Author: LFN
රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුගේ සංගමය පසුගියදා ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කර ඇති බව වාර්තා වෙයි. රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් පවසන්නේ, විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයා පත්කර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට අවුලෙන් වියවුලට පත්කර ඇති බවය. එයට විරෝධය පා ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය, වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිතුමියගේ අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට ප්‍රතිචාර වශයෙන්, අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීව්‍ර කර බව රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුගේ සංගමය පවසයි. වත්මන් වැඩ බලන උපකුලපති තුමන් සහ ලේඛකාධිකාරීවරිය ඉතාමත් අත්තනෝමතික අයුරින්, විශ්වවිද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා මේ වන විට අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ…
ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 153,063ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළදී ඉන්දියාවෙන් සංචාරකයින් 44,741ක් පැමිණ ඇති අතර එය 29.2% කි. තවද, එක්සත් රාජධානියෙන් 12,128ක්, රුසියාවෙන් 10,450ක්, චීනයෙන් 10,408ක්, ජර්මන් 8,950ක් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයින් 7,226ක් ද ඔක්තෝබර් මාසයේ 01 වනදා සිට 29 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ අනුව, 2025 වසරේ ජනවාරි 01 වනදා සිට ඔක්තෝබර් 29 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 1,878,557කි. ඒ අතරින් සංචාරකයින්…
මාසික මිල සංශෝධනය අනුව නොවැම්බර් මාසයේ දී ලාෆ්ස් ගෑස් මිල සංශෝධනයක් සිදුනොවන බව එම සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසයි. වත්මන් ලාෆ්ස් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645කි.
අතලු සහිත (හැඩ්ල් 2ක් සහිත) පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද (1) සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවිකිරීමේදී එම වෙළෙඳසැල් විසින් ෂොපිං බෑග් වැනි අතලු සහිත පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතුය. පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් පොලිතීන් බෑග් භාවිතය අඩු කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගෙන ඇත. අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මහතා පවසා සිටියේ, මින් ඉදිරිය වෙළඳසැල්වලින් පොලිතින් බෑග් නොමිලයේ නිකුත්කරනු නොලැබෙනු ඇති බවය. “පාරිභෝගිකයා වෙත වෙළෙඳසැල්වලින් නිකුත්කරන අතලු සහිත සිලි සිලි බෑග් සඳහා ගැසට් පත්‍රයක්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් මාසයේ සියයට 1.5ක් වූ උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට 2.1ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. ඔක්තෝම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 3.5ක් දක්වා වැඩි වී ඇති අතර සැප්තැම්බර් මාසයේ දී එය සියයට 2.9ක් ලෙස සටහන් වී තිබුණි. සැප්තැම්බර් මාසයේ දී සියයට 0.7ක් ලෙස සටහන්ව තිබූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝබර් මාසයේ දී සියයට 1.4ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ පහසුව සහ වඩා වැඩි ප්‍රතිලාභ හිමිකරදීම අරමුණු කරගනිමින් සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මේ හරහා අධිභාර, අධිභාර අයකිරීම් යාන්ත්‍රණය වඩා ඵලදායී තත්ත්වයට ගෙන ඒම, වානිජ බැංකු වෙනුවට සේවක අර්ථසාධක අරමුදල හරහා එහි සාමාජිකයින්ට ණය පහසුකම් ලබා දීම, පිරිමි සහ කාන්තා ශ්‍රමික දෙපාර්ශ්වයේ හිමිකම් සම්බන්ධයෙන් පවතින අසමානතා ඉවත් කිරීම ආදී කරුණු මෙම පනත මගින් සංශෝධනය කිරීමට යෝජිත බවය. මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් පසුගිය (30) දිනයේදී කම්කරු උපදේශක සභාවේදී අවධානය යොමු කර තිබේ. ඒ සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය…
ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොල මාර්ගයේ කෙහෙල්බද්දර හන්දිය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. උඩුගම්පොල දෙස සිට කොටුගොඩ දෙසට ධාවනය වූ කාර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයේ වම් පස සිටි පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බව පොලීසිය පැවසුවේය. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38ක් වන උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල ගණන් සම්බන්ධව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 294.00ක් වේ. එමෙන්ම රුපියල් 313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රු.5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00කි. රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය වී නොමැත. එමෙන්ම රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් සිදුව නොමැති බව වාර්තා වේ.
පොලිස් විශේෂ කාර්ය බළකා මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී වෙඩිතබා පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයකට අවශ්‍යකර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇත. ලද තොරතුරක් මත දමන පොලිස් වසමේ හිගුරාන ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ඉකුත් ජුලි 11වනදා හිරණ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදු කිරීම හා පානදුර පොලිස් වසමේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි අයෙක්ය. ඔහු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 13ක් තිබි සොයාගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 39ක් වන හිගුරාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු සම්බන්ධයෙන් දමන හා හිරණ පොලිස් ස්ථාන…
ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙය සිදුව ඇත. මෙම ප්‍රදේශය ජනාකීර්ණ නොවන අතර, කිසිදු සුනාමි අනතුරු ඇඟවීම් හෝ උපදේශන ද නිකුත් කර නොමැත.