Author: LFN
මිනිස් ජාවාරම් ඇතුළු ක්‍රියාකාරකම් රැසකට චෝදනා ලබා වරෙන්තු නිකුත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවක තායිලන්තයේදී අත්අඩංගුවට..
ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් අද (03) සිට එළැඹෙන 08 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වනු ඇත. ශ්‍රී ලංකාව සහ ශුද්ධාසනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ ආරාධනාවකට අනුව මෙම සංචාරය සිදු කෙරේ. මෙම සංචාරය අතරතුරදී, අගරදගුරු ගැලගර් හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිනි හරිනි අමරසූරිය හමුවන අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟද නිල සාකච්ඡා පවත්වනු ඇත. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කොට එළැඹෙන 50 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ…
හොරණ අක්කර 12 සිරිල්ටන් වත්ත ප්‍රදේශයේ ඊයේ (2) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමක් එක් අයෙක් මියගොස් තිබේ. පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුකර ඇති බව වාර්තා වේ. බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී තිබේ. සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හොරණ පොලීසිය විශේෂ මෙහෙයුමක්ද දියත් කර ඇත.
නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කිරීමට ගිය කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමකට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු හා සැකකාරියන් 05 දෙනෙකු අත්අඩංගුවට තිබේ. අදාළ නිලධාරීන් පිරිස රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලකුලම් ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන් වැටලීමක් සිදු කර සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ යකඩ පොලු හා ලී පොලු රැගෙන පැමිණි පිරිසක් විසින් නිලධාරීන්ට පහරදී සැකකරු මුදවා ගෙන එම ස්ථානයෙන් පලාගොස් ඇත. ඒ අනුව රාමනාදපුරම් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් දෙදෙනෙකු කිලිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 32ත්…
කිතුල්ගල පොලිස් වසමේ හැටන් කිතුල්ගල මාර්ගයේ 39 වන කිලෝමීටර් කණුව අසලදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කිතුල්ගල දෙස සිට හැටන් දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා තැලිගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් වූ කිතුල්ගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය තැලිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කිතුල්ගල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ‘වන සුරැකුම‘ ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද (03) සිට ක්‍රියාත්මක වන බව පරිසර අමාත්‍යංශය පවසයි. මෙම මෙහෙයුම් ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක 1995 කෙටි දුරකතන අංකය ඔස්සේ ක්‍රියාත්මක වේ. පරිසර අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන මෙම ඒකකය සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නියෝජිතයන්ගෙන් යුක්ත වනු ඇත. මේ ඔස්සේ ලංකාවේ වනාන්තර පද්ධතිවලට සහ ඒ ආශ්‍රිතව සිදුවන හානි තත්ත්වයන් පිළිබඳව මහජනතාවට තොරතුරු ලබා දිය හැකි බවද අමාත්‍යාංශය පවසයි. වැඩිවන වන අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමත්, එම අපරාධ මැඩලීමේ මෙහෙයුම් සිදු කිරීමත්, මහජනතාවට විශ්වාසනීයත්වයෙන් යුතුව තොරතුරු ලබා දිය හැකි පසුබිමක් සැකසීමත්…
මෙහෙණින් වහන්සේ නමකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ප්‍රසිද්ධ ස්ථානයක කළහකාරි ලෙස හැසිරීමේ චෝදනාව යටතේ වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන් දෙදෙනා මෙහෙණින් වහන්සේට බැන තර්ජනය කරන සිදුවීමට අදාළ වීඩියෝවක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. මෙම වීඩියෝ පටයට අදාළ සිදුවීම ඊයේ (02) රාත්‍රී කාලයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ප්‍රදේශයේ රත්නාවලී ආරාමය අසලදී සිදුව ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 58 හා 67 වයස්වල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් අද (03) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව වාර්තා වේ. එමෙන්ම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මධ්‍යම රාත්‍රියේදී සහ අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර ඇත.
වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් 31 වැනිදා රාත්‍රියේ හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. කෙසේවෙතත්, සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණයට නවකවධ සිදුවීමක් හේතු වී ඇති බවය. මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස් නිර්මාල් වික්‍රමදාස නමැති සිසුවාය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි පුවරසන්කුලම පොලිසිය අද දෙරණට සඳහන් කළේය. ජීවිතක්ෂයට පත්වන මොහොතේ සිසුවාගේ ශරීරයේ සැළකිය යුතු මට්ටමක මත්පැන් සාන්ද්‍රණයක්ද අන්තර්ගතව තිබී ඇති බවට සැක පළ කරන බවද පොලිසිය වැඩිදුරටත් පවසයි. කෙසේවෙතත් සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම හදිසි මරණයට නවකවධය හේතු වූ බවය. අද දෙරණ…
පසුගිය දින කිහිපය තුළ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය අවධානයෙන් යුතුව කටයුතු කරන බව එම මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ 2025/26 මහ කන්නය මේ වන විට ආරම්භ වී ඇති බැවින් අදාළ වී වගාව සඳහා බිම් සැකසීම් ආරම්භ කර ඇති බවත් එහි ආරම්භක අවධියේ පැවැත්ම හේතුවෙන් වී වගා භූමි සුරක්ෂිතව පවතින අතර හානි තත්ත්වයන් මේ දක්වා වාර්තා වී නොමැති බවය. නොමිලේ රක්ෂණය යටතේ ආවරණය ලබන අනිකුත් භෝග වන බඩ ඉරිඟු, ලොකු ලූනු, අර්තාපල්, සෝයා සහ මිරිස් යන වගාවන්ට සිදුවූ හානිය පිළිබඳව දිස්ත්‍රික් භාර නිලධාරීන් ඇස්තමේන්තුගත…