Author: LFN
ඇතැම් කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරු පළකරමින් සංචාරක කර්මාන්තය අඩපණ කිරීමේ උත්සාහයක නිරතවන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි. ඊයේ (26) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ මුස්ලිම් ප්‍රජාවගේ සහ ස්වාධීන කණ්ඩායම්වල සහාය ඇතිව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය දරන උත්සාහය ව්‍යර්ත කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය බවය. “අරුගම්බේවල අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා බිකිනි තහනම් වගේ ඉංග්‍රීසියෙන් සකස් කරන ලද ප්‍රකාශනයක්. කොළඹ මහනගර සභාව සහ තීරණාත්මක අපේ ප්‍රාදේශීයසභා නගරසභා ගණනාවක් මේ වෙලාවේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගයෙන් ස්වාධීන කණ්ඩායම්වල සහයෝගයෙන් පළාත් පාලන ආයතනවල ජාතික…
ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ. ඒ පසුගිය 24 වනදා අදාළ පොලිස් සැරයන්වරයා හා පුද්ගලයෙකු අතර බහින්බස්වීමක් අතර තුරදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙනි. අදාළ පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. එම සිදුවීම ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේදී අධික වේගයෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ බහින් බස් වීමකින් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර විඩීයෝ දර්ශනයට අදාළ පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට…
කිලිනොච්චිය, අරිවියර්නගර් දුම්රිය හරස් මාර්ගයේදී අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ දුම්රියක යතුරුපැදිකරුවෙකු ගැටී අනතුරක් සිදුව තිබේ. ඊයේ (25) පෙරවරුමේ සිදු වූ මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 28 ක් වූ පොන්නගර් උතුර, කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කළාය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. ඒ අනුව සැකකරු රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමට නියම කළාය. එම ඇපකරුවන් අතරින් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් විය. ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට…
රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ. ප්‍රහාරය සඳහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 298ක්, කෘෘස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 69ක් යොදාගෙන තිබේ. මෙය 2022 වසරෙන් පසුව එක් රාත්‍රියක දී රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් රුසියාවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කරයි.
ගල්කිස්ස ප්‍රදේශයේ ස්ථාන 03කදී පොලීසිය විසින් සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ලග තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගල්කිස්ස, ජබොස්ලේන් ප්‍රදේශයේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 400ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රාහුල පාර ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. එමෙන්ම රත්මලාන දුම්රියපොළ අසල දී හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 100ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. සැකකරුවන් 32,39 හා 54 වයස්වල පසුවන මොරටුව, රත්මලාන හා ගල්කිස්ස යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පිනි මාලිනි ෆොන්සේකා මහත්මියගේ දේහය මහජන ගෞරව සඳහා මේ වනවිට කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට රැගෙන විත් තිබේ. හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ. පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට නියමිත අතර පස්වරු 3.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතය. පස්වරු 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදු කිරීමට නියමිතව ඇත. ‘හෙල සිනමාවේ නිළි රැජිණ‘ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීන රංගන ශිලිපිණී මාලිනී…
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් හි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන්, එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින 24 හැවිරිදි මිල්ලා මාගී ඉවත් වී තිබේ. තරඟකරුවන්ට සලකන ආකාරය පිළිබඳ කනස්සල්ල පලකරමින් ඇය මෙම තරගයෙන් හදිසියේම ඉවත් වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. “The Sun” පුවත්පත සමඟ පැවති සම්මුක සාකච්ඡාවකදී ඇය මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ තරගය අතරතුරටදී “සූරා කෑමට ලක් වූ” බවය. ඇය පවසා ඇත්තේ තරගකරුවන්, අනුග්‍රාහකයින් සහ අමුත්තන් යන පිරිසට සංග්‍රහ කිරීම සඳහා පැවති උත්සවවලදී තමන්ට දැඩි අපහසුතාවයක් දැනුණු බවය. “අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම ගැහැණු ළමයින් දෙදෙනෙකු සිටියා. අපි මුළු සවසම ඔවුන් සමඟ වාඩි…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදීම සහ වෙඩි තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පසුගිය (24) මහරගමදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මැයි 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (25) පස්වරුවේ පවත්වා තිබේ. රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදුකරන මෙහෙය මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සිය ස්තූතියද පළකර ඇත. ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාව ආර්ථික වශයෙන් ගොඩනැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අමතරව ඔවුන්ගේ කටුක ජීවන රටාවට අස්වැසිල්ලක් වෙමින් සංස්කෘතික ජීවිතයක් ලබා දීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් රට තුළ ගොඩනැගිය හැකි බවත්, එහිදී ප්‍රාසාංගික ක්ෂේත්‍රයේ කලාකරුවන්ට…