Author: LFN

ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ශ්‍රී ලංකාව තරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස විනිවිඳභාවය සහ පුරෝකථනය කළ හැකි තීරුබදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කර ගත් ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සඳහා 2024.06.11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව 2025.05.15 දින ස්ථාපිත කරනු ලැබ ඇත. පසුව සිදු කරනු ලැබ ඇති රජයේ ප්‍රතිපත්ති සංශෝධනයන්ට අනුව, ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා සහ අවිනිශ්චිතතා මග හැරවීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්තියේ ඇතැම් විධිවිධාන සංශෝධනය…

Read More

අම්බලන්ගොඩ නගර සභාව අසල අද (04) උදෑසන සිදුවූ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ව්‍යාපාරිකයා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන 10.30ට පමණ මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය මුලික රෝහලට ඇතුළත් කර සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දා නැමති පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියගේ ස්වාමිපුරුෂයාට මෙලෙස වෙඩි තබා ඇති බවටයි පොලිසිය සිදුකළ මුලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ­ව­රයා තෝරා ගැනීම සඳහා මේ මස 7 වැනිදා පැවැ­ත්වී­මට නිය­මිත මැති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­කයෝ හත් දෙනෙක් ඉදි­රි­පත්ව සිටිති. හිටපු දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, කත­ර­ගම දේවා­ලයේ බස්නා­යක නිලමේ දමින්ද බණ්ඩාර උඩු­රා­වණ, නාථ දේවා­ලයේ බස්නා­යක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්.බණ්ඩා­ර­නා­යක, ගාමිණී කළු­හැ­න්දි­වෙල, නන්ද මඩු­ගල්ල, මහා­චාර්ය තිලක් සුබ­සිංහ සහ රොෂාන් ප්‍රිය­ද­ර්ශන පස්ස­ර­මු­ද­ලිගේ මහ­ත්වරු මේ මැති­ව­ර­ණ­යට තරග වදිති. මේ මැති­ව­ර­ණ­යෙන් ජය­ග්‍ර­හ­ණය කරනු ලබන තැනැත්තා ශ්‍රී දළදා මාලි­ගාවේ දිය­ව­ඩන නිල­මේ­ව­රයා ලෙස වසර 10ක් ධුර දරනු ලැබේ. මෙහිදී, ඡන්දය ප්‍රකාශ කිරී­මට සුදු­සු­කම් ලබන්නේ 261 දෙනෙක් පමණි. මල්වතු සහ අස්ගි­රිය නිකා­යන් යටතේ පාල­නය වන රජ­මහා විහා­ර­වල ප්‍රධා­නා­චා­ර්ය­ව­රුන් සහ ගිහි භාර­ක­රු­වන් 157 දෙනකු මෙන්ම බස්නා­යක නිල­මේ­ව­රුන් 29 දෙනකු…

Read More

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාසය නොවැම්බර් මස 5 වන දින සිදුකිරීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්‍යාසය යුනෙස්කෝ අන්තර් රාජ්‍ය සාගර විද්‍යා කොමිසම විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය හරහා මෙය කලාපීය අභ්‍යාසයක් ලෙස සංවිධානය කර ඇත. ඉන්දියානු සාගර සුනාමි අභ්‍යාසය අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මඟින් ජනිතවන සුනාමි තත්ත්වයකදී එක් එක් ආයතන තම ආයතනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳ මේ තුළින් රාජ්‍ය නිලධාරීන්ට පුහුණුවක් ලබාදීමට නියමිතය. ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන සඳහා මඩකලපුව,…

Read More

මොරගහහේන නගරය ආසන්නයේ දී ත්‍රිරෝද රථයක් මාර්ගය හරහා පෙරළී ගොස් මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙකි. ත්‍රිරෝද රථය හොරණ දෙස සිට මොරගහහේන නගරය දෙසට ධාවනය වී අතර නගරය ආසන්නයේ දී එකවරම මාර්ගයේ පෙරළෙමින් ප්‍රතිවිරුද්ධ දිසාවට ඇදී ගොස් මොරගහහේන සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ ගැටී ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවන ආකාරය ඒ අසල සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව තිබේ. බරපතළ තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ඊයේ (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඒ අනුව වයඹ පළාත් ජනතාවට එක් දින සේවය මගින් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවනු ඇත. පළාත් කාර්යාලයේ ලිපිනය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වයඹ පළාත් කාර්යාලය, 03 වන මහල, නව වෙළඳ සංකීර්ණය, කුරුණෑගල දුරකථන අංකය : 037 2224337 ෆැක්ස් අංකය : 037 2224337

Read More

මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන ‘GovPay’ හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබේ. ඊයේ (03) දිනය වන විට මෙම සන්ධිස්ථානය පසුකිරීමට හැකිවී ඇති අතර මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සඳහන් කළේය. රාජ්‍ය සේවාවන්වල ආරක්ෂිත සහ මාර්ගගත ගෙවීම් කටයුතු සඳහා ‘GovPay’ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව හඳුන්වා දී තිබේ. බදු, දඩ ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදුකිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දුන් අතර ඊයේ දිනය වන…

Read More

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවය. වට්ස්ඇප් සමූහ භාවිතා කිරීමේ දී මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා පවසයි. “ඒක කරන්නේ සමාජයේ පිළිගත් තනතුරු දරන පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් සොයා ගන්නවා. ඊට පස්සේ එයාගේ දින චර්යාවට ගැලපෙන විදියේ පණිවුඩයක් එනවා අහවල් වෙලාවට මේ මාතෘකාව යටතේ Zoom Meeting එකක් තියෙනවා ලොග් වෙන්න කියලා. ඒ එවන ලින්ක් එකට ඇඩ් වුණාම…

Read More