Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්
    Featured

    උසස් පෙළ උපකාරක පන්ති හෙට මැදියම් රැයෙන් තහනම්

    By LFNNovember 3, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි.

    විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක උසස් පෙළ විභාගය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

    මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවන් 340,525ක් පෙනී සිටීමට නියමිතය.

    එමෙන්ම මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විශයානුබද්ධ සම්මන්ත්‍රණ පැවැත්වීම, දේශණ සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04) දින මධ්‍යම රාත්‍රි 12 සිට තහනම් වනු ඇති බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවාය.

    විභාගය සඳහා වූ පාසල් අයදුම්කරුවන් මෙන්ම පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර මේ වන විට ලබා දී අවසන් බවත් යම් අයෙකුට ප්‍රවේශපත්‍රය නොලැබුණේ නම් අද දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකි බවත් ඇය පැවසුවාය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය,

    “මේ වෙනකොට දරුවන් විශය නිර්දේශය අවසන් කරලා විභාගයට සූදානම් වෙලා ඉන්න මොහොතේ ඉතාම හොඳ මානසික තත්ත්වයෙන් විභාගයට සූදානම් වෙන්න කියලා මම ඉල්ලනවා. ප්‍රශ්න පත්‍රවල කිසිදු වෙනසක් නැහැ. පසුගිය වසර ආකාරයටම තමයි. ඒ නිසා ඔබට ලැබී ඇති කාලසටහන අනුව විභාගය සඳහා මනා ලෙස සූදානම් වෙලා හොඳ මානසික තත්ත්වයක් සහිතව සන්සුන්ව ඔබට ලැබෙන ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය තුළ ඔබ ප්‍රශන පත්‍රය මැනවින් කියවා පිළිතුරු සංවිධානය කරගෙන පිළිතුරු සපයන්න කියලා දරුවන්ගෙන් මම ඉල්ලා සිටිනවා.

    දෙමාපියන්ටත් කියන්න තියෙන්නේ මේ දරුවන් පාසල් දිවියේ අවසාන වසරේ පවත්වන විභාගය. මේ විභාගය දරුවන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් විභාගයක්. ඒ නිසා මේ විභාගයේදී දරුවන්ට පීඩනයකින් තොරව විභාගයට මුහුණ දීමට නිවසේ පරිසරයත් මනා ලෙස සකස් කරලා දරුවන්ට පීඩනයක් ඇති නොවන ආකාරයට විභාගයට සන්සුන්ව මුහුණ දෙන්න අවශ්‍ය කරන පරිසරය සකස් කර දෙන්න කියලා මම ආදරණීය දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.