Author: LFN

බොක්කාවල පොලිස් වසමේ රඹුකේවෙල ප්‍රදේශයේ ඊයේ (30) රාත්‍රියේ විදුලි සැර වැදී සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. විදුලි හීටරයක් ස්පර්ශ වී ඇය මෙලෙස මියගොස් ඇති බව දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ රඹුකේවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක්ය. සිද්ධිය සම්බන්ධයෙන් බොක්කාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

පොලිස් අත්අඩංගුවේ මේ වනවිට පසුවෙන මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බව කියන සැකකරුවන් දෙදෙනෙකු රුපියල් කෝටි 2කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේ දී වත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 48ක් සන්තකයේ තබාගෙන සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට තිබුණි. එම සැකකරු වයස අවුරුදු‍ 23ක් වන පල්ලියවත්ත, හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. එම සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නකිරීමෙන් අනාවරණය කරගත් තොරතුරු මත වත්තල පොලිස් වසමේ ටෝනි මාවත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 797ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරු වයස අවුරුදු‍ 28ක්…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (31) උදෑසන 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් තාවකාලිකව අත්හිටුවා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ (30) රාත්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවේදී ඇති වූ එකඟතා මත මෙම තීරණය ගත් බවය. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිළිගත් ක්‍රමවේදය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනු ලැබූ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් අත්හිටුවීමටත්, ඒ වෙනුවට පිළිගත් ක්‍රමවේදය හරහා කාල රාමුවක් සහිතව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීමටත් එකඟ වූ බව එම සංගමය පවසයි. එමෙන්ම එම එකඟතාවයන්, අද දින පැවැත්වෙන…

Read More

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වාදී තිබේ. ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ ඉල්ලීම මත හඳුන්වා දුන් ‘1818’ ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට, දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව පවතී.

Read More

අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (28) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහන් මාලාවට සමගාමීව මහනුවර මහමායා බාලිකා විද්‍යාලයට මෙම අවස්ථාව හිමිව තිබුණි. මෙහිදී අදහස් දැක්වූ අචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ සිසුන්ට විශාල බරක් නොවන ලෙස ලෝකය වඩාත් යහපත් තැනක් බවට වෙනස් කිරීමට දායක විය…

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ විය. විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත. ඒ අනුව අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මිය වෙත අධිකරණය විසින් චෝදනා කියවා දුන් අතර, එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඇය ප්‍රකාශ කළාය. එහිදී රජයේ නීතීඥ අකිලා ධර්මධාතු මහත්මියගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන…

Read More

අත්තනෝමතික ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පළ කරමින් හෙට (31) දිනයේ දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය අද (30) දිනයේ ක්‍රියාත්මක වුවහොත් දිවයින පුරා රෝහල්වල සහ සෞඛ්‍ය ආයතනවල සිදුවිය හැකි සේවා බිඳවැටීම පිළිබඳ වගකීම බලධාරීන් විසින් භාරගත යුතු බවය. අදාළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා මේ බව දැනුම්දුන්නේය.

Read More

මාස තුනකට අධික කාලයක් පුරාවට තවමත් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා සභා වාරයක් කැඳවන ලෙසට එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සංදේශයක් මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුකාර කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත බාර දී ඇති බව වාර්තා වේ. සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50% කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි විය. ඒ අනුව, 2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට අනුව සභාපති…

Read More

සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මත්ද්‍රව්‍ය රට වෙලාගත් මායාකාරී ව්‍යවසනයක් බවත් එය පරාජයට පත්කිරීමට තමා කටයුතු කරන අතර, දරුවන්, පොදු සමාජය හා ජාතිකයක් ලෙස මුළු මහත් රටම මෙම මයාකාරී ව්‍යවසනයේ ගොදුරු බවට පත්වෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. මේ අතර තරුණ පරම්පරාව මත් උවදුරේ විශාලතම ගොදුර බවට පත්ව ඇතැයි ද සඳහන් කළ ජනාධිපතිවරයා, මේ…

Read More

විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයට ලද පැමිණිලි අනුව ඊයේ දිනයේ (28) පමණක් විදේශ රැකියා වංචාකරුවන් සිව්දෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කැනඩාවේ සාත්තු සේවා රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් අටදෙනෙකුගෙන් රුපියල් එක්කෝටි විසිඅට ලක්ෂයක මුදලක් වංචාකළ පුද්ගලයෙකු ඊයේ මහරගම ප්‍රදේශයේදී කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු YR Immigration නමින් ජාත්‍යන්තර උපදේශන ආයතනයක් ගම්පහ වෝට්සිටි ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇති අතර, එමගින් උපදේශන වැඩසටහන් සංවිධානය කරමින් විදේශ රැකියා සඳහා තරුණ තරුණයින් බඳවාගෙන තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගැනීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු…

Read More