Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?
    Featured

    වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?

    By LFNMay 25, 2025No Comments2 Mins Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් නේවාසිකාගාර කාමරය තුළදී සියදිවි නසාගෙන තිබුණි.

    එලෙස සියදිව නසාගෙන තිබුණේ ‌මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීවනී කුමාරි නැමැසි සිසුවියකි.

    සංජීවනීගේ මරණය ගැන වාර්තා වෙන්නේ සබරගමු සරසවියේ සිසුවකුගේ දිවි නසාගැනීමේ සිද්ධියේ උණුසුම පහව යන්නටත් පෙරයි.

    මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ සිට සංජීවනී වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට පැමිණෙන්නේ මීට වසර දෙකකට පෙරදීය.

    නමුත් තම ඉගෙනුම් කාලය සම්පූර්ණ කිරීමට පෙර ඇය තම ජීවිතය හැර යන්නට තීරණය කරන්නේ ඉතා අවාසනාවන්ත අයුරින්ය.

    ඇය සියල්ලන්ටම රහසින් ඇගේ නේවාසිකාගාර කාමරය තුළදීම දිවි නාසගෙන තිබුණි.

    ඇගේ මිතුරු මිතුරියන් පවසන්නේ විද්‍යාපීඨය තුළදී ඇයට ගුරුවරුන්ගෙන් විඳින්නට සිදුවූ හිරිහැර හේතුවෙන් හටගත් චිත්ත පීඩාව දරාගැනීමට නොහැකිව ඇය එම තීරණය ගෙන ඇති බවය.

    ඇගේ යෙහෙළියන් සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනක සඳහන් කර තිබුණේ, “චූටි කාලේ ඉඳන් මල් වගේ අපිව හදලා විද්‍යාපීඨ තේරිලා මගේ කෙල්ල කියලා හරි උජාරුවෙන් මේ තැනට එයාලා අපිව එවන්නේ පංසලකට කියලා හිතලා. ඉතින් ඔව්. එහෙම තැන් වෙන්න ඕන වුණත් අවාසනාවකට එහෙම වුණේ නැහැ. වචනයක් වැරදෙන තැන තනතුරු හිස් මුදුනේ තියන් මානසිකව වධ දෙනවා. අපේ කතා දන්නෙත් අපිමයි. තනතුරුවලට එන්න ඕනේ ජිවිතේ ඇරියස් නැති මිනිස්සු. හැඟීම් දැනෙන මිනිස්සු.” යනුවෙනි.

    මේ සටහන තබා තිබුණේ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ඇයත් සමග දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ යෙහෙළියකි.

    ඇගේ මරණය වැනි මරණ නැවත සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන බලධාරීන්ට බලකරමින් වයඹ විද්‍යාපීඨ සිසුසිසුවියන් නිහඬ විරෝධතාවකද ඊයේ නිරත විය.

    රාත්‍රිය වන තුරුම ඔවුන් විරෝධතාවයේ නියැලෙමින් කියාසිටියේ පීඨාධිපතිවරාය පැමිණ මෙම ගැටලුවට විසඳුම් ලබාදියයුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.