Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන
    Featured

    වව්නියාව විශ්වවිද්‍යාල සිසුවාගේ හදිසි මරණය ගැන පුළුල් විමර්ශන

    By LFNNovember 2, 2025No Comments1 Min Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වව්නියාව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඉකුත් 31 වැනිදා රාත්‍රියේ හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    කෙසේවෙතත්, සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම මරණයට නවකවධ සිදුවීමක් හේතු වී ඇති බවය.

    මෙලෙස මියගොස් තිබුණේ අනුරාධපුර ජයසිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි ටී.එම්.එස් නිර්මාල් වික්‍රමදාස නමැති සිසුවාය.

    හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇතැයි පුවරසන්කුලම පොලිසිය අද දෙරණට සඳහන් කළේය.

    ජීවිතක්ෂයට පත්වන මොහොතේ සිසුවාගේ ශරීරයේ සැළකිය යුතු මට්ටමක මත්පැන් සාන්ද්‍රණයක්ද අන්තර්ගතව තිබී ඇති බවට සැක පළ කරන බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

    කෙසේවෙතත් සිසුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ මෙම හදිසි මරණයට නවකවධය හේතු වූ බවය.

    අද දෙරණ කළ විමසීමකදී මියගිය සිසුවාගේ සහෝදරිය සඳහන් කළේ ඉකුත් 31 වැනිදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන්ගේ සාදයකදී සිය සහෝදරයාට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් බලහත්කාරයෙන් මත්පැන් පොවා ඇති බවය.

    සිය සොහොයුරාට වෙනත් කිසිඳු රෝග තත්ත්වයක් නොතිබූ බවත් විශ්වවිද්‍යාලයේ නවකවධය සම්බන්ධයෙන්ද අවස්ථා කිහිපයකදීම ඔහු පවුලේ අය සමඟ තොරතුරු පැවසූ බවත් ඇය සඳහන් කළාය.

    කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට වව්නියාව මූලික රෝහල සම්බන්ධ කරගත්ත ද එහි වෛද්‍යවරියක් සඳහන් කළේ මාධ්‍යට තොරතුරු ලබාදීමට නොහැකි බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.