Author: LFN
සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි. උතුරු-මැද පළාතේත් මන්නාරම, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද…
අත්තනගල්ල, කරස්නාගොඩ ප්‍රදේශයේ චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කළ ජල ව්‍යාපෘතියක් හේතුවෙන් අවතැන් වූ පවුල් 35කගේ සුබසාධන කටයුතු වෙනුවෙන් එම සමාගම විසින් ලබාදුන් රුපියල් කෝටි 12කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (27) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය. ඒ් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ දීය. නඩුව අද කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මිනුවන්ගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමයේ ව්‍යාපෘති අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ කේ.ජී.වී ඇන්ටනි පෙරේරා මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණි. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 7…
සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා අයථා ලෙස වත්කම් අත්පත් කර ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
රාජගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක අද (27) දහවල් ගින්නක් හට ගෙන තිබේ. මේ වනවිට ගිනි නිවීමේ රථ 3ක් පිටත් කර යවා ඇති අතර, ගින්න පාලනය කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව වාර්තා වේ.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 4 සහ විශේෂ වියදම් ඒ්කක 2ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීමට නිර්දේශ කර ඇත. ඒ් අනුව අදාළ වාර්තා මඟින් නිර්දේශීත බඳවා ගැනීමට සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිහ හිමිව තිබේ.
දැනට චිකුන්ගුන්යා රෝගය පැතිරීමේ අවදානම ප්‍රදේශ කිහිපයක පවතින බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, ගොතටුව, බත්තරමුල්ල යන ස්ථානවලත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාකීර්ණ ප්‍රදේශවලත් මෙම රෝගී තත්ත්වය බහුලවී ඇතැයි වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන පෙරේරා මහතා පවසයි. මෙම රෝගයේ සැලකිය යුතු ව්‍යාප්තියක් වාර්තා වී ඇත්තේ 2006,2007 සහ 2008 වසරවල දී බවද වෛද්‍ය චින්තන පෙරේරා මහතා කියා සිටියේය. උණ, ඇඟපත වේදනාව, ඇඟ වෙව්ලීම හා හන්දි වේදනාව සහ හන්දි ඉදිමීම මෙම රෝගයේ ලක්ෂණ ලෙස දැකගත හැකි බව ද පැවසු වෛද්‍යවරයා බොහෝ රෝගීන්ට දින කිහිපයක් ඇතුළත මෙම රෝගය සුවවුවත් ඇතැමුන්ට හන්දි වේදනාව ටික කාලයක් පවතින බව ද පැවසීය. මෙම…
සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩුබායි හී සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට ගුවන් ගමන් බලපත්‍ර සෑදිමේ චෝදනාව මත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ බුද්ධික මනතුංග මහතා අද දෙරණ Big Focus වැඩසටහන සමග අද (27) එක්වෙමින් පැවසුවේ අපරාධකරුට ගුවන් ගමන් බලපත්‍ර සෑදීමේ චෝදනාව මත මින් පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු සම්බන්දව සිදුකල විමර්ශනයේදී මේ සම්බන්ධව අනාවරණය වූ බවය. සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්ද එහි ප්‍රධාන සැකකරු ලෙස කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාට චෝදනා එල්ලවී තිබේ.
පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය සඳහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට නියමිතය. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පවතින බාධා ඉවත් කිරීම මෙම පනත් කෙටුම්පතේ අරමුණ වී තිබේ. ලබන සභාවාරයේ දී අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා සඳහන් කළේය.
2025 වසරේ මුල් මාස 5 තුළ මෙරටට පැමිණි සංචාරකයින් ගණන මිලියනය ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මැයි මාසයේ 25 දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය පවසයි. තවද එම අධිකාරිය පැවසුවේ මැයි මාසයේදී මැයි 25 දක්වා තවත් සංචාරකයින් 109,213 පැමිණ ඇති බවය.
හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ෂැනන් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට අද (27) දින අලුයම ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි. හැටන් පොලීසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටී තිබූ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මන්තීරුවකට සීමා කර ඇත. හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් මාර්ගය අභියස පිහිටි විදුලි සහ දුරකථන කණු කිහිපයක් කැඩී ගොස් තිබේ. හැටන් වනරාජා වත්තේ වතු නිවාස පේළියක් මතට අඹ ගසක් කඩා වැටීමෙන් වතු නිවාස තුනක වහලවල් සහ මුළුතැන්ගෙයි බිත්තිවලට අලාභ හානි සිදු…