Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් හැදූ දෙදෙනෙක් අල්ලයි
    Featured

    කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් හැදූ දෙදෙනෙක් අල්ලයි

    By LFNMay 25, 2025No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පලපත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ව්‍යාජ ලෙස විදේශ ගමන් බලපත්‍ර 03ක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන ලද විමර්ශනයකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 32 හා 51 වයස්වල පසුවන මාළිගාවත්ත හා ඇහැලියගොඩ ප්‍රදේශවල පදිංචි කොහුවළ හා බත්තරමුල්ල ප්‍රදේශවල පිහිටි ඡායාරූප ආයතන දෙකක හිමිකරුවන් දෙදෙනෙක් බව පොලීසිය පැවසීය.

    මෙම සැකකරුවන් විසින් දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මන්දිනු පද්මසිරි පෙරේරා කෙහෙල්බද්දර පද්මේ නැමැති අයගේ ඡායාරූප වට්ස්ඇප් මගින් ලබා ගෙන එය සංස්කරණය කර විදේශ ගමන් බලපත්‍ර සැකසීම සඳහා ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබේ.

    කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් 2014 වසරේ ලබා ගෙන තිබූ විදේශ ගමන් බලපත්‍රයකින් 2021 වසරේදී විදේශගතවී ඇති බවත් එම ගමන් බලපත්‍රය 2024 වසරේ කල් ඉකුත් වීම මත ඔහු විදේශගතව සිටියදීම ඔහුගේ ඡායාරූපය හා තොරතුරු ව්‍යාජ ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත නිකුත් කර එක්දින සේවාව මගින් 2024 වසරේ වංචනික ලෙස නව විදේශ ගමන් බලපත්‍රයක්ද, ඔහුගේ ඡායාරූපය ඇතුළත් කර වෙනත් නම් දෙකකින් 2025 වසරේදී ව්‍යාජ ලෙස තවත් විදේශ ගමන් බලපත්‍ර දෙකක්ද ලබා ගෙන ඇති බවත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පසුගිය (23) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

    සිද්ධිය සම්බන්ධව තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය මගින් වැඩිදුර විමර්ශන සිදුකරති.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.