මෙලෙස තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
අද (16) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එමෙන්ම මධ්‍යම, නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා…
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ඊයේ (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව ජූනි 10 වනදා දක්වා එම ආනයනයන්ට අදාළ අවසර ලබා දී තිබේ. එමෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා මෙහිදී අවස්තාව ලබා දී ඇත.