Author: LFN

මිනුවන්ගොඩ – හොරම්පැල්ල බෝධිපිහිටුවල ප්‍රදේශය හරහා අද (18) උදෑසන 7.30ට පමණ හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ විහාරස්ථානයක්, පාසලක් හා නිවාස තිහකට අධික සංඛ්‍යාවකට හානි සිදුව තිබේ. මෙම සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ නිවාස තුනක් 3කට පූර්ණ හානි සිදු ව ඇති බව ද වාර්තා වේ. එමෙන්ම තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සිදුව ඇති නිසා ප්‍රදේශයේ නිවාස හා මාර්ගවලට ද විශාල වශයෙන් හානි සිදුව ඇති බව සඳහන් වේ. මෙම හානියට පත් නිවාස නිරීක්ෂණය කිරීම සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්, ප්‍රදේශයේ ග්‍රාම…

Read More

කිසිසේත්ම අනාගතයේ දී ගෑස් හිඟයක් රට තුළ ඇති නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (18) පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, විපක්ෂය අනියත බියක් සමාජය ඉදිරියේ මවාපෑමට උත්සාහ ගන්නා බවය. ගෑස් ආනයනය සඳහා නව සමාගමක් ටෙන්ඩර් පටිපාටිය මඟින් සොයාගත් බවත් ඒ අනුව එම සමාගයේ පළමු ගෑස් නැව ජනවාරි මස 5 වනදා වනවිට දිවයිනට පැමිණෙනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. අද උදෑසන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ආණ්ඩුවට චෝදනා කර සිටියේ, නව සමාගමට ගෑස් ටෙන්ඩරය ලබාදීම හේතුවෙන් මාර්තු මාසය වනවිට මෙරට ගෑස් හිඟයක් ඇති වන බවය. එයට පිළිතුරු දුන් අමාත්‍ය විජිත හේරත්…

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි. උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවත්, එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාව අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසට ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි. එහි භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටියේ, මෙම වැසි සහිත තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කළ බවය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, උඩදුම්බර, ⁠මැදදුම්බර හා මිනිපේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම රතු…

Read More

පවතින වර්ෂාපතනයත් සමග වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ දැනටමත් වාන් දැමීම ආරම්භ වී ඇති බව මහවැලි අධිකාරිය පවසයි. ඒ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඒ අවට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස එම අධිකාරිය දැනුම් දෙයි. එමෙන්ම කලා වැව ද්‍රෝණියට අයත් කලා වැව හා කණ්ඩලම ජලාශ දැනටමත් වාන් දමමින් ඇති බැවින් බෝවතැන්න, ඉබ්බන්කටුව, මොරගහකන්ද හා කළුගඟ යන ජලාශවලද ජල මට්ටම උපරිම මට්ටමේ පවතින බව වාර්තා වේ. එසේම මාදුරු ඔය ජලාශයද උපරිම ජල මට්ටමේ පවතින බැවින් එම ජලාශය ද ඉදිරියේදී වාන් දැමීම සිදුවිය හැකි බව මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන සමහරක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව යළි පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කළාය. මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර…

Read More

දෙසැම්බර් මාසයේ ගත වු මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. දෙසැම්බර් මස පළමු වෙනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 93,031දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය. ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 21,156කි. ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීන ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 14 දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,196,624ක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් තුනක් සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ. පාර්ලිමේන්තුවේදී ඊයේ (17) නිවේදනය කරමින් ඒ මහතා මේ බව පැවසීය. ඒ අනුව, කථානායකවරයා සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත, ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් සඳහා මෙලෙස සිය සහතිකය සටහන් කර ඇත. සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ මූලික අරමුණ වූයේ 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනය කිරීම බව සඳහන් වේ. 2025.10.09 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත් 2025.12.05 දින පාර්ලිමේන්තුවේදී සම්මත කර…

Read More

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකළ බවය. එම විමර්ශනයේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණ වූ බව අදාළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ…

Read More

දෙමටගොඩ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් ඊයේ (17) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේය. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පසුගිය 16 වන දින දෙමටගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂක කුටිය අසල දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200ක් සමග පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් අදාළ පොලිස් නිලධාරියා දෙමටගොඩ පොලීසියට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු බවට සිදුකළ වැඩිදුර විමර්ශනලදී අනාවරණ වී තිබේ.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා සහ හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එස්. සී. මුතුකුමාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැකිරාව ආසනයේ සංවිධායකවරයා ලෙසද කටයුතු කර ඇති ජනක් මහේන්ද්‍ර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇති අතර, මියයන විය ඔහු 60 වන වියේ පසුවුණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික්ක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු නියෝජ්‍ය මුතුකුමාරණ මහතා ද කලක සිට රෝගී තත්ත්වයෙන් සිට ඊයේ සවස අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු අභාවප්‍රාප්ත ජනක් මහේන්ද්‍ර අධිකාරී මහතා සමඟ සමකාලීනව දේශපාලනයේ නියැලුන දේශපාලඥයෙකි. තලාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ බර්ටි…

Read More