Author: LFN
නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා ගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ මෙම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න වන බවය. —————————- බටහිර දෙසින් ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇතැයි තහවුරු වෙයි බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් මෙරට බහුදින යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බව නාවික හමුදාව පවසයි. ඒ අනුව එම යාත්‍රාවේ තිබූ උර 16ක අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතැයි අනාවරණය වී තිබේ. එමෙන්ම තවදුරටත් එම යාත්‍රාවේ ඇති උර කිරුම් කටයුතු සිදුකරනු ඇති බවත් නාවික…
මධ්‍යස්ථාන හරහා ලොකු ලූනු මිලදී ගැනීමේදි වට ප්‍රමාණයේ මැන බැලීමක් සිදු නොකරන බව ලංකා සතොස ආයතනය පවසයි. එම ආයතනයේ තත්ත්ව සුරක්ෂණ අංශ ප්‍රධානී ළහිරු සමාංග මහතා පැවසුවේ ලූනු ගෙඩියේ ප්‍රමාණය මැන බැලීමක් සිදු නොකරන බවත් අදාළ නිලධාරීන් විසින් ඇස් මට්ටමින් පරීක්ෂා කර අදාල මිලදී ගැනීමේ ක්‍රියාවලියන් සිදු කරන බවත්ය. ගොවීන්ගේ ලොකු ලූනු අලෙවි කරගැනීමට නොහැකිවීමේ ගැටලුව විසඳීම සඳහා ලංකා සතොස ආයතනය ලොකු ලූනු අස්වනු මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරනු ලැබුවේ පසුගියදාය. නමුත් ඒ සඳහා කොන්දේසි 17ක් පැනවූ අතර ඒ අනුව ලොකු ලූනු ගෙඩියක විශ්කම්භවයය 35-65mm අතර විය යුතු බවත් ලොකු ලූනු කිලෝවක් සඳහා ගෙඩි 8ක් පමණක් අන්තර්ගත විය යුතු බවත්…
ත්‍රිරෝද රථයක් සේදීම සඳහා බාල්දියක් ගැනීමට සූදානම් වූ තරුණියක් කැලණි ගඟට ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය බේරා ගැනීම සඳහා ඇයගේ 25 හැවිරිදි පෙම්වතා ද ගඟට පැන ඇති අතර ඔහු බේරා ගැනීමට ඔවුන් සමග පැමිණි පිරිසට හැකිවුණත් තරුණිය දියේ ගිලී ඇති බව වාර්තා වේ. නුවරඑළිය, බගවන්තලාවේ තේ කර්මාන්ත ශාලාවක සේවය කරන පස්දෙනෙකු කොළඹ බලා යන අතරතුර අද පස්වරුවේ කොහිලවත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය නවත්වා තිබුණි. ඒ කැලණි ගඟ අසල වාහන සෝදන ස්ථානයකින් එම රථය සෝදා ගැනීම සඳහාය. එම අවස්ථාවේ ත්‍රිරෝද රථය සේදීම සඳහා බාල්දියක් ගැනීමට සූදානම්වීමෙන් මෙසේ තරුණිය ගඟට ඇද වැටී ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් තිබුණේ 21 හැවිරිදි තරුණියකි.
අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණේ මෝදර පොලිස් වසමේ ලෙල්ලම ප්‍රදේශයේදීය. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 890ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සමිත්පුර, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. සැකකරුව මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අපරාධ රැසකට වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු බවටත් අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු හතරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (01) මෙම අනතුරු සිදුව තිබුණේ නිට්ටඹුව, තලාව, හෙට්ටිපොල සහ පුත්තලම යන පොලිස් වසම්වලදීය. කොළඹ – මහනුවර මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගය හරහා ගමන්කළ පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව හා යතුරුපැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී පදික කාන්තාව මියගොස් ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, තිහාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවකි. මේ අතර තලාව 419 ගම්මානය මාර්ගයේ නව හඟුරන්කෙත හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි අත්ට්‍රැක්ටර් රථයක ගැටී සිදුවූ අනතුරකින් 29 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත. මේ අතර…
තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය මේ වන විට ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි එම අමාත්‍යාංශය පවසයි. 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය කිලෝ මිලියන 400ක් දක්වා සහ තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5ක් දක්වා ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින්, සහනාධාර තේ පොහොර බෙදාදීමේදී පැන නැගී තිබූ ගැටළු නිරාකරණය කරමින් QR ක්‍රමවේදය යටතේ නව පොහොර බෙදාදීම පසුගිය ඔක්තෝබර් මස පළමුවනදා සිට දිවයින පුරා ආරම්භ කරන ලදී. පැවති ක්‍රමවේදය යටතේ පැන නැගුණු ගැටලු ලෙස පොහොර…
දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. න්ධන ප්‍රවාහන දුම්රියක් මීරිගම හා විල්වත්ත දුම්රිය ස්ථාන අතර අද (02) පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එංගලන්තයේ කේම්බ්‍රිජ්ෂයර් හී දුම්රියක ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එරට කේම්බ්‍රිජ්ෂයර් පොලීසිය පවසා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය. ප්‍රහාරය සිදුවන විට මගීන් ඩොන්කාස්ටර් සිට ලන්ඩන් හි කිංග්ස් ක්‍රොස් දක්වා ගමන් කරමින් සිට ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් 9 දෙනෙකු බරපතළ තත්ත්වයේ පසුවන බවත් ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත්ය. සිද්ධියෙන් පසු එම දුම්රියේ ධාවනය අත්හිටුවා ඇති අතර නගරයේ මාර්ග රැසක් වසා දැමීමටද එරට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ.
සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අද (02) පස්වරු 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරිනු කාන්තාව ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඇය අද (11) උඩුගම්පොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය කර ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය. මෝටර් රථයක් ධාවනය කර ඇති සැකකාර කාන්තාව රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ දරා ඇති අතර එහිදී ඇය පොලිස් අන නොතකා පළාගොස් තිබුණි. පසුව එම මෝටර් රථය හඹා ගිය පොලිස් නිලධාරීන් උඩුගම්පොළ ප්‍රදේශයේදී එම රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී එම කාන්තාව තමා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ නැගනියක බව…