Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අරුගම්බේ බිකිනි කතාව ගැන නියෝජ්‍ය ඇමති කතාකරයි
    Featured

    අරුගම්බේ බිකිනි කතාව ගැන නියෝජ්‍ය ඇමති කතාකරයි

    By LFNMay 26, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇතැම් කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ව්‍යාජ තොරතුරු පළකරමින් සංචාරක කර්මාන්තය අඩපණ කිරීමේ උත්සාහයක නිරතවන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

    ඊයේ (26) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී කියා සිටියේ මුස්ලිම් ප්‍රජාවගේ සහ ස්වාධීන කණ්ඩායම්වල සහාය ඇතිව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය දරන උත්සාහය ව්‍යර්ත කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය බවය.

    “අරුගම්බේවල අපි දැක්කා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා බිකිනි තහනම් වගේ ඉංග්‍රීසියෙන් සකස් කරන ලද ප්‍රකාශනයක්. කොළඹ මහනගර සභාව සහ තීරණාත්මක අපේ ප්‍රාදේශීයසභා නගරසභා ගණනාවක් මේ වෙලාවේ මුස්ලිම් ප්‍රජාවගේ සහයෝගයෙන් ස්වාධීන කණ්ඩායම්වල සහයෝගයෙන් පළාත් පාලන ආයතනවල ජාතික ජනබලවේගයේ බලය පිහිටුවන්න අපි සූදානම් වෙන අවස්ථාව. මේවා ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු ප්‍රවර්ධනය කරලා මේ දරණ උත්සහයක් තමයි මෙතන අපි නිරීක්ෂණය කළේ.”

    “ඇත්තටම සිද්ධියක් වෙලා තියෙනවා සති කිහිපයකට පෙර මේ ආරුගම්බේ ප්‍රදේශයේ නිරුවතින් යම්කිසි පුද්ගලයෙක් අවිදගෙන ගිහින් තියෙනවා ප්‍රධාන මාර්ගයේ. ඇත්තටම එකත් යම්කිසි කණ්ඩායමක් විසින් සංවිධානය කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් ද කියලා අපි සැක කරනවා.”

    “මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය ඒ අයගේ ආගමික විශ්වාසයන් පිළිබඳව අපගේ පූර්ණ ගෞරවය තියෙනවා. ඒ වගේම එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය අපි වසර ගණනාවක් පුරා සිදුකරනවා. මේක මේ හදිසියේ 2025 ආපු එකක් නෙමෙයි. ඉතින් මේ බංකොළොත් දේශපාලන කණ්ඩායම්වලට මේ උත්සහයන් තවදුරටත් සිදුකරන පුළුවන් වෙයි කියලා.”

    “මේ කණ්ඩායම් මේ දියවෙමින් තියෙන්නේ. මේ එයාලගේ දේශපාලන ව්‍යාපාරය දිවෙන එක වහගන්න ගත්ත උත්සහයක් මේක.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.