Author: LFN

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව විභාගය සඳහා ජුනි මස 09 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියම කළේය. දැඩි ආරක්ෂක විධිවිධාන මැද විත්තිකාර හරක් කටා මෙහිදී අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Read More

මහනුවර ප්‍රදේශ කිහිපයකට පැය 36ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම් දෙයි. මහනුවර ගුඩ්ෂෙඩ් බස්නැවතුම ඉදිකිරීමේදී සිදුවු ජලනල පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව අද (28) සවස 2.00 සිට 30 වනදා අලුයම 2.00 දක්වා පැය 36ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. පේරාදෙණිය පාර, විලියම්ගොපල්ලව මාවත, උසාවි සංකීර්ණය අසළ සිට නගර සභා හන්දිය දක්වාත්, අස්ගිරිය, වැව රවුම, රජ පිහිල්ල මාවත, බූවැලිකඩ, තැන්නකුඹුර, ගුරුදෙණිය, අම්පිටිය සහ මහනුවර නගර මධ්‍යයේ සියලුම වීදි ජල සැපයුම අත්හිටුවීමට නියමිතව බව මහනුවර නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සඳහන් කළාය. ජලනල පද්ධතියේ…

Read More

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු හා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දිසා අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (27) වත්තල හා කිරුළපන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 04ක්ද කොළඹ දිසා අපරාධ කොට්ඨාශය සිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 40 වයස්වල පසුවන වත්තල හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකුරුවන් අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. නාරාහේන්පිට පොලීසිය හා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේ දී ඊයේ (27) නාවික හමුදා භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රා දෙකෙහි හෙරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 450ක් තිබී සොයාගෙන ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී ධීවරයින් 11ක්ද අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.

Read More

ආබාධ සහිත පුද්ගලයන් සඳහා විශේෂ ආධාරක උපකරණ මිලදී ගැනීමට රජය විසින් එක් පුද්ගලයෙකු සඳහා ලබාදෙන රුපියල් 20,000ක ආධාර මුදල රුපියල් 50,000 දක්වා වැඩිකිරීමට තීරණය කර තිබේ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශ පරිශ්‍රයේදී විෂයභාර අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේදී මෙම තීරණය ගෙන තිබුණි.

Read More

දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදු කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය යාත්‍රා දෙක වටලා තිබේ.

Read More

පරිපූරක වෛද්‍ය සේවයට අයත් වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින් සහ භෞත චිකිත්සක වෘත්තිකයින් ආරම්භ කළ වැඩවර්ජනය අද (28) උදෑසන 8.00ට තාවකාලිකව අත්හිටුවන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවීකුමුදේශ් මහතා පවසයි. ඔහු පැවසුවේ ඊයේ (27) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවය.

Read More

රත්නපුර – පානදුර මාර්ගයේ ඉඩංගොඩ ප්‍රදේශයේදී පානදුර දෙස සිට රත්නපුර දෙසට යකඩ ඇඳක් සහිත භාණ්ඩ පටවාගෙන ධාවනය වූ කැබ් රථයක ගැටී ඊයේ (27) සවස සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පදිකයා, කිරිඇල්ල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මියගොස් ඇත්තේ වයස අවුරුදු 78ක් වූ එපිටවල, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. මරණකරු මාර්ගයේ දකුණු පසින් ගමන්කරමින් සිටියදී එම දෙසටම ගමන් කළ ඉහත කැබ් රථයේ පටවාගෙන යන ලද යකඩ ඇඳ ගැටී මෙම අනතුර සිදුව ඇති බවට කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. අනතුරට සම්බන්ධ කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති…

Read More

පාසල තුළ දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජනවල ඉහළ යෑමක් වාර්තා වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. ඇය පවසන්නේ තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබියයුතු බවය. කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මේ අතර මේ වසරේ අප්‍රේල් මස 30 වනදා දක්වා වූ කාලසීමාව තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 2231ක් වාර්තා වී ඇති බව ළමා රක්ෂණ අධිකාරිය පවසයි.

Read More

තමන්ට ආරක්ෂාව අවශ්‍යයයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. ඔහු පවසන්නේ දැනට ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු වාර්තා ලැබී ඇති මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම අදහස් පළකර තිබේ. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු පසුගියදා කථානායකවරයා හමුවී පැවති සාකච්ඡාවකදී තමන්ගේ ආරක්ෂක ගැටලු ඉදිරිපත්කිරීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමක් කර තිබුණි. ඒ අනුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න…

Read More